ඔස්ට්‍රේලියාවේ ක්ෂණික ආහාර සමාගම් වලට 457 වීසා යටතේ විදේශීය ශ්‍රමිකයින් හට අනුග්‍රහය සැපයීම තහනම් කෙරේ. (SBS සිංහල/වාර්තා)

මේ වන විට 457 වීසා ඛාණ්ඩය යටතේ සේවය කරන පුද්ගලයින් ගේ ගිවිසුම් කාලය නිමවූ පසු ඔවුන්ට ඔස්ට්‍රේලියාව හැර යන ලෙසට බල කරන අතර යම් පුද්ගලයෙකු නොකඩවා අදාළ සමාගමේ රඳවාගතහොත් අදාළ සමගම විසින් එයට සාධාරණ හේතු දැක්විය යුතු බවද රජය පවසා තිබේ.

Fast food chains lose 457 visa shortcut for foreign workers

Fast food chains lose 457 visa shortcut for foreign workers Source: SBS

McDonalds සහ KFC යනාදී ක්ෂණික ආහාර සමාගම් සඳහා ඔස්ට්‍රේලියානු තාවකාලික වීසා යටතේ විදේශීය සේවකයින් හට අනුග්‍රාහකත්වය සැපයීම (457 වීසා ඛාණ්ඩය යටතේ) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අත් හිටුවා තිබේ.

“ඔස්ට්‍රේලියානු සේවකයින්ට, විශේෂයෙන්ම තරුණ ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි.” ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ඊයේ (02/03) පැවසුවේය.

2012 වසරේදී ජූලියා ගිලාඩ් අගමැතිව සිටි සමයේ ඔස්ට්‍රේලියාවේ ක්ෂණික ආහාර කර්මාන්තයට විදේශීය සේවකයින්ව අනුග්‍රාහකත්වය සපයා සේවයට ගැනීමට ඉඩ සලසා දුන් නමුත් ඒ සියල්ල දැන් නිමා කළ බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

ඔස්ට්‍රේලියාවේ රැකියා අනාගතයෙහි වෙනස්කම් පිළිබඳ බලපෑම Peter Dutton විසින් අතිශෝක්තියකින් යුතුව ප්‍රකාශ කරන බව කම්කරු පක්ෂයේ රැකියා පිළිබඳ නියෝජිත Brendan O'Connor පැවසීය.

“අවම විරැකියා තත්ත්වයක් ඇති සමයේ ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ කළමනාකරණ අවස්ථා හා නිපුනතා අවස්ථා සඳහා 457 වීසා සීමා සහිත ප්‍රමාණයක් තිබෙන්නට ඇති. ඔහු ඒ සඳහා නැඹුරු වෙනවා නම් ගැටළුවක් නැහැ.” Brendan O'Connor වැඩි දුරටත් පැවසීය.

Peter Dutton නියම තත්ත්වය වරදවා විස්තර නොකළ යුතු බවද ඔහු පැවසීය.

Daily Telegraph පුවත් පතට අනුව මෙම ක්‍රියාවලිය මගින් විදේශීය සේවකයින් 500 දෙනෙකු පමණ ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙන බව සඳහන්.

අඩක් පුහුණුවූ සේවකයින් මෙවැනි ගිවිසුම් මගින් ආවරණය නොවන බව Peter Dutton අමාත්‍යවරයා ඊයේ (02/03) කැන්බරා නුවර පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අඩක් පුහුණුවූ ශ්‍රමිකයින් හට ඔස්ට්‍රේලියාවේ තාවකාලික රැකියා වීසා ලබා ගැනීමට තිබෙන එකම මාර්ගය මෙම ක්ෂණික ආහාර ක්ෂේත්‍රය බවද පැවසේ.

මීට අමතරව ඇතැම් අවන්හල්, ධීවර, මස්, කිරි, සහ හිම ක්‍රීඩා සහ ආගමික ක්ෂේත්‍ර වල තවමත් කම්කරු පක්ෂයේ ගිවිසුම් ක්‍රියාත්මක වන බව සඳහන්.

මෙවැනි වූ කම්කරු පක්ෂයේ ගිවිසුම් මගින් ඇතිවන තත්ත්වය සහ ඒ පිළිබඳ නියම ප්‍රමාණයන් තවමත් රහසක් ව පවතියි.

මේ වන විට 457 වීසා ඛාණ්ඩය යටතේ සේවය කරන පුද්ගලයින් ගේ ගිවිසුම් කාලය නිමවූ පසු ඔවුන්ට ඔස්ට්‍රේලියාව හැර යන ලෙසට බල කරන අතර යම් පුද්ගලයෙකු නොකඩවා අදාළ සමාගමේ රඳවාගතහොත් අදාළ සමගම විසින් එයට සාධාරණ හේතු දැක්විය යුතු බවද රජය පවසා තිබේ.

****************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************************




Share
Published 3 March 2017 10:19am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends