"ඇමරිකානු ජනධිපති සංක්‍රමණිකයින්ට සහ සරනාගතයින්ට තහංචි පැනවීම පිලිබදව අදහස් පළකිරීම මගේ කාර්ය භාරයක් නොවෙයි" - ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්

Australian Prime Minister Malcolm Turnbull

PM Malcom Turnbull has used his 2017 New Year message to warn terrorists and extremists. (AAP) Source: AAP

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රමණිකයින්ට සහ සරනාගතයින්ට තහංචි පැනවීම පිලිබදව අදහස් පළකිරීම තම කාර්ය භාරයක් නොවන බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි. මුස්ලිම් රටවල් 7ක  සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා විශේෂ නියෝගයක් නිකුත් කල අතර, ඒ සදහා ඇමරිකාව තුල සහ ඇමරිකාවෙන් පිටතද විශාල විරෝධයක් එල්ල වෙමින් තිබේ. මේ සදහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයාද විරෝධය පලකල යුතු බව සමහර පාර්ශව සදහන් කර තිබුනත් අගමැති ටර්න්බුල් පවසන්නේ එය ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති පිළිබද තීරණයක් නිසා තමන් ඒ පිලිබදව මත පළකිරීමෙන් වැලකී  සිටිය යුතු බවයි.

මෙම තාවකාලික තහනම කැනේඩියානු පුරවැසියන්ට අදාල නොවන බව කැනඩාව ප්‍රකාශ කර ඇති අතර, බ්‍රිතාන්‍ය පවසන්නේ තම පුරවැසියන්ටද මෙම තාවකාලික තහනම අදාල නොවන බවයි. ඉරානය, ඉරාකය , ලිබියාව , සෝමාලියාව , සුඩානය , සිරියාව සහ යේමනය යන මුස්ලිම් රටවල සංක්‍රමණිකයින්ට මේ වන විට ඇමරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති අතර, මේ රටවල උපත ලද ඕස්ට්‍රේලියානුවන් 110,000 කට අධික පිරිසක් සිටින බව මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඉහත රටවල ද්විත්ව පුරවැසි භාවය හිමි ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට කිසිදු ගැටලුවකින් තොරව ඇමරිකාවට ඇතුළුවීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන්. මීට  පෙර ඇමරිකාවට ඇතුළුවීමට ඉලෙක්ට්‍රොනික් වීසා හෙවත්, ESTA (Electronic System for Travel Authorisation) හිමිවී ඇති සමහරක් ඕස්ට්‍රේලියනුවන්ගේ  වීසා  ද මෙම නව නීතිය  සමගින් අවලංගු වීමට ඉඩ ඇති බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම නව නියෝග අනුව, සරණාගතයින් හට ඇමරිකාවට ඇතුළුවීම දින 120ට සම්පුරණයෙන් තහනම් කර ඇති බව සදහන්.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය තෙරේසා  මේ, ජරමානු චාන්සලර් Angela Merkel, ප්‍රංශ ජනාධිපති Francois Hollande, ඉතාලි අගමැති Paolo Gentiloni ඇතුළු රාජ්‍ය  නායකයින් රැසක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය විවේචනය කර තිබේ.

ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නියෝජ්‍ය  නායිකාව Tanya Plibersek පවසන්නේ රජය මේ සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට පැහැදිලි පිළිතුරක් ලබාදීම වැදගත් බවයි. තවද අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් මේ සම්බන්දයෙන් සමස්ත ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම වැදගත් බව විපක්ෂ නායක බිල් ශෝටන් ප්‍රකාශ කර තිබේ.


Share
Published 31 January 2017 6:48am
Updated 31 January 2017 6:58am
By Sanjaya Dissanayake


Share this with family and friends