පාසල් දරුවන් අතට ජංගම දුරකතන ලබාදීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු. (SBS සිංහල/වාර්තා)

school kid

Source: ABC Australia

මේ සතියේදී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල පාසල් නැවත ආරම්භ වන නිසා අපි දන්නවා බොහෝ දරුවන් අතට ජංගම දුරකථන ලැබෙන බවට. විශේෂයෙන්ම තනිවම පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන දරුවන් ළඟ. ආරක්ෂාව සඳහා දරුවන්දෙ, මාපියන් දෙගොල්ලන්ටම මෙය සහනයක් . සයිබර් විශේෂඥයන්ද එයට විරුද්ධ වන්නේ නැහැ. නමුත් මෙහිදී අපි සැලකිලිමත් විය යුත්තේ කෙසේද? 

පාසල් වල ජංගම දුරකථන භාවිත කල හැකිද ?

පාසල අනුව මෙම නීති වෙනස් වේ. පාසල් වේලාවන්හි ලොකර් වල තැබීම හෝ දරුවන් අත ඒවා තබා ගත හැකි වේ.නමුත් පාසල් වේලාවන්හි ඒවා පාවිච්චි කල නොහැක. බටහිර ඕස්ට්‍රේලියාවේ පාසල් ගුරු සංවිධානයේ සභාපති Pat Byrne පවසන්නේ දරුවන් එසේ කල විට ගැටළු මතු වන බවයි. 

දරුවන් හා ජංගම දුරකථන නිසා ඇති වන ගැටළු


-අන්තර්ජාල ආරක්ෂාව 
-data නිසා වන අධික ගාස්තු 
-අවසර නැතිව චායාරුප ගැනීම 
-විවිද අන්තර්ජා ල හැසිරීම් 
-පාසල් ක්‍රියා දුරකථන මගින් විසදීමට තැත් කිරීම.
 
Byrne මහත්මිය පවසන්නේ නොදැනුවත්ව අනුන්ගේ චායාරුප ගැනීම බෙදා හැරීම තුලින් දරුවන් නීතිය කඩ කිරීම් සිදු කල හැකි බව.

දුරකථන භාවිතයේ හොඳ පුරුදු

අන්තර්ජාල ආරක්ෂා උපදේශක Robyn Treyvaud පවසන්නේ දෙමාපියන් විසින් දරුවන් සමග සයිබර් ආරක්ෂාව වගේම අන් යට ගරු කිරීම ගැනත් කතා කල යුතු බවයි. සැබෑ ජීවිතයේදී අන් අයට කරුණාව දක්වන්න සේම සයිබර් අවකාශයෙදීත් කරුණාව දැක්වීමට දරුවන්ට පුරුදු කල යුතු බවයි. Robyn Treyvaud පවසන්නේ දෙමාපියන් බොහෝ විට තාක්ෂනය් පිලිබඳ පමණක් අවධානය යොමු කරන බවත් දරුවන්ගේ මානසිකත්වය පිලිබඳ නොසලකන බවයි. සම විටම නව තාක්ෂණික උපාංග, සමාජ වෙබ් අඩවි ඇති වන හෙයින් දරුවන්ගේ මානසිකත්වය මෙහිදී සලකා බැලිය යුතුයි. 

දරුවන්ට දුරකථන පිලිබඳ පාලනය කරන අයුරු


Robyn Treyvaud පවසන්නේ පාසල් ආරම්භ වීමත් සමග දෙමාපියන්ට කෙටි පණිවිඩ එවිය හැකි වේලාවන් සහ පාසලේ එය භාවිතා කිරීමේ නීති පිලිබඳ දැනුවත් කළ යුතුයි.බොහෝ විට දරුවන් මිතුරන් සමග ප්‍රශ්න ඇති විට හෝ දිවා ආහාරය අමතක වූ විට දෙමාපියන් දුරකතනයෙන් අමතනවා. එසේම දෙමාපියන්ද සම විටම දුරකතනයේ එල්ලී දරුවන් හා ගනුදෙනු නොකළ යුතු බවත් ඈ පවසනවා . පිහිනුම් තටාකයට ගිය විටත් දුරකතනයට නෙත් යොමු කරගෙන සිටින නිසා ඒ පිළිබඳව දරුවන්ට ආදර්ශයක් වන ලෙස කටයුතු කල යුතු බවයි. 
මේ පිලිබඳ දැනුවත් වීමට දෙමාපියන්ට commonsensemedia.org වෙබ් අඩවියට පිවිසෙන්න

TAFE ආචාර්ය වරියක් වන Sandy පවසන්නේ පන්ති කාමරයේ ඉගැන්වීම් වලට ජංගම දුරකථන භාධාවක් වන බවයි. සමහර දරුවන් දුරකථනය නිසා පාඩම් අතපසු කරන නිසා අඩු ලකුණුද ලබා ගන්නවා. TAFE යනු වැඩිහිටි දරුවන් සිටින පන්ති නිසා එසේ දුරකථන භාවිතය පාලනය කිරීම අපහසු බවයි ඈ පවසන්නේ.

Share
Published 1 February 2017 7:24am
Updated 1 February 2017 12:17pm
By Charitha Adikari
Source: ABC Australia


Share this with family and friends