ඔබත් ඕස්ට්‍රේලියාවේ තිබෙන ඉන්දියානු වෙළඳසැල් වලින් ආහාර වර්ග මිලදී ගන්නා අයෙක්ද ? එහෙනම් පරිස්සමින්. (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවට ආනයනය කරන 3000ක් පමණ ඉන්දියානු ආහාර වෙලඳ නාමයන් සහ තවත් වෙලඳ නාමයන් එක්සත් ජනපදයේදී 2015 සහ 2016 වසර වල් වලදී US Food and Drug Administration විසින් තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ . US Food and Drug Administration (FDA) විසින් එම වෙලඳ නාමයන් තහනම් කර ඇත්තේ කෘමිනාශක, සැල්මොනෙල්ලා, මෙලමයින් අන්තර්ගත වීම සහ ලේබල් වල ඇති අඩුපාඩු සහ අප්‍රසන්න පෙනුම නිසයි.

indian foods tested

Source: SBS

ඕස්ට්‍රේලියාවේ ඉන්දියානු වෙළඳ සල් වල ආනයනිත ආහාර ප්‍රමිතියෙන යුතු නොවන බවට විද්‍යුත් පණිවිඩ, ඡායාරූප සහ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ නොයෙකුත් පැමිණිලි ලැබී තිබෙනවා. එසේ මිලදී ගත් ආහාර පිළුණු වී හෝ අප්‍රසන්න දුගඳක් සහිත වූ බවටද වාර්තා වෙනවා. මෙම පැමිණිලි නිසාම  සිදුකර පරීක්ෂණ හමුවේ සොයා ගත්තේ මතු පිටින් පෙනෙනවාට වඩා ගැඹුරු ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය ඊයම්, තඹ, ආසනික්, තහනම් කෘමි නාශක, DDT සහ තවත් විශ වර්ග දක්වා දිව යනවා.

මිලදී ගත් ඇසුරුම් කළ ආහාර පිළිණු වී හෝ ඇසුරුම හානි වී ඇත්නම්, පාරිභෝගිකයින් එය ඉවත දමනවා. නමුත් ඔස්ට්‍රේලියවේ ආහාර ප්‍රමිතීන් පිලිබඳ විශේෂඥයන් පවසන්නේ ආහාරයක් පිළුණු වී නැති නිසා, එහි අහිතකර රසායනික ද්‍රව්‍ය ඇති බව නොපෙනෙන නිසා පාරිභෝගිකයින් එය පරිභෝජනය කරන බවයි. ඔස්ට්‍රේලියානු ආහාර ප්‍රමිතීන් තිබුනත්, ගෝලීයකරණය නිසා මෙරටට ආනයනය කරන ආහාර එම ප්‍රමිතීන් වලට අනුකූල නොවන මට්ටමක තිබිය හැකි බව ඔවුන් පවසනවා.

ඔස්ට්‍රේලියාවට ආනයනය කරන 3000ක් පමණ ඉන්දියානු ආහාර වෙලඳ නාමයන් සහ තවත් වෙලඳ නාමයන් එක්සත් ජනපදයේදී 2015 සහ 2016 වසර වල් වලදී US Food and Drug Administration විසින් තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ . US Food and Drug Administration (FDA) විසින් එම වෙලඳ නාමයන් තහනම් කර ඇත්තේ කෘමිනාශක, සැල්මොනෙල්ලා, මෙලමයින් අන්තර්ගත වීම සහ ලේබල් වල ඇති අඩුපාඩු සහ අප්‍රසන්න පෙනුම නිසයි.

2013 වසර අගබාගයේදී Haldiram tasty nuts තොගයක් ඔස්ට්‍රේලියානු වෙලඳ සැල් වලින් ඉවත් කරන ලද්දේ aflatoxin නම් විශ දිලීර අන්ග්තර්ගත වූ නිසයි. එක්සත් ජනපදය විසින්ද Haldiram tasty nuts නිශ්පාදන ප්‍රතික්ශේප කර තිබෙනවා.

 එක්සත් ජනපදය විසින් ප්‍රතික්ශේප කරන ලද ආහාර වෙලඳ නාම ලැයිස්තුවක් උපයෝගි කරගනිමින් SBS ගුවන් විදුලිය විසින් Melbourneහි ඉන්දියානු වෙලඳ සැල් වලින් නිශ්පාදන මිලදී ගත්තා. 18ක් නිශ්පාදන National Measurement Institute හි රසායනාගාර වෙත යවනු ලබුවා.

