ඕස්ටේලියානු කුලී නිවාස හිමියන්ට දුෂ්කරතා රැසක් (SBS සිංහල/ වාර්තා)

ඕස්ට්‍රේලියාව තුල සැලකිය යුතු කුලී නිවාස හිමියන් සංඛ්‍යාවක් විවිධ දුෂ්කරතා හමුවේ එම නිවාස වල වාසය කරන බවත්, ඔවුන් එම දුෂ්කරතා පිලිබදව පැමිණිලි කළහොත් ඔවුන් එම නිවාස වලින් නෙරපා හරිනු ඇතැයි බියක් ඇති නිසා එම දුෂ්කරතා සමග ඔවුන් එම නිවාස වල වාසය කරන බවත් මෙම සමීක්ෂණය පෙන්වා දී තිබේ.

Rental Agreement

Source: Wikimedia Commons

ඕස්ට්‍රේලියාව  තුල කුලී නිවාස හිමියන්ට තම නිවාස පිලිබදව ඇති සුරක්ෂිත භාවය පිලිබදව ගැටළු ඇති බව මෑතකදී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ. Choice සහ  National Association of Tenant Organisations නම් සංවිධාන එකමුතුව එක්ව මෙම සමීක්ෂණය දියත් කර ඇති අතර, කුලී නිවාස හිමියන් 1000කට අධික සංඛ්‍යාවක් එක් කර ගනිමින් මෙම සමීක්ෂණය දියත් කර ඇති බව වැඩි දුරටත් සදහන්. තවද ඕස්ට්‍රේලියාව  තුල සැලකිය යුතු කුලී නිවාස හිමියන් සංඛ්‍යාවක් විවිධ දුෂ්කරතා හමුවේ එම නිවාස වල වාසය කරන බවත්, ඔවුන් එම දුෂ්කරතා පිලිබදව පැමිණිලි කළහොත් ඔවුන් එම නිවාස වලින් නෙරපා හරිනු ඇතැයි බියක් ඇති නිසා එම දුෂ්කරතා සමග ඔවුන් එම නිවාස වල වාසය කරන බවත් මෙම සමීක්ෂණය පෙන්වා දී තිබේ.

 

ස්ථාවර කාලයක් සදහා වූ කුලී ගිවිසුමක් (fixed-term lease) නොමැතිව හෝ මාස  12ට අඩු කුලී ගිවිසුමක් ඇතිව 83%ක  ප්‍රතිශතයක්   නිවාස වල වාසය කරන නිසා, එම පිරිස්  හට අනාරක්ෂිත හැගීමක් ඇති බව මෙම වාර්තාව පෙන්වා දී ඇති තවත් කාරණයක්. ඉදිරි වසරක කාලය ඔවුන් වාසය කරන නිවාස පිලිබදව හරි අවබෝධයක් නොමැති වීම නිසා මෙම අනාරක්ෂිත හැගීම ඔවුන් තුල ඇති වී ඇති බව වැඩි දුරටත් සදහන්.

 

එමෙන්ම තමන් කුලියට සිටින නිවස  තුල අත්‍යාවශ්‍ය  කාරණා  සදහා අලුත්වැඩියා කිරීම් අවශ්‍ය එහෙත් ඒවා සම්පුර්ණ කර නොමැති කුලී නිවාස ප්‍රතිශතය ඕස්ට්‍රේලියාව  තුල 8%ක් බව වැඩි දුරටත් වාර්තා වෙයි. ජල සැපයුම් පිළිබද ඇති ගැටළු, වහල වලින් සිදුවන වතුර කාන්දුවීම්  සහ උණු වතුර පිළිබද ඇති ගැටළු මීට  ඇතුලත්. මෙම ප්‍රතිශතයන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තරමක් වෙනස් අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එය 10% ක් ලෙසත්, දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ එය 12%ක් ලෙසත්, වික්ටෝරියා, Northern Territory සහ ටස්මේනියා ප්‍රාන්ත වල 6%ක් ලෙසත්, Australian Capital Territory හී 2%ක් ලෙසත් එම ප්‍රතිශතය සදහන් වෙයි.

තවද කුලී නිවාස හිමියන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු 10ක් මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ.



1. කැරපොත්තන්, කුබින් වැනි හිරිහැර සහගත සතුන්ගෙන් ඇති ගැටළු - 27%

2. දොරවල් සහ ජනේල අගුලු වල ඇති දෝෂ - 24%

3.තීන්ත ගැලවී යාම සහ Tiles වල ඇති ගැටළු -22%

4. වතුර කාන්දුවීම් - 21%

5. ඉවත්කළ නොහැකි පුස් (Mould) - 20%

6. මැස්සන් පැමිණීම වලක්වන Fly Screen වල ඇති දෝෂ - 19%

7. නිවාස නියමාකාරයෙන් උණුසුම් කිරීමට නොහැකි වීම - 18%    

8. නිවාස නියමාකාරයෙන් සිසිල්  කිරීමට නොහැකි වීම - 18% 

9. අගුලු නියමාකාරයෙන් ක්‍රියා නොකිරීම - 18%

10. නිවාස තුල අත්‍යවශ්‍ය උපකරණ  නියමාකාරයෙන් ක්‍රියා නොකිරීම -  17%

කුලී නිවාස ගැටළු පිළිබද පැමිණිලි නොකිරීමට හේතු

  1. කුලිය වැඩි කරනු ඇතැයි  බියෙන් පසුවීම - 42%
  2. නිවසෙන් ඉවත්කරු ඇතැයි  බිය වීම - 23%
  3. ඊළඟ නිවාස මිලදී කුලියට ගන්නා  විට නිර්දේශ ලබාගැනීමේදී ගැටළු ඇති වේ යැයි  විශ්වාස කිරීම  - 14%
  4. කුලී ගිවිසුම අලුත් නොකරනු ඇති බව විශ්වාස කිරීම - 14%
  5. තමන්ව අපහසුතාවයට පත් කරනු ඇතැයි බිය වීම - 8%
  6. තම ඉල්ලීම නොසලකා හරිනු ඇතැයි  විශ්වාස කිරීම - 8%
  7. තමන්ට අදාල පිරිවැය දැරීමට සිදුවනු ඇතැයි  විශ්වාස කිරීම - 6%

විවධ ප්‍රාන්ත වල කුලී නිවාස පිළිබද වැදගත් තොරතුරු

තවද ඕස්ට්‍රේලියාව  තුල නිවාස කුලිය වැඩිම ප්‍රාන්තය වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වන අතර, සතියක දල නිවාස කුලිය ඩොලර් 480ක් බව සදහන්. මෙය ලොව දෙවැනියට  වැඩිම නිවාස කුලී මිල බව වැඩි දුරටත් සදහන්.

 

වික්ටෝරියානු ප්‍රාන්තයේ - නිවාස 82,700 කට ආසන්න සංඛ්‍යාවක් හිස්ව පවතින බව සදහන් .

 

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සුරතල් සතුන් ඇති කිරීමට කැමැත්ත ලබාදෙන්නේ කුලී නිවාස 10%ක් බව සදහන්

 

 

ACT හී කුලී නිවාස හිමියන් 41%ක් විවිධ වෙනස්කම් වලට භාජනය වන බව විශ්වාස කරති.

 

අඩු අදායම් ලාභීන් සහ අධික නිවාස කුලිය හේතුවෙන් Tasmania ප්‍රාන්තය තුල නිවාස කුලියට ගැනීම අසීරු කාරණයක් බවට පත් වී තිබේ.

 

2016 වසරේ Darwin හි කුලී නිවාස මිල 4.6%කින් අඩු වී ඇති බව සදහන්.

 

දකුණු ඕස්ට්‍රේලියාවේ නිවාස වල කුලියට සිටින අයගෙන් 61%ක් වෙනසකම් වලට භාජනය වන බව විශ්වාස කරති.

 

 කෙටිකාලින පදනම මත වැඩිම ප්‍රතිශතයක් නිවාස වල කුලියට වාසය කරන්නේ Perth නුවර බව සදහන්. එම ප්‍රතිශතය 19%ක්

 

තවද රජයෙන් සහන දීමනා  ලබන අය, සුරතල් සතුන් ඇතිකරන අය, වයස්ගත පිරිස්, තරුණ ළමුන් ඇති දෙමාපියන්, තනි දෙමාපියන් (Single Parents),  යන පිරිස් ඕස්ට්‍රේලියාව  තුල නිවාස කුලියට ලබාගැනීමේදී වෙනස්කම් වලට භාජනය වන බව සදහන්.

 

තවද ජාත්‍යන්තරය සමග සසදා බැලීමේදීද ඕස්ට්‍රේලියානු නිවාස වෙළද ක්ෂේත්‍රය ඉතා දුර්වල තැනක ඇති බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

Share
Published 17 February 2017 10:57am
Updated 17 February 2017 12:15pm
By Sanjaya Dissanayake


Share this with family and friends