ඔස්ට්‍රේලියානු ආගමනික කටයුතු දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට මාරු වීමට ඩොලර් මිලියන 255 ක් වැය කිරීමට සැරසෙයි. (SBS සිංහල/ වාර්තා)

කැන්බරා ගුවන් තොටුපොළේ සිට මිනිත්තු 10 ක ධාවන කාලයක් ඇති මෙම නව ස්ථානයට ඔස්ට්‍රේලියානු ආගමනික කටයුතු දෙපාර්තමේන්තුව ගෙන යාම පසුගිය වසරේ මැයි මාසයේදී මුදල් අමාත්‍ය Mathias Cormann අනුමත කර තිබේ.

Immigration Department criticised for plans to spend $255 million moving staff to new precinct.

Source: ABC Australia

ඔස්ට්‍රේලියානු ආගමනික කටයුතු දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයින් දැනට පිහිටා ඇති ගොඩනැගිල්ලේ සිට කිලෝමීටර් 9 ක් දුරින් පිහිටි නව කාර්යාල සංකීර්ණය වෙත ස්ථාපනය කිරීමට ඩොලර් මිලියන 225 ක් පමණ වැය වෙන බවට පුවතක් වාර්තා වේ.

මෙය ඔස්ට්‍රේලියානු රජයේ සේවයේ කාර්යල ප්‍රතිස්ථාපනය කිරීමේ ඉතිහාසයේ වැඩිම පිරිවැයක් සටහන් කරන ප්‍රතිස්ථාපනය ලෙසද සඳහන් වේ.

මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ unified watch floor, situation rooms, briefing rooms, incident rooms, operations planning rooms සහ intelligence support rooms යන අංග පිහිටා තිබෙන බවද වාර්තා වේ.

කැන්බරා ගුවන් තොටුපොළේ සිට මිනිත්තු 10 ක ධාවන කාලයක් ඇති මෙම නව ස්ථානයට ඔස්ට්‍රේලියානු ආගමනික කටයුතු දෙපාර්තමේන්තුව ගෙන යාම පසුගිය වසරේ මැයි මාසයේදී මුදල් අමාත්‍ය Mathias Cormann අනුමත කර තිබේ.

නමුත් මෙම පිරිවැය නාස්තිකාර පිරිවැයක් ලෙස කම්කරු පක්ෂයේ සෙනට් සභික Kim Carr පවසා ඇති අතර බදු ගෙවන්නන් මත අනවශ්‍ය බරක් මෙමගින් පැටවෙන බව ද ඔහු පෙන්වා දෙයි.

නව ගොඩනැගිලි සංකීර්ණය කුලියට ලබා නොගෙන මිලට ගැනීමට හැකියාවක් ඇත්දැයි ඔහු රජයෙන් අසා ඇත. මන්ද එවිට බදු ගෙවන්නන්ගේ බදු මුදල් සඳහා සාධාරණයක් ඉෂ්ඨ වෙනු ඇතැයි ඔහු පැහැදිලි කරයි.

මේ අතර ගොඩනැගිල්ල මිලට ගැනීම, කුලියට ගැනීමට වඩා ලාභ දායක දැයි තවමත් ඇගයීම් සිදු කර නොමැති බව ඔස්ට්‍රේලියානු ආගමනික කටයුතු දෙපාර්තමේන්තුවේ බලධාරීන් පැවසීය.

“ඔබ මෙම ගොඩනැගිල්ලේ වසර 30 කට ආසන්න කාලයක් සිටින විට ඔබට ඒ සඳහා ඩොලර් බිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් වැය වෙනවා. නමුත් අදාළ අංග සහ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් සැදීමට කොපමණ මුදලක් වැය වෙනවාද?”  Kim Carr පැවසීය.

මෙම ගෙවීමට නියමිත කුලී මුදලට සාපේක්ෂව ගොඩනැගිල්ල මිලට ගැනීම වඩා යෝග්‍ය බව ඔහු පෙන්වා දෙයි.

එමගින් ඩොලර් මිලියන 324 ක මුදලක් ඉතිරි කර ගත හැකි බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය හෙළි දරව් වීම හේතුවෙන් මෙම මාරු වීම පිළිබඳ දෙවතාවක් සිතා බැලිය යුතු බව ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo පැවසීය.

කාර්යාලයේ ඇති නාන කාමරයේ තිබෙන තුවාය පවා මුදල් ඉතිරි කරගැනීම උදෙසා ගෙදරට ගෙනවිත් සෝදන බවද ඔහු පවසා තිබේ.

මේ වන විට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ පුද්ගලයින් 14,300 ක් පමණ සේවය කරන අතර ඉන් 6000 ක් පමණ රජයේ සේවකයින් කැන්බරා නුවර පදනම් කරගනිමින් සේවය කරයි.

මෙම මාරු වීම හේතුවෙන් කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පිහිටා ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 12 සිට 5 දක්වා අඩු වනු ඇති බවද වාර්තා වේ.

මීට අමතරව වසර 30 ක් පුරාවට ඩොලර් මිලියන 324 ක් මෙම ස්ථාන මාරුව හේතුවෙන් සිදු වන බවද දෙපාර්තමේන්තු බලධාරීන් පවසයි.

ඕස්ට්‍රේලියානු රජය මෙහි වර්ග මීටරයකට ඩොලර් 1200 ත් 1800 ත් අතර මුදලක් ගෙවන බවද කම්කරු පක්ෂයේ සෙනට් සභික Kim Carr පැවසීය.

මේ වන විට දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලේ කල් බද්ද 2017 – 2020 අතර කාලයේදී අවසන් වීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ නව මූලස්ථානයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තු සේවකයින් මෙන්ම සන්නද්ධ දේශ සීමා ආරක්ෂණ නිලධාරීන් ද සිටින බව පැවසේ.

ආසන්න වශයෙන් දේශ සීමා ආරක්ෂණ නිලධාරීන් ගෙන් 957 දෙනෙකු පමණ ආයුධ අතැතිව සිටින බව දේශ සීමා ආරක්ෂණ කොමසාරිස් Roman Quaedvlieg සෙනට් සභාවට පැවසීය.

මින් ඇතැම් දෙනා කැන්බරා නුවර සේවය කරන අතර එහි සංඛ්‍යාව ඉහළ දැමීමට අදහසක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

Share
Published 27 February 2017 9:45pm
Updated 27 February 2017 9:47pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends