Donald Trump ගේ මුස්ලිම් රටවල් 7 වාරණය නිසා ලෝකයේ ගුවන් සේවා ද අසරණ වෙයි. (SBS සිංහල/වාර්තා)

ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල ගුවන් ගමන් බලපත්‍ර හිමි ගුවන් නියමුවන් ට හා ගුවන් සේවා කාර්යය මණ්ඩලයටද Trump ගේ මෙම නියෝගය හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වීම නිසා ඇමෙරිකාවට ගුවන් සේවා සපයන ගුවන් සමාගම් තම නියමුවන්ගේ හා ගුවන් යානා කාර්යය මණ්ඩල වල සේවා මුර ලැයිස්තු සකස් කිරීමේදී මහත් අර්බුදයකට පත් වී ඇත.

Hundreds demonstrate at the Tom Bradley International Terminal at LAX

Hundreds demonstrate at the Tom Bradley International Terminal at LAX Source: AP

ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් මුස්ලිම් රටවල් 7 ක සංක්‍රමණිකයන් හට දින 90 ක කාලයක් පුරාවට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය හේතුවෙන් ගුවන් සේවා වල සේවය කරනු ලබන ගුවන් නියමුවන්ට හා ගුවන් යානා කාර්යය මණ්ඩලයටද මෙය දැඩි ලෙස බලපා ඇති බව වාර්තා වේ.

ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල ගුවන් ගමන් බලපත්‍ර හිමි ගුවන් නියමුවන් ට හා ගුවන් සේවා කාර්යය මණ්ඩලයටද Trump ගේ මෙම නියෝගය හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වීම නිසා ඇමෙරිකාවට ගුවන් සේවා සපයන ගුවන් සමාගම් තම නියමුවන්ගේ හා ගුවන් යානා කාර්යය මණ්ඩල වල සේවා මුර ලැයිස්තු සකස් කිරීමේදී මහත් අර්බුදයකට පත් වී ඇත.

මීට අමතරව මෙම වාරණය ඉහත රටවල පුරවැසිභාවය ලබාගෙන සිට තවත් රටක පුරවැසිභාවය ඇති පුද්ගලයින් හටද වලංගු වන අතර ඔස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසිභාවය හිමි අයද එම ගණයට ඇතුලත් වේ.

මෙලෙස තම ගුවන් නියමුවන්ගේ හා ගුවන් සේවා කාර්යය මණ්ඩලයේ සේවා මුර Dubai මූලික කරගනිමින් ක්‍රියාත්මක වන Emirates ගුවන් සේවාවට ඉතා ඉක්මණින් වෙනස් කිරීමට සිදුව ඇති අතර ඊට හේතුව වී ඇත්තේ Emirates ගුවන් සේවය දිනකට ඇමෙරිකාවේ නගර 11 ට තම ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බැවිනි.

ඇමෙරිකාවේ නව නීති වලට අනුව තම ගුවන් සේවයේ සියලු කටයුතු සංශෝධනය කළ බවත් Emirates ගුවන් සේවය සුපුරුදු පරිදි නොකඩවා ඇමෙරිකාවට තම ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවත් එහි විශේෂ නියෝජිතවරියක් Reuter පුවත් සේවයට පවසා ඇත.
Emirates Airlines
Source: Flickr

නියෝගයට අනුකූල වීමට කල් මදි බව ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමය පවසයි.

කෙසේවෙතත්, ඇමෙරිකානු ජනාධිපතිගේ මෙම හදිසි නියෝගය පසුගිය සිකුරාදා නිකුත් කළ බැවින් එයට වාණිජ ගුවන් කර්මාන්තයට සූදානම් වීමට කාලයක් නොමැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමය පවසා තිබේ.

ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමයේ සේවකයින් මෙම තත්තවය සමතුලිත කිරීමට සති අන්තයේ පවා සේවය කළ නමුදු තවමත් නොවිසදුනු ගැටළු කිහිපයක්ම ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය ලෝකයේ ගුවන් සේවා වලට ව්‍යාකූල තත්ත්වයක් සහ එහි මෙහෙයුම් වලට හිසරදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ස්වාධීන ගුවන් නියමු උපදේශක  John Strickland පැවසීය.

ඇමෙරිකානු ජනාධිපති ගේ මෙම වාරණය හේතුවෙන් ලොව පුරා ගුවන් තොටුපොළ වලින් ඇමෙරිකාවට ගමන් කිරීමට අපේක්ෂා කළ වාරණයට ලක්වූ රටවල ගුවන් මගීන් ගුවන් යානා වලින් නැවත ගොඩ බස්වා ඇති බවත් අමෙරිකාවෙන් පිටතට යාමට සූදානම් වූ වාරණයට ලක්වූ රටවල ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ව ඇමෙරිකාව තුළ රඳවා ගැනීමක්ද සිදුවූ බව වාර්තා විය.

මේ සිද්ධීන් නිසා ඇමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් ආශ්‍රිතව පසුගිය දින කිහිපය පුරාවටම විරෝධතා පැවැත්වුණි.

වාරණයට ලක්ව ඇති රටවල හා ඔස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට මේ තත්ත්වය නිසා තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඇති අපහසුතා සහ තම හිත මිත්‍රාදීන් බැලීමට යාමට නොමැතිවීම පිළිබඳව දුක්මුසුව අදහස් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, ප්‍රථමයෙන් Green Card පත් හිමියන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි දෙකොටසම මෙම වාරණයට මුහුණ දිය යුතු බවට අපැහැදිලිතාවක් තිබූ නමුත් වාරණයට ලක්ව තිබෙන රටවල Green Card පත් හිමියන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට අවසර ඇති බව දේශීය ආරක්ෂාව පිළිබඳ ඇමෙරිකානු ලේකම් John Kelly මේ වන විට ප්‍රකාශ කර තිබේ.

මේ අතර තම ගුවන් සේවා භාවිත කරමින් ඇමෙරිකාවට ඇතුළු වීමට අපේක්ෂිත ගුවන් මගීන් හට ඒ සඳහා Green Card පත් හෝ රාජ්‍ය තාන්ත්‍රික වීසා තිබිය යුතු බව පවසමින් Emirates, Etihad සෑහ Qatar ගුවන් සේවා මේ වන විට තම වෙබ් අඩවි යාවත්කාලීන කර ඇත.

මීට අමතරව මෙම වාරණය හේතුවෙන් ලෝකයේ ගුවන් සේවා වලට දැඩි ආර්ථික පාඩු දැරීමටද සිදුව ඇති බව පැවසේ.

උදාහරණයක් ලෙස, 2015 වසරේදී ඉරානයේ සිට ඇමෙරිකාවට පුද්ගලයින් 35,000 ක් පමණ ගමන් කළ බව ඇමෙරිකාවේ දේශීය ආරක්ෂණ දෙපතමෙන්තුවේ දත්ත පෙන්වා දෙයි.

Share
Published 30 January 2017 10:52pm
Updated 30 January 2017 11:01pm
By Madhura Seneviratne


Share this with family and friends