ඔස්ට්‍රේලියාවේ ගෑස් මිල ගණන් ඉහළ යන ලකුණු. බලශක්ති අර්බුදයක් අත ළඟද ? (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත, ගෑස් සමබන්ධ වැඩි දුර ගවේෂණය නොකළහොත් ඉදිරියේදී ප්‍රධාන විදුලිය හා ගෑස් හිඟයක් ඇති වන බව මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍යවරයා පවසයි.

Gas prices will rise and there's not much we can do to stop it

Gas prices are rising Source: SBS

ඊයේ (09/03) දිනයේ සිට ගෑස් පිළිබඳ සමස්ත ඔස්ට්‍රෙලියාවේම කතා බහ වන්නට පටන් ගෙන ඇත්තේ විදුලි වේගයෙනි.

ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ගෑස් මිල ඉහළ යන බවටත් ඒ හේතුවෙන් සෑම ප්‍රාන්තයකම පාහේ බලශක්තිය බිඳ වැටීමක් සිදු වන බවටත්  පුවත් පළ වන්නට විය.

නමුත් මෙම අර්බුදය විසඳන්නට දැනට ඔස්ට්‍රේලියානු රජයේ පොදු විසඳුම ලෙස ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය න්‍යාය යොදාගැනීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

එනම් ඉල්ලුමට සරිලන සැපයුමක් සැපයීමෙන් ගෑස් වෙළෙඳ පොළෙහි අර්බුදය සමතයකට පත් කිරීම වේ.

ඒ සඳහා coal seam gas හෙවත් CSG යනාදී අසම්මත ගෑස් සමබන්ධයෙන් ප්‍රාන්ත රජයන් අනුගමනය කරන සීමාවන් ලිහිල් කර මුළු ගෑස් නිෂ්පාදනය ඉහළ දැමීම රජයේ යෝජනාව වේ.

අපට ගෑස් හිඟයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව ලෙස ජපානයට, කොරියාවට සහ චීනයට තොග පිටින් ගෑස් අපනයනය කිරීම දැක්විය හැකිය.

මේ වන විට ද්‍රව ගෑස් අපනයන කර්මාන්ත ශාලා 7ක් පවතින අතර ඉක්මණින්ම එම ප්‍රමාණය 10 ක් බවට පත් වනු ඇත.

වසර 6ක් ඇතුළත ඔස්ට්‍රේලියාව තම ගෑස් නිෂ්පාදනය දෙගුණයක් කිරීමට අවශ්‍ය වේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව 2014 වසරේ ඔස්ට්‍රේලියාව නිෂ්පාදනය කළ මුළු ගෑස් ප්‍රමාණය පෙටාජූල් 2462 ක් වේ.

2015 වසරේ ANZ දත්ත විමර්ශනයට අනුව 2020 වන විට අපේක්ෂිත ගෑස් අපනයනය සම්පූර්ණ කිරීමට එම ප්‍රමාණයෙන් තවත් 50% ක නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු වේ.

ගෘහස්ත ගෑස් පරිභෝජනය එලෙසම පැවතියද අපනයන සහ දේශීය අවශ්‍යතා සඳහා මෙලෙස ගෑස් නිෂ්පාදනය වැඩි කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.
Domestic gas consumption and LNG exports
Domestic gas consumption and LNG exports Source: Department of Industry, Innovation and Science
ගෑස් නිෂ්පාදනය ඉහළ දැමීමේ ප්‍රධාන නියමුවා ලෙස බටහිර ඔස්ට්‍රේලියාවේ වයඹ දිග වෙරළේ ඔස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි ගෑස් නිධිය සැළකේ.

නමුත් ගෑස් අපනයනය වැඩි වශයෙන් රඳා පවතින්නේ Gladstone සහ උතුරු මැද ක්වීන්ස්ලන්තයේ පිහිටි ද්‍රව ගෑස් කර්මාන්ත ශාලා ද්විත්වය මත බව ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත, ගෑස් සමබන්ධ වැඩි දුර ගවේෂණය නොකළහොත් ඉදිරියේදී ප්‍රධාන විදුලිය හා ගෑස් හිඟයක් ඇති වන බව මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍යවරයා පවසයි.

ලබන වසරේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ බලශක්ති හිඟයක් ඇතිවන බවත් ඉන් අනතුරුව 2021 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයට එම තත්ත්වය උදා වන බවත් Australian Energy Market Operator අනතුරු අඟවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ වික්ටෝරියානු ප්‍රාන්තය වැනි ප්‍රාන්ත coal-seam gas ගවේෂණයට පනවා ඇති තහංචි ලිහිල් කළ යුතු බව ඔස්ට්‍රේලියානු බලශක්ති හා පාරිසරික අමාත්‍ය Josh Frydenberg, ABC පුවත් සේවයට පැවසීය.

මේ වන විට ක්වීන්ස්ලන්තයේ ද්‍රව ස්වභාවික ගෑස් කර්මාන්ත ශාලා වල ගෑස් නිෂ්පාදනය වෙමින් පවතින අතර මිල ගණන් සම්මතවූ සැනින් ඒවා අපනයනය කිරීමට සූදානම් බව සැළවේ.

එය ඩොලර් සහ අවබෝධය අතර සමීකරණයකි.

විදේශ මිල ගණන් ඍණ සැකසුමක පවතින විට සහ ගෘහස්ත මිල ගණන් වලට වඩා නැව් ගාස්තු වැඩි නම් ගෑස් අපනයනය කෙරේ.

ගෑස් මිල ගණන් පහළ යන එකම අවස්තාව වනුයේ ද්‍රව ස්වභාවික ගෑස් කර්මාන්ත ශාලා වල ගෑස් අතිරික්තයක් පැවතියහොත් පමණි.

ඔස්ට්‍රේලියානු කර්මාන්ත වලට මෙය තරගකාරී පීඩනය සඳහා තවත් එක් දුෂ්කර හැඳින්වීමක් බව පැවසේ.

දශක ගණනාවක පටන් ඇඳුම් පැළඳුම් සහ විදුලිය උපකරණ වැනි අයිතමයන් අඩු මිලට භුක්ති විඳි පාරිභෝගික ජනතාවට මෙම සංසිද්ධිය ගෝලීයකරණය සෑම විටම හොඳම දේවල් සමීප නොකරන බවට කදිම නිදසුනක් බව ද පෙන්වයි.

Share
Published 10 March 2017 12:30pm
Updated 10 March 2017 5:23pm
By Madhura Seneviratne


Share this with family and friends