මෙල්බන් නුවර වැඩියෙන්ම දඩ නිකුත් කරන වේග සීමා කැමරා 10 මෙන්න. (SBS සිංහල/වාර්තා)

Western Ring Road, Boundary Road අසල ඇති කැමරා 6, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 243,566 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 50.2 කි.

Melbourne's top 10 speed camera locations

Source: www.indusage.com.au

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ 2011 වසරේ සිට මේ දක්වා මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන (infringement notices) මිලියන 6.9ක් පමණ නිකුත් කර ඇති අතර වේග සීමා සහ රතු සංඥා එළි නොතකා ධාවනය කිරීම් හේතුවෙන් ඩොලර් බිලියන 1.58 ක ආදායමක් ප්‍රාන්ත රජයට එකතු වී තිබෙන බව 'The Age' පෙන්වා දෙයි

2011 වසරේ ජූලි සිට 2016 වසරේ ජුනි දක්වා ඉහත සඳහන් දඩ මුදල් වලින් 20% ක්ම නිකුත් කර ඇත්තේ පහත සඳහන් ස්ථාන වලදී මාර්ග නීති උල්ලංඝනය කිරීමෙන් බව වාර්තා වේ.

10) Western Ring Road, about 1600 metres West of Sydney Road, Broadmeadows.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 100,783 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 22.3 කි.

මේ වන විට මෙම ස්ථානයේ ක්‍රියාත්මක වන කැමරා 4 මීට වසර 3 කට පෙර මෙම ස්ථානයේ සවි කරන ලදී.

නමුත් පසුගිය වසරේ පමණක් එම කැමරා හතර මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 41,399 ක් හසු කරගෙන ඇත.

9) Princes Freeway, Lara, Avalon Road Bridge.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 107,385 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 22.4 කි.

එම දඩ වලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ මෙල්බන් නගර දෙසට ධාවනය කළ වාහන රියදුරන් වෙත වීම විශේෂත්වයකි.

8) At the intersection Of Fitzroy Street And Lakeside Drive, St Kilda.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 120,855 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 28.8 කි.

Albert Park ප්‍රදේශය අසළ ඇති මෙම ප්‍රදේශය පැයට කිලෝමීටර් 40 වේග සීමාව ක්‍රියාත්මක වන ප්‍රදේශයකි.

මෙහි මෙම කැමරා ස්ථාපනය කරනු ලැබුවේ 2014 වසරේ මාර්තු මාසයේය.

7) At the intersection Of William Street And Flinders Street, Melbourne.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 142,761 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 34.8 කි.

මෙයද පැයට කිලෝමීටර් 40 වේග සීමාව ක්‍රියාත්මක වන ප්‍රදේශයකි.

පසුගිය වසරේදී මෙම ස්ථානයේ ඇති කැමරා වලින් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 31,848 ක් හසු කරගෙන තිබෙන බව වාර්තා වේ.

6) Western Ring Road, Keilor East, northbound, Keilor Park Drive Bridge.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 156,903 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 33.6 කි.

මෙම ස්ථානයේ පිහිටි වේග සීමා කැමරා අතීතයේ බොහෝ ප්‍රමාණයෙන් දඩ මුදල් හිමි කර දුන් නමුත් මේ වන විට එම ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතියි.

2012/13 සමයේ පමණක් මෙයින් මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 50,000 ක් නිකුත් කර ඇති අතර ඩොලර් මිලියන 22 ක දඩ මුදලක් හිමි කරගෙන තිබේ.

නමුත් අද වන විට මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් වසරකට 3000ක් පමණ හසු කරන්නා බවද වාර්තා වේ.
Melbourne's top 10 speed camera locations
Speed cameras at the Western Ring Road, Keilor Park Drive Bridge. Source: The Age

5) At The Intersection Of Warrigal Road And Batesford Road, Chadstone.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 164,236 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 37.9 කි.

ඔබ මෙම ස්ථානයේ කැමරා වල වාර්තා පිළිබඳ ඇසුවහොත් පුදුමයට පත් වනු ඇත.

2011/12 කාලයේදී වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අඩුම ක්‍රියාශීලී කැමරා පද්ධතිය ලෙස මෙය සැලකුණු අතර එම කාලය අතරතුර මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 21 ක් පමණක් හසු කරගත්තේය.

එකළ මෙහි පැවතුනේ රතු සංඥා එළි කැමරා පමණි.

නමුත් 2014 වසරේ මාර්තු මස සිට මෙහි වේග සීමා කැමරා ද සවි කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

ඉන් අනතුරුව මෙම ස්ථානයෙන් නිකුත් කළ දඩ මුදල් ප්‍රමාණය දෙගුණ තෙගුණ විය.
旧式摄像头电子升级后罚单罚金猛增数十数百倍。
The road safety cameras at the intersection of Batesford Road and Warrigal Road in Chadstone Source: The Age

4) Eastlink, Keysborough, Dandenong Bypass Bridge.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 172,931 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 34.8 කි.

Eastlink මාර්ගයේ ස්ථාන හතරක කැමරා සවි කර ඇති අතර මෙය ඉන් එක් ස්ථානයකි.

Rowville හි Wellington මාර්ගයේ පාලම අසළ, Melba උමග සහ Mullum Mullum උමග අසළ අනෙක් කැමරා සවි කර තිබේ.

3) Princes Freeway, Forsyth Road Bridge.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 185,218 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 38.6 කි.

2) Eastlink, Wellington Road Bridge.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 207,285 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 41.8 කි.

මෙම ස්ථානයේ කැමරා ත්‍රිත්ත්වයක් ක්‍රියාත්මක වේ.
Melbourne's top 10 speed camera locations
Eastlink, the Wellington Road Bridge. Source: The Age

1) Western Ring Road, Boundary Road.

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නිවේදන 243,566 ක් නිකුත් කර ඇති අතර ලබා ඇති සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 50.2 කි.

මෙම ස්ථානයේ කැමරා 6 ක් ක්‍රියාත්මක වන අතර ඉන් 3ක් උතුරු දෙසට යන වාහනද ඉතිරි ත්‍රිත්වය දකුණු දෙසට යන වාහනද නිරීක්ෂණය කරයි.

*************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

************************************************************************************************

 




Share
Published 7 March 2017 12:22am
Updated 7 March 2017 8:08am
By Madhura Seneviratne


Share this with family and friends