රථවාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීමෙන් සිඩ්නි සහ මෙල්බර්න් ගුවන් තොටුපොලවලට වාර්තාගත අදායමක්

A supplied aerial photograph of Melbourne Airport, Wednesday, May 30, 2007. (AAP Image/Melbourne Airport) NO ARCHIVING, EDITORIAL USE ONLY

A supplied aerial photograph of Melbourne Airport, Wednesday, May 30, 2007. (AAP Image/Melbourne Airport) NO ARCHIVING, EDITORIAL USE ONLY Source: MELBOURNE AIRPORT

රථ වාහන ගාල්  කිරීමේ ගාස්තු මගින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපල කීපයක් ඉතා විශාල අදායමක් උපයන බව වර්තාවක් පෙන්වා දී  තිබේ.

මීට අමතරව විවිධාකාර අමතර ගාස්තු හේතුවෙන් ඩොලර් බිලියන 1.6 ක  මුදලක් ගුවන් සමාගම් සහ ගුවන් මගින් මෙම ගුවන් තොටුපල වෙත ගෙවා ඇති බව ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික (ACCC)  කොමිසම නිකුත් කල වාර්තාවක් පෙන්වා දී තිබේ. පෞද්ගලිකරණය මේ තත්වයට එක්  හේතුවක් බව මෙම වාර්තාව පෙන්වා දී ඇති තවත් වැදගත් කරුණක්.

වාර්තා සදහන් කරන ආකාරයට මෙම ඕස්ට්‍රේලියානු ප්‍රධාන ගුවන් තොටුපල තම වාර්ෂික අදායමෙන් සැලකිය යුතු ප්‍රමණයක් ඔවුන්ගේ වාහන රථගාල ගාස්තු මගින් අය  කරගන්නා  බව සදහන්. සමහරක් ගුවන් තොටුපල එක්  රථයක් ගාල්  කල හැකි ඉඩකින්  (single parking bay) වසරකට දල වශයෙන් ඩොලර් 6000ක් පමණ උපයන බව වාර්තා පෙන්වා දී තිබේ.

 

මෙල්බර්න් ගුවන් තොටුපල වැඩිම වාහන රථගාල ගාස්තු අයකිරීමෙන් 2015 - 16 වසර තුල ඩොලර් මිලයන 135.3 උපයමින් අනෙකුත් ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපළවලට වඩා  ඉදිරියෙන් සිටින අතර සිඩ්නි ගුවන් තොටුපොල උපයා  ඇති මුදල ඩොලර් මිලියන 133.8ක්

 

 

තවද සිඩ්නි, බ්‍රිස්බේන්, මෙල්බර්න් සහ පර්ත් ගුවන් තොටුපල ගුවන් සේවා සමාගම් සදහා සේවා සැපයීමෙන්ද සැලකිය යුතු අදායමක් උපයා ඇති බව මෙම ACCC වාර්තාව පෙන්වා දී තිබේ.  සිඩ්නි ගුවන්තොටුපොළ ගුවන් යානා  සදහා සේවා සැපයීමෙන් උපයා  ඇති ලාභය ඩොලර් මිලියන 331.5ක් බව සදහන්.

Car Park Revenue stats
Source: ACCC
Source : ACCC

මේ ආකාරයෙන් ගුවන්තොටුපොළ ගාස්තු වැඩි කිරීම හේතුවෙන් ගුවන් යානා සමාගම් වලට සහ ගුවන් මගීන්ට සැලකිය යුතු අමතර මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික (ACCC)  කොමිසම පවසයි.

 

එම කොමිසමේ සභාපති Rod Sims පවසන ආකාරයට මේ ආකාරයෙන් අධික ගාස්තු අයකිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අදාල ගාස්තු පාලනයකින් තොර වීමයි. රජය මැදිහත් වී අදාල ගාස්තු පාලනය කල යුතු බව ඔහුගේ මතය වී තිබේ. තවද වාහන රථගාල් සදහා ගාස්තු අයකිරිමේදී ගුවන් තොටුපොල තුල තරග කාරිත්වයක් නොමැති නිසා මෙසේ අධික මිලක් අය කරන බවද Rod Sims මහතා පවසයි.

තවද සිඩ්නි නුවර අලුතින් ඉදිවන Badgery's Creek ගුවන් තොටුපොල රජය මගින් ඉදිකර වෙනත් සමාගමකට පැවරිය හැකිනම් යම් තරගකාරී තත්වයක් ඇති කල හැකි බව ඔහුගේ මතය වී තිබේ.

               


Share
Published 7 March 2017 7:18am
By Sanjaya Dissanayake


Share this with family and friends