ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ IT අංශයේ වෘත්තීන් සඳහා නිපුණතා වීසා නිර්දේශිත අයදුම්පත් බාරගැනීම ජුනි 30 දක්වා තාවකාලිකව නවතා දමයි. (SBS සිංහල/වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයේ [Information and Communications Technology (ICT)] රැකියා තනතුරු සඳහා අයදුම් පත්‍ර බාරගැනීම 2017 වසරේ ජුනි මස 30 වන දින තෙක් තාවකාලිකව නවතා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

Temporary closure in skilled applications for ICT occupations

Source: www.medium.com, www.ascmigrationvisas.com.au

විශාල ප්‍රමාණයක skilled visa nomination applications හෙවත් නිපුණතා වීසා නිර්දේශිත අයදුම්පත් ලැබීම හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයේ [Information and Communications Technology (ICT)] රැකියා තනතුරු සඳහා අයදුම් පත්‍ර බාරගැනීම 2017 වසරේ ජුනි මස 30 වන දින තෙක් තාවකාලිකව නවතා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයේ පහත තනතුරු සඳහා අයදුම් කිරීමට ලබන ජුනි 30 වන දින දක්වා නොහැකි වනු ඇත.

  • 135112   ICT Project Manager
  • 261111   ICT Business Analyst
  • 261112   Systems Analyst
  • 261311   Analyst Programmer
  • 261312   Developer Programmer
  • 261313   Software Engineer
  • 261314   Software Tester
  • 261399   Software and Applications Programmers nec
  • 262111   Database Administrator
  • 262112   ICT Security Specialist
  • 263111   Computer Network and Systems Engineer
මෙම තාවකාලික විරාමයේදී මේ වන විට ඉතිරිව තිබෙන අයදුම්පත් සියල්ල සලකා බැලීමට නියමිත අතර අනාගත අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සලකාබැලීම ප්‍රමාද වීමද මෙයින් වැළකෙන බව බලධාරීන් පවසයි.

මේ වන විට සළකා බලෙන සියලු අයදුම්පත්‍ර වත්මන් නිර්දේශයන්ට අනුව සළකා බැලෙන බවත් ඒවායේ ප්‍රතිපල යථා කාලයේදී දැනුම් දෙන බවත් පැවසේ.

වික්ටෝරියානු රජයේ වීසා නිර්දේශ සඳහා සුදුසුකම් ලැබූ අනෙකුත් වෘත්තීන් සඳහා අයදුම්පත්‍ර බාරගැනීම සුපුරුදු පරිදි සිදු කෙරෙන බවද වාර්තා වේ.

මේ අතර streamlined ක්‍රමය යටතේ ක්‍රියාත්මක ආචාර්ය උපාධි සහ 457 වීසා වැඩසටහන් සඳහා මෙම තාවකාලික වසා දැමීම බල නොපැවැත්වෙන බවත් ඔවුන් හට ඉහත සඳහන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයේ තනතුරු සඳහා අයදුම් කිරීමට හැකි බවත් සඳහන්.

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත වලට මෙම තත්ත්වය අදාළ නොවන බවද සඳහන් කළ යුතුය.

මේ පිළිබඳ වැඩි විස්තර ඔබට වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

 

*************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

***************************************************************************************************

Share
Published 9 February 2017 9:46pm
Updated 10 February 2017 1:41pm
By Madhura Seneviratne


Share this with family and friends