ශ්‍රී ලංකාවෙන් ඈත්ව සිටින ලෙස චීනය ඉන්දියාවට පවසයි. (SBS සිංහල/වාර්තා)

පසුගිය වසර තුන පුරාවට කොළඹ වරායේ චීනය විසින් මෙහෙයවන දකුණු බහාලුම් පර්යන්තයේ චීන සබ්මැරීන එක්වරම සහ නොකඩවා දිස්වීම සිදු විය.

China tells India to stay off its Indian Ocean colony

Source: SBS

දකුණු චීන මුහුදේ ආධිපත්‍යට හිමිකම් කීමට එහි පිහිටි තම දූපත් වලින් ඈත්වී සිටීමට ඇමෙරිකාවට පැවසූ චීනය මේ වන විට ඉන්දියන් සාගරයේ තම කොලනියක් කරගැනීමට සූදානම් වන ශ්‍රී ලංකාවෙන් ඉවත් වී සිටීමට ඉන්දියාවටද පවසමින් සිටියි.

මෙම ක්‍රියාව පිළිබඳ අග්නිදිග ආසියානු වෙළෙඳ පොළ පරීක්ෂාකාරීව සිටිය යුතු අතර මෙමගින් කලාපයේ දැවැන්තයින් දෙදෙනෙකු වන චීනය සහ ඉන්දියාව භූ දේශපාලනික පොර පිටියේ මුහුණට මුහුණ ගැටීමක්ද සිදුවනු ඇති බව පෙනී යයි. එසේ වුවහොත් එය මුළු මහත් කලාපයටම මහත් වූ අවධානමක් සපයයි.

ශ්‍රී ලංකාව, චීනයේ අත වැසි රාජ්‍යයක් වීම 2007 වසර දක්වා පසුපසට දිව යන අතර දෙමළ කොටි සංවිධානය නැති කිරීමට යුදමය සහ රාජ්‍ය තාන්ත්‍රිකමය වශයෙන් එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට සහයෝගය සැපයීම එහි ආරම්භය විය.

ඉන් පසුව ශ්‍රී ලංකාවේ සිදු කළ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා දායකත්වය සැපයීම මෙන්ම ඒවාට වැඩි පොළී සහිත ණය මුදල් ලබා දීමෙන් චීනය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේ හිමිකරුවා ලෙසද පරිවර්තනය විය.

මෙමගින් බීජිං නුවරට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි දුරස්ථ මුරපොළක් බවට ශ්‍රී ලංකාව පත් විය.

මෙම වටකිරීම ඉන්දියාවට අසුබ පුවතකි. “ඉන්දියන් සාගරයට ආසන්න වෙරළ තීරවල ඇති වරායන් සඳහා චීනයේ බලපෑම වර්ධනය වීම චීන ආක්‍රමණය පිළිබඳ නව දිල්ලියේ අවධානය වැඩි කිරීමට සමත් වී ඇති බව  පැවසේ.

නමුත් මෙම වරාය යුධ ක්‍රියා සඳහා යොදාගැනීමට තමන් අපේක්ෂා නොකරන බව චීනය තරයේම ප්‍රකාශ කරන අතර පසුගිය සතියේද එම ප්‍රකශය නිකුත් කෙරුණි.

නමුත් ඉතිහාසය ඔප්පු කරන්නේ වෙනත් දෙයකි. පසුගිය වසර තුන පුරාවට කොළඹ වරායේ චීනය විසින් මෙහෙයවන දකුණු බහාලුම් පර්යන්තයේ චීන සබ්මැරීන එක්වරම සහ නොකඩවා දිස්වීම සිදු විය.

මෙසේ චීන සබ්මැරීන කොළඹ වරායෙන් විටින් විට දිස් වීම ඉන්දියාවේ ඉවසීමේ සීමාව උපරිමයට ළඟා කිරීමට සමත් වී ඇති ඇත. කොළඹ වරායේ transshipment traffic හෙවත් නැවෙන් නැවට මාරු කිරීමේ කටයුතු වලින් 70%ක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. මේ අතර චීනයේ උත්සාහය අතරේ තම කටයුතුද ව්‍යාප්ත කිරීමට නව දිල්ලිය අවධානය යොමු කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ කලෙක ශ්‍රී ලංකාවේ වරාය සම්බන්ධව සමුද්‍ර අභ්‍යාස සිදු වනවානම් ඒවා අසල්වැසි රටවලට ද දැනුම් දිය යුතු බවට ප්‍රකාශ කර ඇත.

නමුත් 2014 වසරේ නොවැම්බර් මාසයේදී එම සබ්මැරීනයම නැවතත් ශ්‍රී ලංකා මුහුදෙන් මතුවීම ඉන්දියාව පුදුමයට පත් කළේය.

තම අතවැසි රාජ්‍ය කෙරෙහි චීනය ප්‍රකශ කරන සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමට යන සැලසුම් යනු එකිනෙකට වෙනස්ම ඒවා දෙකකි. මේ අතර චීනයේ ක්‍රියාවන් දරාගැනීම සඳහා සැලස්මක් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සමග සිටීමට සූදානම් වීමක් ඉන්දියාව විසින් සිදු කළ යුතු වේ.

*************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

************************************************************************************************


Share
Published 12 February 2017 10:54pm
Updated 13 February 2017 12:59pm
By Madhura Seneviratne
Source: Daily Mirror


Share this with family and friends