Donald Trump ගෙන් ලෝකයම හොල්ලන අලුත් වාර්තාවක්. බටහිර මාධ්‍යට දෙහි කපමින් ලෝකයේ ත්‍රස්ත ප්‍රහාර 78 ක ලැයිස්තුවක් එළි දක්වයි. (SBS සිංහල/වාර්තා)

2014 වසරේ සැප්තැම්බර් මස සිට 2016 දෙසැම්බර් මස දක්වා සිදුවුණු ත්‍රස්ත ප්‍රහාර 78 ක ලැයිස්තුවක් පසුව ධවල මන්දිරය විසින් මාධ්‍යයට ලබා දුන්නේය.

Five Australian incidents in White House list of under-reported 'terrorist attacks'

US President Donald Trump. Source: AP

බටහිර ජනමාධ්‍යවල ප්‍රමාණවත් තරමේ අවධානයක් යොමු නොවුණා යැයි විශ්වාස කෙරෙන ත්‍රස්ත ප්‍රහාර ලැයිස්තුවක් ඇමෙරිකාවේ ධවල මන්දිරය විසින් ජනමාධ්‍යවේදීන් හට ලබා දී තිබේ.

එම ලැයිස්තුවට ඔස්ට්‍රේලියාවේ සිදුවූ සිදුවීම් 5ක්ද ඇතුළත් වන අතර ඉන් එකක් මිනී මැරුමක් ලෙස ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ හඳුනාගෙන තිබුණි.

මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමෙන් ඇමෙරිකානු ජනාධිපති Donald Trump අදහස් කරනුයේ බටහිර ලෝකයේ ත්‍රස්ත ප්‍රහාර, ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් හිතාමතාම ආවරණය නොකරන බවයි.

යුරෝපයේද මෙය සිදුවන බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump, Florida  හි Central Command මූලස්තානයේදී පැවසීය.

“බොහෝ සිද්ධි වලදී ඉතාම වංක මාධ්‍ය මේවා වාර්තා කිරීමට උනන්දුවක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ හේතු තිබෙනවා. ඔබට ඒක තේරුම්ගන්න පුළුවන්.” Donald Trump වැඩි දුරටත් පැවසීය.

කෙසේවෙතත්, තමන්ගේ මෙම රැඩිකල් න්‍යායට රුකුල් දීම සඳහා Donald Trump උදාහරණ දීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තා වේ.

මේ අතර, විරෝධතාවකදී එල්ල කරන ජල ප්‍රහාර සඳහා ලබා දෙන මාධ්‍ය ආවරණය ත්‍රස්ත ප්‍රහාර සඳහා ලබා නොදෙන බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක Sean Spicer ප්‍රකාශ කළේය.

2014 වසරේ සැප්තැම්බර් මස සිට 2016 දෙසැම්බර් මස දක්වා සිදුවුණු ත්‍රස්ත ප්‍රහාර 78 ක ලැයිස්තුවක් පසුව ධවල මන්දිරය විසින් මාධ්‍යයට ලබා දුන්නේය.

ඉන් බොහොමයකට ඒවාට අවශ්‍ය ප්‍රමාණයට මාධ්‍ය තුළින් ආවරණයක් ලබා නොදුන් බවද එහි සඳහන්.

එම ලයිස්තුවේ සිදුවීම් 78 අතරට ඔස්ට්‍රේලියාවේ සිදුවීම් 5ක් ද ඇතුළත්ය.

2016 වසර අගෝස්තු මාසයේදී Townsville නේවසිකාගරයේදී Mia Ayliffe-Chung ගේ පිහි ඇනුම් සිද්ධියද එම සිදුවීම් 5 අතර තිබේ. නමුත් එය ත්‍රස්ත ප්‍රහාරයක් නොව මිනී මැරුමක් බව ක්වීන්ස්ලන්ත පොලීසිය පැහැදිලිවම නිර්ණය කර තිබේ.

එම සිදුවීම් පහෙන් අනෙකුත් සිදුවීම් හතර පහත පරිදි වේ.

  • 2014 වසරේ සිදුවූ සිඩ්නි Lindt Cafe සිදුවීම.
  • 2015 වසරේ නිරායුධ නිව් සවුත් වේල්ස් පොලිස් නිලධාරියෙකු වූ Curtis Cheng පැරාමටා හි වෙඩි තබා මරා දැමීම.
  • පසුගිය සැප්තැම්බර් මාසයේදී නිව් සවුත් වේල්ස් Minto හි වයස අවුරුදු 59 ක පුද්ගලයෙකුට මාරක නොවන පිහි ඇනීමේ සිදුවීම.
  • 2014 වසරේදී Endeavour Hills පොලිස් ස්ථානයෙන් පිටතදී වික්ටෝරියානු පොලිස් නිලධාරියෙකු හට සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරියෙකු හට සිදු කළ මාරක නොවන පිහි ඇනුම.
මීට අමතරව San Bernardino, Orlando, පැරීසිය, ලන්ඩනය සහ බ්‍රසල්ස් යන නගර වල සිදුවූ සිදුවීම් ද එම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත්, ඒ සියලු සිදුවීම් සමග IS සංවිධානය සම්බන්ධ බව පැවසීමට අපහසු අතර වාර්තාවේ කිහිප ස්ථානයකම “attacker” නමැති වදන වරදවා ලියා ඇති බවත් පැවසේ.

කෙසේවෙතත්, ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ලෝක ජනමාධ්‍ය අතර පවතින්නේ එතරම් කිට්ටු සම්බන්ධයක් නොවන බවද ප්‍රසිද්ධ රහසකි.

Share
Published 7 February 2017 11:41pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends