Donald Trump ගේ නව සංක්‍රමණික නීති ඔස්ට්‍රේලියානුවන්ටත් බලපාන ලකුණු. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු ජාතිකයින් සහ තවත් රටවල් 37 ක ජාතීන් හට අන්තර්ජාලය ඔස්සේ තම පුද්ගලික තොරතුරු සැපයීමෙන් ඇමෙරිකාවට ඇතුළුවීමට මෙතෙක් ලබාගත් දින 90 සංචාරක වීසා ක්‍රමය Donald Trump ගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් අහෝසි වී යන බව, ඔහු විසින් අත්සන් තැබූ අදාළ නියෝගයේ පිටපතක් උපුටා දක්වමින් The Los Angeles Times පුවත් පත පෙන්වා දී තිබේ.

Trump's new visa laws could hit Australian tourists

US President Donald J. Trump (C) displays one of the executive orders he signed during a visit to the Department of Homeland Security Source: Getty Images North America POOL

ඇමෙරිකානු නව ජනාධිපති Donald Trump ගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් ඉදිරියේදී ඇමෙරිකාවට යාමට සූදානම් වන ඔස්ට්‍රේලියානුවන් හට ඇමෙරිකානු නිලධාරීන් යටතේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවීම අනිවාර්ය වනු ඇති බවට මත පළවේ.

 ඒ අනුව ඔස්ට්‍රේලියානු ජාතිකයින් සහ තවත් රටවල් 37 ක ජාතීන් හට අන්තර්ජාලය ඔස්සේ තම පුද්ගලික තොරතුරු සැපයීමෙන් ඇමෙරිකාවට ඇතුළුවීමට මෙතෙක් ලබාගත් දින 90 සංචාරක වීසා ක්‍රමය Donald Trump ගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් අහෝසි වී යන බව, ඔහු විසින් අත්සන් තැබූ අදාළ නියෝගයේ පිටපතක් උපුටා දක්වමින් The Los Angeles Times පුවත් පත පෙන්වා දී තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස සංචාරකයින් ඇමෙරිකානු වීසා ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී විය යුතු වේ.

වීසා සම්මුඛ පරීක්ෂණ රහිත වැඩසටහන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හට අත්හිටු විය හැකි අතර ඇමෙරිකාවේ Immigration and Nationality Act හෙවත් ආගමන හා ජාතිකත්වය පණතේ 222 අංශය යටතේ සංක්‍රමණික නොවන වීසා අපේක්ෂිත සියලුම පුද්ගලයින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා මුහුණ දිය යුතු බවත් විශේෂ අවස්ථා වලදී පමණක් ව්‍යවස්ථාපිත අවසරයක් ලබා දිය හැකි බවත් එම ලියවිල්ලේ සටහන්ය.

Donald Trump ගේ "Keeping America Safe" සැලැස්ම යටතේ Nauru සහ Manus දූපත් වල රඳවා සිටින ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ඇමෙරිකාවට බාර ගැනීම සිදු නොවනු ඇති බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සැක පහළ කරයි.

"Keeping America Safe" සැලැස්ම පිළිබඳ වැඩි විස්තර මෙම සතිය අග භාගයේදී ජනාධිපති Trump විසින් ප්‍රකාශ කරනු ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් Sean Spicer පැවසීය.

දින 120 කට ඇමෙරිකාවට ඇතුළුවන සියලුම සරණාගතයින් නැවත්වීමට Donald Trump අවධානය යොමු කරමින් සිටින අතර සිරියාව, ඉරාකය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය වැනි ත්‍රස්තවාදයට ඈඳුණු රටවල් වල පුද්ගලයින් හට ඇමෙරිකාවට පැමිණීමට වීසා ලබා නොදීමටද තීරණය කර තිබේ.

Nauru සහ Manus දූපත් වල සිටින බොහෝ සරණාගතයින් සිරියාවේ සිට පැමිණ ඇති අතර අනෙකුත් පුද්ගලයින් ඉහත සඳහන් රටවලින් පැමිණි පිරිස් වේ.

“ජනාධිපවතිවරයාගේ මෙම තීන්දු මගින් ඇමෙරිකාව සුරක්ෂිත වෙනවා.” ධවල මන්දිර මාධ්‍ය ලේකම් Sean Spicer පැවසීය.

ඇමෙරිකාවට පැමිණීමට අදහස් කරන පුද්ගලයින් ඇමෙරිකාවට හානියක් නොකරන පිරිසක් බවට තහවුරු කරගැනීම මෙම පියවර වල මූලික අරමුණ බව ඔහු පැවසීය.

Nauru සහ Manus දූපත් වල සිටින ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ඇමෙරිකාවට බාර ගැනීමේ ගිවිසුම හිටපු ඇමෙරිකානු ජනාධිපති Barack Obama සමග පසුගිය වසරේ ඇති කරගත්තකි.

ඔබාමා හා ටර්න්බුල් අතර රහසිගතව ඇති කරගත් සරණාගතයින් පිළිබඳ ගිවිසුම හෙළිදරවු වූ කළ ඇමෙරිකානු කොන්ග්‍රසය පාලනය කළ රිපබ්ලිකන් සාමාජිකයින් ඊට විරුද්ධකම් පෑමට පටන් ගත්තේය.

මෙම සරණාගත ගිවිසුම අවලංගු කළහොත් එය Donald Trump විසින් මෙම සතියේදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට පහර දුන් දෙවන අවස්ථාව වේ.

ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව ඇතළු තවත් රටවල් 10 ක් සම්බන්ධිත අන්තර් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවට පසුගිය සඳුදා (23/01) ඇමෙරිකානු ජනාධිපති Donald Trump නියෝග කළේය.

Share
Published 27 January 2017 2:08am
Updated 27 January 2017 2:11am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends