ඔස්ට්‍රේලියානු රජයෙන් ළමා සුරැකුම් දීමනා සහ වැටුප් සහිත දෙමාපිය නිවාඩු වලට විශාල වෙනසක්. (SBS සිංහල/වාර්තා)

වසරකට ඩොලර් 185,710 ට වඩා අඩු ආදායමක් ලබන පවුල් සඳහා ඩොලර් 7500 ළමා සුරැකුම් ප්‍රතිදානය ද ඉවත් කිරීමට එම පනතින් සූදානම් බව වාර්තා වේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා ඉහළම සහනධාරය හිමිවන අතර 85%ක ළමා සුරැකුම් ගාස්තු එයින් ආවරණය වේ.

Government seeks to save $5 billion in reforms to childcare payments, paid parental leave

Source: AAP

ඉදිරි වසර හතර පුරාවට සමාජ ආරක්ෂණ අංශයේ ප්‍රතිපාදන වලින් ඩොලර් බිලියන 5ක් කප්පාදු කිරීමට අදාළ නව පනතක් ටර්න්බුල් රජය විසින් අද (08/02) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම පනත “omnibus bill”ලෙස හඳුන්වන අතර එමගින් ළමා සුරැකුම් දීමනා සහ ගෙවන ලද දෙමාපිය නිවාඩු ඇතුළත් සුබ සාධන ප්‍රතිසංස්කරණ පිළිබඳ විමර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ.

ඊට අමතරව මෙම පනත මගින් ආදායම් සඳහා සහය ගෙවීම් ලබාගැනීමට උත්සාහ කරන තරුණ රැකියා සොයන්නන් හට සති 4 ක බලා සිටීමේ කාලයක්ද හඳුන්වා දී තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ වසර 35ක සේවා කාලයක් සතු විශ්‍රාමිකයින් සති 6 කට වඩා විදේශ රටක ගත කළහොත් ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් කොටසක් කප්පාදු කිරීමටද මෙමගින් යෝජනා වී තිබේ.

නමුත් එම කාලය දැනට පවතින්නේ සති 26 ක් ලෙසය.

විහිදී ගිය සුබ සාධන ගෙවීම් සම්පිණ්ඩනය කර පවුල් වලට සහන සැපයීමට ලිබරල් සන්ධානය උත්සාහ කරන අතර ළමා සුරැකුම් වියදම් දරන පවුල් වලට එය විශේෂත්වයක් ගනී.

මීට අමතරව වසරකට ඩොලර් 185,710 ට වඩා අඩු ආදායමක් ලබන පවුල් සඳහා ඩොලර් 7500 ළමා සුරැකුම් ප්‍රතිදානය ද ඉවත් කිරීමට එම පනතින් සූදානම් බව වාර්තා වේ.

අඩු ආදායම් ලාභී පවුල් සඳහා ඉහළම සහනධාරය හිමිවන අතර 85%ක ළමා සුරැකුම් ගාස්තු එයින් ආවරණය වේ.

නමුත් ඉහළ ආදායමක් ලබන පවුල් සඳහා එම සහනාධාරය හිමිවන්නේ 20% ක් පමණි.

දැනට මිශ්‍රව පවතින සංකීර්ණ සහනාධාර ක්‍රමය වෙනස් කරමින් ඉතා සරළ නමුත් මහන්සී වී වැඩ කරන අඩු ආදායම් ලාභී ඔස්ට්‍රේලියානු පවුල් සඳහා මෙම නව සහන ක්‍රමය ගෙන් එන බව අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

මෙම නව පනතට ළමා සුරැකුම් අංශය ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව පවුලේ බදු ප්‍රතිලාභ සහ ගෙවන ලබන දෙමාපිය නිවාඩු පිළිබඳද ඇතුළත්ය.

වාර්ෂික වැටුප් සහිත දෙමාපිය නිවාඩු ලබාගැනීමේ කාලය සති 18 සිට සති 20 දක්වා ඉහළ දමා තිබේ.

නමුත් නව මව්වරුන් හට තම සේවා යෝජකයා අදාළ නිවාඩු සඳහා ගෙවීම් කරනු ලබයි නම් ඔවුන්ට මෙම මුළු ප්‍රතිලාභයම අත් විඳීමට නොහැකි වෙයි.

එසේම සති දෙකකට වරක් පවුලේ බදු ප්‍රතිලාභ ගෙවීම් මදක් ඉහළ දැමීමටද යෝජනා කර ඇත.

මේ අතර කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය මෙම පනතට සහය දැක්වීමට කැමැත්තක් නොදක්වන බව පෙනී යයි.

“ඔබ පවුලේ බදු ප්‍රතිලාභ A ඛාණ්ඩයේ සිටියිනම් ඔබේ දරුවාට ලැබිය යුතු මුදල ඩොලර් 728 කි. රජය මෙම සහනාධාරය විනාශ කරමින් පවතිනවා. ඉන් පසුව ඔවුන් සති දෙකකට වරක් සුළු වැඩි කිරීමක් ලබා දෙනවා. මෙයින් පවුල් තවත් අසරණ තත්ත්වයකට පත් වෙනවා.” කම්කරු පක්ෂයේ පවුල් හා සමාජ සේවා කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Jenny Macklin පැවසුවාය.

මෙම වෙනස මගින් පවුල් වලට සිදුවන බලපෑම රජයට ප්‍රසිද්ධියේ මහජනයාට ඉතා පැහැදිලිව ප්‍රකශ කළ යුතු බවද ඇය පැවසුවාය.

ලිබරල් සන්ධානයට මෙම නව පනත සම්මත කරගැනීමට සෙනට් සභාවේ සුළු පක්ෂ හා ස්වාධීන සෙනට් සභිකයින් ගේ ද සහය අවශ්‍ය වී තිබේ.

සුළු පක්ෂ හා ස්වාධීන සෙනට් සභිකයින්ගේ සහය මෙයට හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සමාජ සේවා අමාත්‍ය Christian Porter පවසයි.

තම කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු මෙම පනත සඳහා සහයෝගය දැක්වීමට ඉතා සමීප මට්ටමක සිටින බව ස්වාධීන සෙනට් සභික Nick Xenophon පැවසීය.

රජය පවුලේ බදු ප්‍රතිලාභ පිළිබඳ ලිහිල් දැක්මක් ඇති කරගැනීම සුළු හා ස්වාධීන පක්ෂ සඳහා ඇහුම්කන් දීමක් ලෙස පෙනී යන බව ද ඔහු පෙන්වා දෙයි.

නමුත් මෙහි ඇතැම් කොටස් පිළිබඳ රජයත් සමග සාකච්ඡා කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

Share
Published 8 February 2017 10:53pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends