ඔස්ට්‍රේලියාව තුල ළමා සුරැකුම් සේවා වර්ග පිලිබඳ ඔබ දැන ගත යුතු කරුණු SBS සිංහල වෙතින්

ඔස්ට්‍රේලියාව තුල ඔබට සරිලන ගාස්තු සහ ප්‍රමිතියක් ඇති ළමා සුරැකුම් සේවා සොයා ගැනීම ගැටළුවක් වී තිබේනව. මේ ඒ පිලිබඳ ඔබ දැන ගත යුතු කරුණු

childcare

Source: getty images

Long day care -දිගු කාලීන සේවා

Day care
Source: WikiCommons


මෙමගින් පෙර පාසල් වයසේ දරුවන් ට සුරැකුම් සේවා ලබා දෙනවා. එය උදේ 7 සිට සවස 6 දක්වා සේවා ලබා දෙනවා. ගාස්තු දවස ගනනට ය කරන අතර පුර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් දරුවා ඇතුලත් කල හැකියි Australian Institute of Family Studies පවසන්නේ වසර 2011 දී වයස අවු 2-3ත් අතර දරුවන් ගෙන් 45%ක් පමණ මෙම සේවා ලබා ගත බවයි



Family day care -පවුලේ ළමා සුරැකුම්

Family day care
Source: WikiCommons


මෙම සේවාව පිළිගත් සේවා සපයන්නෙකුගේ නිවසේදීම ලබා දේ . මෙය කෙටි කාලයක් , කුඩා දරුවන් කණ්ඩායමක් පමණක් සිටින ස්ථානයක් විය හැකියි. ගාස්තු අය කිරීම පැයට හෝ දිනට විය හැකියි. ඕස්ට්‍රේලියානු සන්ක්යාලේකන දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 2014 දී දරුවන් 2.5%ක් පමණ මේවාට සහබාගී වූ බව.

Preschool or kindergarten care -පෙර පාසල්

Preschool
Source: WikiCommons


මෙය පෙර පාසල් පරිසරයකදී වයස අවුරුදු 3-5ත් අතර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක්.  මගින් මෙය පාසල් යාම ආරම්භ කිරීමට වසර 2ක සිට ලබා දීමට නිර්දේශ කරනවා. මෙය සතියට දින කිහිපයක් ක්‍රියාත්මක විය හැකියි. පාසල් වාර වල උදේ 9 සිට සවස 3 දක්වා ක්‍රියාත්මකයි

 

Outside school hour care -පාසල් කාලයෙන් පසු සේවා

School kids
Source: WikiCommons


මේවා පාසල් යන දරුවන්ට පාසල් කාලයෙන් පිටතදී හා නිවාඩු කාල වලදී රැක බලා ගැනීම අවශ්‍ය වූ විට සපයයි

Occasional care -විශේෂ අවස්ථා ලෙස ලබා දෙන සේවා

Community centre
Source: WikiCommons


මෙය ප්‍රජා සංවිධාන මගින් ප්‍රජා ශාලා වල පැවැත්වේ. සතියකට සහභාගී විය හැකි දින ගණන සීමා සහිතයි. ඔබේ ප්‍රාදේශීය කවුන්සලයෙන් මේ පිලිබඳ තොරතුරු ලබා ගන්න.

At-home care -නිවෙස තුලදී ලබා දෙන සේවා

Disability child carer
Source: Getty


මෙය ආභාද සහිත දරුවන් හෝ ප්‍රාදේශීය පෙදෙස් වල දරුවන කිහිප දෙනෙක් සිටින විටදී නිවෙස තුලදීම දරුවන් රැකබලා ගැනීම සඳහා රජයෙන් ආධාර ලබා දීමයි

Informal care -නිල නොවන ලෙස දරුවන් බලා ගැනීම

Grandparent and child
Source: Pixabay


 වැඩිහිටියන්, නෑදෑයන, මිතුරන් අසල්වාසීන්, nannies ලබා දෙන සේවා මෙයට අයත් වේ. වැඩිහිටි දෙමාපියන් දරුවන් රක බලා ගන්නේ නම් අවුන්ට ඒ සඳහා දීමනා ලබා ගත හැකි වේ

Grandparent Child Care Benefit. 

ළමා සුරැකුම් ගාස්තු

Child Care Benefit දීමනාව මගින් ඔබේ ආදායම අනුව යම් ප්‍රතිශතයක් රජයෙන් ආපසු ලබා දේ. මේ සඳහා ඔබ Centrelink හි ලියාපදිංචි විය යුතුයි

Child Care Rebate - මෙමගින් රැකියාව, අධ්‍යාපනය ආදී හේතු නිසා ඔබ පිළිගත් ළමා සුරැකුම් සේවා පාවිච්චි කරන්නේ නම් එම වියදමෙන් 50%ක් රජයෙන් ලබා දේ. මෙය වසරකට ඩොලර් 7500ක උපරිමයකට යටත්

වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න


Share
Published 5 March 2017 5:05pm
Updated 12 August 2022 3:59pm
By Charitha Adikari, Ildiko Dauba


Share this with family and friends