ප්‍රතිපල පෙන්වා දෙන්නේ නිශ්පාදන දෙකක් Australian food-safetyහි ප්‍රමිතීන් වලට අනුකූල නොවන බවයි. වැඩිදුරටත් එය පෙන්වා දෙනවා තහනම් කරඇති නිශ්පාදනයක් කෙසේ හෝ වෙලන්ඳ පොළේ ඇති බව. Kohinoor බාසුමති සහල් වල Buprofezin නම් තහනම් කෘමිනාශකය ඇත. MDH නම් ඉන්දියානු රසකාරක වල කෘමිනාශක Food Standards Australia New Zealand විසින් අනුමත මට්ටමට වඩා ඇත. ඔස්ට්‍රේලියාවේ තහනම් පුවක් වර්ගයක් වන carcinogen seed betel nut පවා Melbourne වෙලඳ පොළේ තිබෙනවා. අනෙකුත් නිශ්පාදන බොහොමයක අහිතකර ප්‍රශ්නය ඊයම්, තඹ, ආසනික්, ක්‍රෝමියම් සහ කැ ඩ්මියම් තිබෙනවා, MDH Tawa Fry Masalaහි Carbendazim දිලීරනාශක 0.22 සහ Imidacloropid කෘමි නාශක  0.66 මිලි ග්‍රැම් (අනුමත ප්‍රමාණයට වඩා) තිබෙනවා.

Infested bread discarded by spice supermarket
Source: Supplied

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ - Australian Centre for Human Health Risk Assessment හි අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය Brian Priestly අනාවරණය වුනු කරුණු ස්ථාවර කළා.
“මම ඔස්ට්‍රේලියවේ maximum-residue limit (MRL) regulations නීති සමග සසඳා බැලුවා. මෙම ප්‍රතිපල අනුමත මට්ටම් වලට වඩා මඳක් වැඩී. එම නිසා ඒවා නීති වලට අනුකූල නැහැ. අනුමත මට්ටමට වඩා වැඩියෙන් එම සන්ඝටක තිබෙන නිසා සෞඛ්‍යට සුළු වශයෙන් හෝ හානි වීමේ හැකියාවක් නැතැයි කියන්නට බැහැ”.
මහාචාර්ය Brian Priestly වැඩිදුරටත් පවසන්නේ යම්කිසි කෘමිනාශකයක් හෝ වෙනත් එවැනි රසායන වර්ගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රමිතීන් විසින් උපරිම සීමාවක් පණවා නොමැති නම්, එය කිසිසේත්ම ආහාර වල තිබිය යුතු නැති බවයි"

MDH Tawa Fry Masala සහ Nestle Cerelac හි අනිවාර්ය ලේබල් ප්‍රමිතීන් සම්පූර්ණ කර තිබුනේ නැහැ. වැඩෙන දරුවන් සඳහා වන ඉන්දියානු Heinz සමාගමේ   Complan කිරි පිටි , පාකිස්ථානයෙන් ගෙන්වන Indhu බාසුමතී සහල් සහ Verka ගිතෙල් වල ඊයම් සහ තඹ තිබෙන බවටද පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා . Verka ගිතෙල් හි DDT අඩන්ගු වෙනවා. ඉතා කුඩා ප්‍රමාන වලින් හෝ DDT පරිභෝජනය අහිතකර බවයි විශේෂන්ග්යන් පවසන්නේ.
එසේම Kohinoor  බාස්මති සහල් වල කිලෝ   1 ක මිලි ග්‍රාම  0.014 වූ Buprofezin  නම් කෘමි නාශකය අඩංගු වී තිබෙනවා. මහාචාර්ය Brian පවසන්නේ ඕස්ට්‍රේලියාවේ  Buprofezin සදහා අවම අගයක් නැති වුවත් එම රසායන ද්‍රව්‍ය කිසිසේත් සහල් වල අඩංගු නොවිය යුතු බවයි.
Kohinoor සහල් ගෙන්වන Aarkay International සමාගම මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පිලිබඳව ඉඩම් පරිහරණය පිලිබඳ පර්යේෂක  Anthony Amis  අදහස දැක්වූවා,
“මෙරටට ආනයනය කරන ආහාර වලින් 5% පමණයි quarantine service මගින් පරීක්ෂා වන්නේ. ඒ කියන්නේ 95% ආහාර පරික්ෂාවට ලක් නොවන බවත්, ඒවගේ ප්‍රමිතිය කෙසේදැයි යන්න අප නොදන්නා බවත්ය”
ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ද ආනයනය කරන ආහාර වලින් 5%ක් පමණක් පරීක්ෂාවට ලක් විය හැකි බව පවසනවා.

නමුත් දෙපාර්තමේන්තුව පවසන්නේ ආනයනය කරන සමාගම් 98%ක් ම ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන් අනුව කටයුතු කරන බවයි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Share
Published 28 November 2016 7:59pm
Updated 29 November 2016 2:41pm
By Charitha Adikari

Share this with family and friends