TNA පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන් ඝාතන තැත පිලිබඳ නොර්වේ නිහඬයි (SBS සිංහල / වාර්තා)

Sumanthiran

Source: Wikipedia


ගෙවී ගිය ජනවාරි මස දෙමල ජාතික සන්ධානයේ (TNA ) හි පාර්ලිමේන්තු මන්ත්‍රී M. A. Sumanthiran ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධව නොර්වේ ජාතිකයන් හෝ නොර්වේ හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා  පිළිබඳව නොර්වේ තානාපති කාර්යාලය අදහස දැක්වීමෙන් වැළකී සිටිනවා. Megapolis හා බටහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක චෝදනා කර ඇති ආකාරයට නීතීඥ  සුමන්තිරන් යාපනයේ කල සංචාරයක් අතරතුරදී ඝාතනය කිරීමට නොර්වේ හි LTTE හිතවාදී දෙමල ඩයස්පෝරා කණ්ඩායම් වලට සම්බන්ධ අය  සංවිධානය කල බවයි  පැවසෙන්නේ .

මේ පිළිබඳව THE ISLAND පුවත් පත නෝර්වීජියානු තානාපති කාර්යාලයෙන් විමසීමට බදාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා උත්සහ කලද එය නිෂ්පල වී ඇති අතර එම email වලට තානාපති කාර්යාලයේ පිළිතුරු ලබා නොදුන් අතර මාධ්‍ය වලට අදහස් දක්වන නිලධාරීන් තානාපති කාර්යාලයේ නොවීය. තානාපති කාර්යාල The Island සංස්කාරකවරයාගේ ජංගම දුරකතනයට අමතීමෙන්ද වැළකුණි. පසුගිය රජය විසින් වසර 2009 දී  LTTE ය පරාජය කිරීමට පෙර 2002-2006 සමයේ නොර්වේ විසින් ශ්‍රී ලංකාවේ අර්බුධය සාකච්චා මාර්ගයෙන් විසදීමට උත්සහ කලද එය සාර්ථක නොවීය.

පොලිස් ආරංචි මාර්ග වලට අනුව සුමන්තිරන් මහතා ගේ ඝාතන තැතට සම්බන්ධ යයි පැවසෙන LTTE සංවිධානයේ හිටපු සාමාජිකයන් පස් දෙනෙකු පොලිස් Terrorist Investigation Division (TID) විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් පෙබරවාරි මස 13 වැනිදා කිලිනොච්චි  මහේස්ත්‍රාත් අධිකරනයට් ඉදිපත් කිරීම නියමිතව තිබිණි.

2009 යුධ්දය අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන් සියලු දෙනාම උතුරු පළාතේ  හමුදා පුනරුත්තාපන ම්ධ්‍යස්තානයක පුනුරුත්තාපනය වී ඇති බවද සඳහන්. නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් විසින් මෙම පුද්ගලයන් පස් දෙනා කිලිනොච්චි මහේස්ත්‍රාත් හා දිස්ත්‍රික් විනිසිරු A.A. Anandarajah ඉදිරියට ජනවාරි 20 වැනිදා ඉදිරිපත් කර පෙබරවාරි 13 වැනිදා විමර්ශන ආරම්භ වෙන තුරු රිමාන්ඩ් භාරයට ගෙන තිබේ.

මෙම අපරාධ තැත වෙනුවෙන් හිටපු LTTE සාමාජිකයෙකුට මුදල් ලබා දීමට සැරසුන විට ඔහු විසින් මේ පිළිබඳව පොලීසියට දන්වා ඇති අතර එමගින් උතරු පළාතේදී හා ත්‍රිකුණාමල  දිස්ත්‍රික්කයේ දි මෙම අත්අඩංගුවට  ගැනීම හා ඔවුන් සතුව තිබී ක්ලේමෝ බෝම්බයක්ද, කෙරල ගංජා ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් පවසා ඇත්තේ තමා ඝාතන තැත නැවත LTTE ය හිස එසවීමෙක් ලෙස නොසැලකිය යුතු බවයි.
ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසා ඇත්තේ මෙම කරුණ පිළිබඳව හෙළිව ඇති තොරතුරු වලට වඩා යමක් ප්‍රකාශ කිරීමට නොමැති බවයි. ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ ඔවුන් නීතිමය කරුණු පිලිබඳ ප්‍රකාශ නොකරන බැවින් මේ පිලිබඳ අදහස් දැක්වීමට නොහැකි බවයි.
මේ පිලිබඳ ඉදිරි විමර්ශන සඳහා විදේශ රජයන්හි සහාය ලබා ගැනීමට සුදානම් බව විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිශිනි කොලොන්න පවසයි. මෙම සැකකරුවන්ට චෝදනා එල්ල කර ඇත්තේ මත්ද්‍රව්‍ය හා පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීම පිළිබඳව මිස ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA ) යටතේ නොවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA ) ඉවත් කිරීම පිලිබඳ යුරාපා සංගමයේ රටවල් කිහිපයක් සමග රජය සාකච්චා කරමින් සිටින සමයක වීමද විශේෂත්වයක්.

Share
Published 3 February 2017 6:37am
Updated 3 February 2017 4:21pm
By Charitha Adikari


Share this with family and friends