මෙල්බන් නුවර ලාංකිකයෙකුට අඩුවෙන් වැටුප් ගෙවූ සමාගමකට වැඩ වරදී. ඩොලර් 9000ක් ආපසු දෙයි. (SBS සිංහල/වාර්තා)

ඔහු සතියකට සාමාන්‍යයෙන් පැය 50ක් පමණ සේවය කර තිබූ අතර සමාගම විසින් ඔහුට වැටුප් ගෙවා ඇත්තේ පැය 30 - 38 ක කාලයකට පමණි. මීට අමතරව ඔහුට ගෙවා තිබුනේ පැයකට ඩොලර් 18ක් වැනි නීති විරෝධී, ඉතා අඩු වැටුපක් බවද හෙළිවී තිබේ.

Businessman hands holding money

Image: Loandesk Source: loandesk

මෙල්බන් නුවර ගෘහ භාණ්ඩ ඉවත්කිරීමේ ව්‍යාපාරිකයකු යටතේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු හට අදාළ ව්‍යාපාරිකයා අඩුවෙන් වැටුප් ගෙවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ  Fair Work Ombudsman ආයතනය ඩොලර් 9000ක මුදලක් එම ව්‍යාපාරිකයාගෙන් අයකරගෙන තිබෙන බව වාර්තා වේ.

Shelly Removals and Storage පුද්ගලික ආයතනය යටතේ මාස තුනක කාලයක් ට්‍රක් රථ රියදුරෙකු ලෙස හා ගෘහ භාණ්ඩ ඉවත්කිරීමේ සේවකයකු ලෙස සේවය කළ අදාළ ශ්‍රී ලාංකික පුද්ගලයාගේ ශ්‍රමය අනියම් ලෙස සූරා කෑමේ චෝදනාවට අනුව මෙය ක්‍රියාත්මක වී තිබේ.

අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට සරණාගතයෙකු ලෙස සංක්‍රමණය වී ඇති අතර ඔහුගේ ප්‍රථම රැකියාව මෙය බවද සඳහන්.

Australian Migrant English Service centre හි දැන්වීම් පුවරුවේ තිබු රැකියා දැන්වීමකට අනුව මෙම පුද්ගලයා අදාළ සමාගමේ සේවකයකු ලෙස බඳවාගෙන ඇති අතර එහිදී මෙරට සේවය කිරීමට අයිතියක් සහිත  bridging visa එකක් ඔහු සතුව තිබිණි.

ඔහු සතියකට සාමාන්‍යයෙන් පැය 50ක් පමණ සේවය කර තිබූ අතර සමාගම විසින් ඔහුට වැටුප් ගෙවා ඇත්තේ පැය 30 - 38 ක කාලයකට පමණි. මීට අමතරව ඔහුට ගෙවා තිබුනේ පැයකට ඩොලර් 18ක් වැනි නීති විරෝධී, ඉතා අඩු වැටුපක් බවද හෙළිවී තිබේ.

විදේශ ශ්‍රමිකයන් හට අදාළ සේවා යෝජකයා ගෙවනු ලැබූ වැටුප ඕස්ට්‍රේලියානු නීතියට අනුව පහත මට්ටමක තිබු බව Fair Work Ombudsman ආයතනයේ Natalie James පවසයි.

ඔස්ට්‍රේලියානු සේවකයන් හට ගෙවන වැටුප් අනුපාතයම විදේශ ශ්‍රමිකයන් හටද ලබාගැනීමට ඔවුන්ට පූර්ණ අයිතියක් ඇති බවද එය හෙට්ටු කිරීමට නොහැකි බවද Natalie James පැවසීය.

Road Transport and Distribution Award 2010යටතේ අනියම් සේවකයන් හට මූලික වැටුප පැයකට $23.75 ක් වන අතර අතිකාල සේවාවේදී එය $39.90 දක්වාද පිරිනැමිය යුතු අතර සති අන්තයේ $42.75 ක්ද ප්‍රසිද්ධ නිවාඩු දිනවලදී $52.25ක්ද ගෙවිය යුතු වෙයි.

මීට අමතරව අදාළ සේවකයා හට හිමිවිය යුතු භාණ්ඩ ඉවත් කිරීමේ සහ ආහාර දීමනාද සපයා නොතිබූ අතර රක්ෂණ ගාස්තු වැනි විවිධ ගාස්තු ඔහුගේ මූලික වැටුපෙන් කපා හැර තිබේ. එසේ ඔහුට අහිමිව ගිය මුළු මුදල $8711 ක් බව පැවසේ.

තමා මුහුණ දෙන අසාධාරණය Fair Work Ombudsman ආයතනය වෙත පැමිණිලි කිරීමෙන් පසුව මේ පිළිබඳ සොයා බැලීමට සේවායෝජක ආයතනයේ අධ්‍යක්ෂවරිය Sima Vaknin ද පූර්ණ සහයෝගය ලබා දී තිබේ.

මේ සම්බන්ධ කරුණු සියල්ල පැහැදිලි කර දීමෙන් අනතුරුව නීතිමය තත්ත්වයන්ට මුහුණ නොදී සේවකයාට හිඟ වැටුප් සහ දීමනා ගෙවීමට සමගම එකඟ වූ අතර Fair Work Ombudsman සමග සමාගමේ සේවා පුරුදු සංශෝධනය කරන්නටද සමාගම එකඟ වී තිබේ.

ඒ අනුව මෙම වසරේදී හා ලබන වසරේදී Shelly Removals and Storage සමාගම, වෘත්තියමය බාහිර විගණනයකට ලක් කිරීමට නියමිත අතර එහිදී වෙනත් අනුමැතිය රහිත කටයුතු තිබෙනවාද යන්න පිළිබඳ සොයා බලා ඒවාට පිළියම් සපයනු ඇති.

තම සමාගමේ අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය පිලිබඳ Fair Work Ombudsman හට වාර්තා කළ යුතු අතර කොමිසම මගින් සමාගමේ කළමණාකරුවන් හට පුහුණුව ලබදියය් යුතුද වෙයි. මීට අමතරව අදාළ සිදුවීම සටහන් කර අදාළ සේවකයාගෙන් සමාව ඉල්ලා සේවා ස්ථානයේ සහ ප්‍රසිද්ධියේ දැන්වීම් පළ කිරීමටද සමාගමට සිදුව තිබේ.

ඕස්ට්‍රේලියාවේ සේවා ස්ථාන නීති හා රෙගුලාසි පිළිබඳ මෙන්ම නොමිලයේ උපදෙස් ලබාගැනීමට සේවායෝජකයන් හට මෙන්ම සේවකයන් හටද ගොස් හෝ 13 13 94දුරකථන අංකයට අමතා හෝ ලබාගත හැකිවේ.

ඔබට භාෂා පරිවර්තකයකු අවශ්‍යනම් 13 14 50 අංකය අමතා එම පහසුකම ලබා ගත හැකිය. 

---------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38 සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria 97.7fm –NSW 105.5fm – Canberra 106.3fm – SA 93.3fm – QLD 96.9fm – WA සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 10 November 2016 10:19pm
Updated 11 November 2016 3:05pm
By Madhura Seneviratne
Source: Fair Work Ombudsman


Share this with family and friends