Donald Trump ගේ මුස්ලිම් රටවල් 7 තහනමට, ඇමෙරිකානු විනිසුරුවරයෙකුගෙන් අතුල් පහරක්. (SBS සිංහල/වාර්තා)

ඉරාකය, සිරියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලින් ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමනිකයින් හට ඇමෙරිකාවට පැමිණීම තහනම් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් දින 90 ක වාරණ නියෝගයට එරෙහිව වොෂින්ටන් නුවර ඇමෙරිකානු මධ්‍යම අධිකරණයේ විනිසුරුවරයෙකු වන James L Robart විසින් වාරණ නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.

US Federal Judge James L Robart slams Trump’s Muslim Ban executive order.

Source: AFP

ඉරාකය, සිරියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලින් ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමනිකයින් හට ඇමෙරිකාවට පැමිණීම තහනම් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් දින 90 ක වාරණ නියෝගයක් පසුගිය සතියේ ලබා දෙන ලදී.

නමුත් එම තහනමට එරෙහිව වොෂින්ටන් නුවර ඇමෙරිකානු මධ්‍යම අධිකරණයේ විනිසුරුවරයෙකු වන James L Robart විසින් වාරණ නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.

මෙම වාරණ තීන්දුවත් සමග ඇමෙරිකානු දේශපාලනය උඩු යටිකුරු වී ඇති බවද වාර්තා වන අතර James L Robart නමැති විනිසුරුවරයා පිළිබඳ මේ වන විට ලොවම කතා බහ කිරීමට පටන් ගෙන ඇත.

ලෝක බලවතා වූ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විධායක තීන්දුවකට එරෙහිවී වාරණ නියෝගයක් පැනවීම ඊට හේතුව වී තිබේ.

නීතිඥයෙකු ලෙස වසර 30 ක් පමණ සේවය කළ මොහු මධ්‍යම අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ 2004 වසරේ ඇමෙරිකානු හිටපු ජනාධිපති George W Bush විසිනි.

මෙම තාවකාලික වාරණ නියෝගය සඳහා විනිසුරු James L Robart හට Minnesota ප්‍රාන්තයේද, Microsoft, Amazon සහ Expedia සමාගම් වල සහයෝගයද ලැබී තිබුණි.
James L Robart
Source: CNN

විනිසුරු James L Robart ගේ දැක්ම

පසුගිය සිකුරාදා (03/02)  මේ පිළිබඳ කරුණු විමසීමේදී විනිසුරු James L Robart විසින් ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුවේ නීතිඥ Michelle Bennett මෙසේ ප්‍රශ්න කළේය.

“සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉහත තහනම් කළ මුස්ලිම් රටවල් 7 න් ඇමෙරිකාවට මේ වන තෙක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේද?”

පසුව නීතිඥ Michelle Bennett, ඒ පිළිබඳ ඇය නොදන්නා බව පැවසුවාය.

“පිළිතුර, නැත යන්නයි.” ඉන් අනතුරුව විනිසුරු James L Robart පැවසුවේය.

“මෙම රටවල් වලින් සහ පුද්ගලයින්ගෙන් අපව ආරක්ෂා කරගත යුතු ලෙස ඔබ තර්ක කරන නමුත් ඒ සඳහා ඔබට සාක්ෂි නැහැ.” විනිසුරු James L Robart වැඩි දුරටත් පැවසුවේය.

Donald Trump උත්සාහය අත් නොහරියි.

ඇමෙරිකාවේ ආරක්ෂාව පතා ඉහත සඳහන් කළ මුස්ලිම් රටවල තහනම නැවත ප්‍රතිස්ථාපනය කරන බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.

“අප ජයග්‍රණය කරනවා. අපේ රටේ ආරක්ෂාව උදෙසා අප ජයග්‍රහණය කරනවා” යනුවෙන් Florida හි පිහිටි Mar-a-Lago resort හිදී Donald Trump මාධ්‍යවේදීන් හට පවසා තිබුණි.

මේ අතර විනිසුරු James L Robart තාවකාලික වාරණ නියෝගය හාස්‍යජනක තීන්දුවක් ලෙස  Donald Trump හඳුන්වා තිබුණි.

මෙම තීන්දුව හේතුවෙන් භයානක සහ අයහපත් පුද්ගලයින් ඇමෙරිකාවට ඇතුල්වීමට ඉඩකඩ සලසන බවත් එනිසා මෙය  භයානක තීරණයක් බවත් ඔහු තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණි.

සංක්‍රමණිකයින් ප්‍රතික්ෂේප කිරීම ඇමෙරිකානු ජනාධිපතිගේ ස්වෙරී භාවයේ පරමාධිපත්‍ය ලෙස එරට නීති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර තහනම නැවත පිහිටුවන ලෙස ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර ජනාධිපති Donald Trump, විනිසුරු James L Robart ගේ තීරණය දැඩි ලෙස විවේචනය කිරීම මෙම නඩුව තව තවත් දැඩි කරවන්නක් බව George Washington විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය Jonathan Turley පවසයි.

උසාවිය, ජනධිපතිවරයාගේ අධිකාරියට ගෞරව කරන නමුත් ජනාධිපතිවරයා උසාවියට ගෞරව නොකිරීම සැලකිය යුතු කරුණක් ලෙස ඔහු ප්‍රකශ කළේය.
Donald Trump vows to restore US travel ban
Source: Twitter

හැකි ඉක්මණින් තිබෙන වේගවත්ම ගුවන් යානයට ගොඩ වන්න.

ඇමෙරිකානු ජනාධිපති Donald Trump ගේ මුස්ලිම් රටවල් 7 තහනම් සංක්‍රමණික නියෝගය ට එරෙහිව විනිසුරු James L Robart තාවකාලික වාරණ නියෝගය හේතුවෙන් ඊට ප්‍රථම ඇමෙරිකාවට පැමිණීමට වීසා ලද ඉහත රටවල් 7 හි පුද්ගලයින් හට මෙම ලැබුණු අවස්තාවේදී හැකි ඉක්මනින් ඇමෙරිකාව තුළට පිවිසීමට හැකි බව වාර්තා වේ.

ඒ අනුව එවැනි පුද්ගලයින් හට තම සංක්‍රමණික කටයුතු ඉක්මණින් සිදු කරන ලෙස Dearborn  හා Michigan හි අරාබි - ඇමෙරිකානු සිවිල් හිමිකම් ලීගයේ අධ්‍යක්ෂ Rula Aoun උපදෙස් දෙයි.

Donald Trump ගේ නියෝගය හේතුවෙන් ඉහත රටවල් 7 හි බොහෝ පවුල් සාමාජිකයින් ට වෙන්වීමට සිදුවූ බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර සිරියාව ඇතුළු අනෙකුත් රටවල සරණාගතයින් ඇමෙරිකාවට ඇතුල් කරගැනීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

ඒ අනුව සඳුදා (06/02) දිනයේදී සරණාගතයින් පිරිසක් පැමිණෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.

මේ අතර ඇමෙරිකානු green card හිමියන්ට Donald Trump ගේ තහනම හේතුවෙන් අමෙරිකාවෙන් පිටතට යාමට හෝ ඇතුළට ඒමට නොහැකි වේවි යැයි යන ගැටලුව නිරාකරණය කරමින් ධවල මන්දිරය පැවසුවේ ඔවුන් සඳහා කිසිදු තහනමක් නොමැති බවයි.

Share
Published 5 February 2017 10:26pm
Updated 5 February 2017 10:32pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends