ආයෝජන දේපලක් ලෙස මිලදී ගත් නිවසක යමෙකු පදිංචිව නැත්නම් ඒ සදහා Negative gearing බදු සහන ලබාගත හැකිද ? (SBS සිංහල /වාර්තා)

කෙනෙකු ආයෝජනයක් ලෙස මිලදී ගෙන ඇති නිවසක යමෙකු පදිංචි වී නැත්නම්, එය බදු දීම සදහා වෙළදපොලට නිකුත් නොකළ දේපලක් නම් ඒ සදහා Negative gearing ක්‍රමවේදය යටතේ බදු සහන ලබාගත නොහැකි බව බදු උපදේශකයින්ගේ මතය වී තිබේ.

Housing rent

Young people who receive rent assistance are the most likely to be under rental stress. Source: AAP

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා  ප්‍රාන්ත වල නිවාස සහ දේපල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉතා ඉහල වර්ධනයක් දක්නට ලැබෙන අතර නිවාස සහ දේපල මිලද මෙම ප්‍රාන්ත දෙක තුල සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබේ. ඕස්ට්‍රේලියාව  තුල ආයෝජන  ලෙස නිවාස මිලදී ගෙන ඇති නිවාස හිමි කරුවන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් සිටින බව අර්ථ සදහන් කරයි. තත්වය මෙසේ තිබියදී කිසිවෙකු පංදිචි නැති නිවාසද විශාල සංඛ්‍යාවක් රට තුල ඇති බව වාර්තා පෙන්වා දෙන අතර, සිඩ්නි නුවර පමණක් මෙවැනි හිස් නිවාස 80,000ක් පමණ ඇති බව සදහන්.

 

ඕස්ට්‍රේලියානු බදු දත්ත වලට අනුව 2011 -12 මුල්‍ය  වර්ෂයට සාපේක්ෂව 2012-13 මුල්‍ය  වර්ෂයේ දළ  කුලී පාඩු වල අඩුවීමක් දක්නට ලැබෙන අතර දල කුලී ලාභ වල වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

 

ඕස්ට්‍රේලියානු දේපල වෙළදපොල පිලිබදව අදහස් දක්වන දේපල බදු උපදේශක  Shukri Barbara පවසන්නේ සමහරක් ඕස්ට්‍රේලියාව  තුල ආයෝජනය කර ඇති විදේශීය ආයෝජකයින් තම නිවෙස් හිස්ව තබා ගැනීමෙන් බදු සහන ලබාගන්නා  බවයි. යමෙකුට ඉක්මන් අදායමක් අවශ්‍ය නැත්නම් තම මුදල් මෙවැනි වත්කම් තුල ආයෝජනය කිරීමෙන්, පවතින  අඩු පොලී  අනුපාතිකය සමගින් නිවාස මිල ඉහල ඉහල යන නිසා ඉතා හොද වටිනාකමක් තම ආයෝජනයට මෙමගින් ලබා ගත හැකි බව ඔහු වැඩි දුරටත් පවසයි.

 

යම් ආයෝජන  දේපලක  බදු අදායමට , වඩා  එහි නඩත්තු වියදම වැඩිනම් ඒ සදහා Negative Gearing ක්‍රමවේදය යටතේ බදු සහන ලබාගත හැකියි. මෙම වියදම් වලට ණය  සදහා ගෙවන පොලිය , නඩත්තු වියදම්, රක්ෂණ වියදම්,  strata fees සහ වරිපනම් බදු ආදිය ඇතුලත්. නමුත් යමෙකුට තම ආයෝජන දේපල මගින් බදු අදායමක් ලැබෙන්නේ නැත්නම් ඒ සදහා රජයෙන් බදු සහන ලබාගත නොහැකි බව බදු උපදේශක  Shukri Barbara පවසයි. යමෙකු එසේ බදු සහන ලබන්නේ නම් ඔවුන් ඕස්ට්‍රේලියානු අදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කල හැකි බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.  එහිද එම දේපල නියම ආයෝජන  දෙපලක්දැයි  අදායම බදු දෙපාර්තමේන්තුව (ATO ) විමසා බලනු ඇති බව Shukri Barbara මහතා පවසයි.

 

 නමුත් යම් යෝජනා දේපලක් බදු දීම සදහා වෙළද පොලට නිකුත් කලද ඒ සදහා කුලී නිවැසියෙක් සොයා ගැනීමට නිවසේ අයිතිකරුට නොහැකි වුවහොත්, එවැනි ආයෝජකයින්ට බදු සහන ලබා ගත හැකි බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි. අදාල ආයෝජනයෙන් අදායමක් ලබාගැනීමට එහි අයිතිකරු උත්සාහ දරන බව පෙනෙන්නට තිබීම මෙහිදී වැදගත් කරුණක් බව සදහන්.

 

තවද නිවාඩු සදහා භාවිතා  කරන නිවාස (Holiday House ) සම්පුර්ණයෙන් භාවිතා  කරනු ලබන්නේ තමන්ගේ විනෝදය සදහා පමණක් නම් ඒ සදහා බදු සහන ලබාගත නොහැකි බව බදු උපදේශක  Shukri Barbara පවසයි. නමුත්  එය කෙටි කාලින පදනමක් මත  බදු දීමට වෙළද පොලට නිකුත් කර ඇත්නම් ඒ සදහා යම් බදු සහන ලබා ගත හැකි බව සදහන්.

Share
Published 25 November 2016 8:48am
Updated 25 November 2016 10:44am
By Sanjaya Dissanayake


Share this with family and friends