සෑම මිනිත්තුවකටම වරක් චීන ජාතිකයින් දෙදෙනකුට වඩා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බව ගණනය කෙරේ. (SBS සිංහල/වාර්තා)

1976 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය වසරකට 500 ක් පමණ බව වාර්තා වේ. එය සාමාන්‍යයෙන් සතියකට 10 දෙනෙක් ලෙස ගණනය කළ හැකිය. නමුත් 2016 වසරේ සතියකට චීන ජාතිකයින් 23,000ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණි බව වාර්තා වේ.

Chinese tourists drive tourism record

Source: SBS

පසුගිය 2016 වසරේ මිලියන 8.3 ක පමණ චීන සංචාරකයින් කෙටි නිවාඩුවක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර 2015 වසරේ එය මිලියනයක් වූ බව ද වාර්තා වේ.

2016 වසරේ මෙම ප්‍රමාණය වාර්තාගත අගයක් ලෙසද ඉතිහාසගත වී ඇත.

මීට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි වැඩිම සංචාරකයින් වාර්තා වුයේ නවසීලන්තයෙන් වන අතර එම ප්‍රමාණය මිලියන 1.3 කි. ඔවුන් බොහෝ දෙනා ටස්මෙනියානු මුහුද තරණය කළ අය වීමද විශේෂත්වයකි.

පසුගිය දශකය තුළ නවසීලන්ත සංචාරකයින්ගේ වැඩිවීම හතරෙන් එකකින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

නවසීලන්තයට පමණක් දෙවනිවූ චීනය එකල මිලියන 1.2 ක සංචාරක ප්‍රමාණයකට වග කියනු ලැබූ අතර මේ වන විට එය 284% කින් වර්ධනය වී ඇත.

ඔස්ට්‍රේලියාව ලොව ආකර්ෂණීය සංචාරක ස්ථානයක් බවට පත් කිරීමට වසර ගණනාවක සිට ගත් උත්සාහය මෙසේ චීනය සහ ඉන්දියාව යන රටවල සංචාරකයින් හරහා පෙන්නුම් කරන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය Patrick L'Espoir Decosta, SBS පුවත් සේවයට පැවසීය.

එම රටවල් ද්විත්වයේ ජනතාව සංචාරය කිරීමට සූදානමින් සිටින අතර ඔවුන්ට පළමු ලෝකයේ රටවල් නැරඹීමට අවශ්‍යව තිබෙන බවද ඔහු පැවසීය.

චීන සංචාරකයින්ට එහා යමින් අනෙකුත් සංචාරකයින් හටද ඔස්ට්‍රේලියානු සංචාරක කර්මාන්ත වෙළෙඳ පොළ සැපයීම් කරන බව සංචාරක සහ ගමනාගමන සංසදයේ ප්‍රධාන විධායක නිලධාරීනී Margy Osmond පැවසුවාය.

ධනවත් චීන සංචාරකයින් හට සැමවිටම අවශ්‍යව තිබෙන්නේ සංචාරක ස්ථාන වල උපරිමය විඳගැනීමට වන අතර මනස්කාන්ත ස්ථානවල නවාතැන් ගැනීමට ද අවශ්‍ය බව ඇය පවසයි.

අනෙකුත් උදවියට තැනින් තැනට බර පොඩි උසුලන් (backpacker) යන ආකාරයට සංචාරයේ යෙදීමට අවශ්‍ය වේ. මෙවැනි අත්දැකීම් ඔස්ට්‍රේලියානු සංචාරක කර්මාන්තය බොහෝ සංචාරකයින් හට දායාද කර තිබෙන බවද ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියාවට චීන සංචාරකයින් ගේ පැමිණීම අදහාගත නොහැකි බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංක්‍රමණ විමර්ශන හා වාර්තා කණ්ඩායමේ Jessica Noack පැවසුවාය.

මෙතක් කලක් ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රියම සංචාරකයින් ලෙස නවසීලන්තයට හිමි තැන මේ වන විට චීනය ලබා ගෙන තිබීම ඊට හේතුව බව ඇය පැවසුවාය.

1976 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය වසරකට 500 ක් පමණ බව වාර්තා වේ. එය සාමාන්‍යයෙන් සතියකට 10 දෙනෙක් ලෙස ගණනය කළ හැකිය.

නමුත් 2016 වසරේ සතියකට චීන ජාතිකයින් 23,000ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණි බව වාර්තා වේ.

මෙම වර්ධනය ඔස්ට්‍රේලියානු සංචාරක කර්මාන්තයේ පසුගිය දශක 4 තුළ සිදුවූ කැපී පෙනෙනම වර්ධනය ලෙසද සැළකේ.

1976 සහ 2016 යන වසර ද්විත්වයේම ඔස්ට්‍රේලියාවට සංචාරකයින් පැමිණෙන පළමු රටවල් 10 අතරට නවසීලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පුරුව, ජපානය, මැලේසියාව සහ හොන්ග් කොන්ග් යන රටවල් අයත් බව කණ්ඩායමේ Jessica Noack පැවසුවාය.

නමුත් 2016 වසරේ පළමු රටවල් 10 අතරට පැමිණි චීනය, දකුණු කොරියාව සහ ඉන්දියාව 1976 වසරේ ලැයිස්තුවේ ඇතුළත් නොවූ බව ද ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියානු රජය චීනය සමග ඇති ගුවන් ගමන් තර කර ඇති අතර 2017 වසර "Australia-China year of tourism” ලෙස ප්‍රවර්ධනය කර තිබේ.

එය ඩොලර් මිලියන 629 ක් ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තය සඳහා වසර 4 ක් පුරාවට ලබා දී ඇති අතර එයින් බොහොමයක් මෙරටින් පිටත අලෙවිකරණ වැඩසටහන් සඳහා යෙදවීමට නියමිත අතර මේ වන විට චීන ජාතිකයින් හට වසර 10 ක තාවකාලික ඔස්ට්‍රේලියානු වීසා වර්ගයක්ද හඳුන්වා දීමට යෝජිත වී තිබේ.

Share
Published 13 February 2017 8:42pm
Updated 12 August 2022 3:58pm
By Madhura Seneviratne, Jackson Gothe-Snape, Aileen Phillips
Source: SBS News


Share this with family and friends