ඔස්ට්‍රේලියාවේ සිසුන්ට කලින් ගුරුවරු අසමත් වෙයි : ඉගැන්වීමට කලින් මුහුණ දිය යුතු අනිවාර්ය පරීක්ෂණයෙන් නවක ගුරුවරු අසමත් වෙයි.(SBS සිංහල/වාර්තා)

ගුරුවරුන් සඳහා භාෂා දැනුම සහ ගණිතමය කුසලතාවන් මැනීම සඳහා පවත්වනු ලබන මෙම පරීක්ෂණය සාර්ථකව සම්පූර්ණ නොකළ ද නවක ගුරුවරුන් 5% කට හෝ 150 කට පමණ අනියම් ලියාපදිංචියක් ලබා දී ඇති බව Victorian Institute of Teaching හි ප්‍රධාන විධායක Melanie Saba තහවුරු කළාය. නමුත් වාර්තා වන තොරතුරු වලට අනුව එම ප්‍රමාණය ඊට වඩා ඉහළ වේ.

New teachers fail to meet literacy and numeracy test

Source: Flickr

වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසල් පන්ති කාමර වල ඉගැන්වීමට ලියාපදිංචි වූ නවක ගුරුවරු 20 දෙනෙකුගෙන් අවම වශයෙන් එක් අයෙකු හෝ මූලික භාෂා දැනුම සහ ගණිතමය කුසලතාවන් මැනීම සඳහා පවත්වනු ලබන අනිවාර්ය පරීක්ෂණයෙන් අසමත් වී හෝ සම්පූර්ණ නොකර ඇති බව වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ මිලියනයක් පමණ වූ දරුවන් 2017 වසරේ ප්‍රථම වාරයේ ආරම්භ වීමත් සමග මෙම සතියේ පාසල් යාමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ පළමු ශ්‍රේණියේ දරුවන්ගේ භාෂා දැනුම සහ ගණිතමය කුසලතාවන් මැනීම සඳහා අනිවාර්ය පරීක්ෂණයක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව මෙම සතිය මුලදී වාර්තා විය. එනමුත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතැම් ගුරුවරුන්ද එම අංශ සඳහා අසමත්කම් දක්වන බව පෙනී යන හෙයින් එම පරීක්ෂණය දරුවන්ට ප්‍රථම ගුරුවරුන්ට හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව පැවසේ.

ගුරුවරුන් සඳහා භාෂා දැනුම සහ ගණිතමය කුසලතාවන් මැනීම සඳහා පවත්වනු ලබන මෙම පරීක්ෂණය සාර්ථකව සම්පූර්ණ නොකළ ද නවක ගුරුවරුන්  5% කට හෝ 150 කට පමණ අනියම් ලියාපදිංචියක් ලබා දී ඇති බව  Victorian Institute of Teaching හි ප්‍රධාන විධායක Melanie Saba තහවුරු කළාය.

නමුත් වාර්තා වන තොරතුරු වලට අනුව එම ප්‍රමාණය ඊට වඩා ඉහළ වේ.

සිසුන්ට ඉගැන්වීමේදී මෙමෙ භාෂා සහ ගණිතමය හැකියාවන් පරීක්ෂා කරනු ලබන පරීක්ෂණය පසුගිය ජූලි මාසයේ සිට අනිවාර්ය කළ අතර එමගින් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක භාවයද ඉහළ යන බවට විශ්වාස කෙරේ.

කෙසේවෙතත්, ඉහත සඳහන් කළ අනියම් ලියාපදිංචිය ලැබූ ගුරුවරුන් එසේ ලියාපදිංචිය ලැබීමට විශේෂ හේතු සහිත වුවන් වන නමුත් ඔවුන් මාස 6ක් ඇතුළත එම පරීක්ෂණය සාර්ථකව සම්පූර්ණ කළ යුතු බව Melanie Saba පැවසුවාය.

එම කොන්දේසිය පරීක්ෂණය අසමත්වූ ගුරුවරුන් හටද සෞඛ්‍ය සහ පවුලේ ගැටළු හේතුවෙන් පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකිවූ අයටද අදාළ වේ.

එම අයදුම්කරුවන් ලියා පදිංචිය සඳහා පරීක්ෂණය හැරුණු කොට අනෙකුත් අවශ්‍යතාවන් සියල්ලම සම්පූර්ණ කර තිබෙන බව Saba පැවසුවාය. අදාළ අවශ්‍යතාවන් සම්පූර්ණ වනවා දැයි ප්‍රත්‍යක්ෂ කරගැනීමට Victorian Institute of Teaching ආයතනය මෙම උපාධිධාරීන් සමග සමීපව කටයුතු කරන බවද ඇය පැවසුවාය.

මේ අතර, වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලු ගුරුවරුන් පන්ති කාමර වල ඉගැන්වීමට ප්‍රථම මෙම පරීක්ෂණය සමත් විය යුතු බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පවසයි.

නමුත් මෙම ගෙවී යන සංක්‍රාන්ති සමයේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ අනියම් ලියාපදිංචිය ලැබූ ගුරුවරුන් හට මාස 6 ක කාලයක් තුළ මේ පරීක්ෂණය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දී ඇති බවද ඔහු පැවසීය.

මේ අතර මෙම පරීක්ෂණය ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුළ මෑතකදී පටන් උපාධි පාඨ මාලා වලට හඳුන්වා දී ඇති බව අධ්‍යාපනවේදී පාසලේ ප්‍රධානී හා Victorian Council of Deans of Education  හි සභාපතිනි මහාචාර්ය Christine Ure පැවසුවාය.

එම උපාධිය හදාරන සිසුන් 2017 ට පෙර එම පාඨ මාලා ආරම්භ කර ඇතිනම් ඔවුන්ට එම විශේෂ අවසරය හිමිවන බව ඇය පෙන්වා දෙයි.

පන්ති කාමරයේ ඉගැන්වීමට මෙම ගුරුවරු සුදුසු දැයි කියා මැනීමට මෙම පරීක්ෂණය යොදාගන්නා අතර මෙවැනි අනියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ පරීක්ෂණයට සෞඛ්‍ය හෝ පවුලේ ගැටළුවක් නිසා සහභාගී වීමට නොහැකිවූ සිසුන් හට බව වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය James Merlino පැවසීය.

කෙසේවෙතත්, මෙම පරීක්ෂණයෙන් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව වැඩි දියුණු කරන කිසිවක් සිදු නොකරන බව ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් සභාපති Correna Haythorpe පැවසුවාය.

භාෂා සහ ගණිතමය හැකියාවන් සඳහා ඉහළම 30% අතර සිටින සිසුන් අධ්‍යාපනවේදී උපාධිය සඳහා බඳවාගැනීමට විශ්ව විද්‍යාල උනන්දු කරවිය යුතු බව මධ්‍යම රජයේ අපේක්ෂාව වේ.

ඒ අනුව මෙම අනිවාර්ය පරීක්ෂණය ඔවුනට ඉතා පහසුවෙන් උපරිම වාර 3 කදී සම්පූර්ණ කළ හැකිවේ.

එම පරීක්ෂනයේ ඇති ප්‍රශ්න පහත ආකාරයේ ඒවා වේ.

  • The weight of a box of stationery is 3.2 kilograms. What is the weight of 100 such boxes?
  • And which of the following words has the closest meaning to "explicit"?
     A) extensive, B) simple, C) hands-on or D) clearly stated.

Share
Published 31 January 2017 11:48pm
Updated 1 February 2017 12:34pm
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends