ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය 2017 – 18 නවතම “රැකියා සීමා ලැයිස්තුව” මෙන්න. (SBS සිංහල/වාර්තා)

පසුගිය වසරේ “රැකියා සීමා ලැයිස්තුව” සමග සංසන්දනය කරන කල මෙවර “රැකියා සීමා ලැයිස්තුවේ” ඇතැම් ජනප්‍රිය රැකියා සඳහා කෝටා ප්‍රමාණය වැඩි කර ඇතිබවක් පෙනී ගොස් තිබේ.

Australia released New Occupation ceiling list for 2017 -18

Source: SBS

ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද? එසේත් නැතිනම් ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද?එසේනම ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුය.

2017 – 18 වසර සඳහා බලපැවැත්වෙන නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list” මේ වන විට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින්  ප්‍රදර්ශනය කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.
ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

පසුගිය වසරේ ලැයිස්තුව හා බලන කල සිදුකර ඇති වෙනස්කම්.

පසුගිය වසරේ “රැකියා සීමා ලැයිස්තුව” සමග සංසන්දනය කරන කල මෙවර “රැකියා සීමා ලැයිස්තුවේ” ඇතැම් ජනප්‍රිය රැකියා සඳහා කෝටා ප්‍රමාණය වැඩි කර ඇතිබවක් පෙනී ගොස් තිබේ.

උදාහරණයක් ලෙස ගණකාධිකාරී සඳහා 2016-17 කෝටාව 2500 ක් වූ නමුත් මෙවර එය 4785 ක් දක්වා වැඩි කර තිබේ.

එමෙන්ම Software and Applications Programmers සඳහා 2016-17 කෝටාව 5662 ක් වූ නමුත් මෙවර එය 6202 දක්වා වැඩි කර තිබේ.

Early Childhood (Pre-primary School) Teachers සඳහා 2016-17 කෝටාව 1822 ක් වූ නමුත් මෙවර එය 2639 දක්වා වැඩි කර ඇත.

2017 – 18 වසර සඳහා නිකුත් කළ නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list 2017 – 18” පහත පරිදි වේ.

Occupation ID

Description

Occupation Ceiling Value 2017-18

Invitations to date

1331

Construction Managers

5400

12

1332

Engineering Managers

1155

1

1341

Child Care Centre Managers

1000

0

1342

Health and Welfare Services Managers

1374

2

2211

Accountants*

4785

478

2212

Auditors, Company Secretaries and Corporate Treasurers*

1327

132

2241

Actuaries, Mathematicians and Statisticians

1000

1

2245

Land Economists and Valuers

1000

2

2321

Architects and Landscape Architects

1474

5

2322

Cartographers and Surveyors

1000

2

2331

Chemical and Materials Engineers

1000

7

2332

Civil Engineering Professionals

3296

29

2333

Electrical Engineers

1042

13

2334

Electronics Engineers*

1000

100

2335

Industrial, Mechanical and Production Engineers*

2178

216

2339

Other Engineering Professionals*

1000

100

2341

Agricultural and Forestry Scientists

1000

6

2346

Medical Laboratory Scientists

1487

3

2347

Veterinarians

1000

1

2349

Other Natural and Physical Science Professionals

1000

5

2411

Early Childhood (Pre-primary School) Teachers

2639

4

2414

Secondary School Teachers

7910

9

2415

Special Education Teachers

1000

0

2512

Medical Imaging Professionals

1113

3

2514

Optometrists and Orthoptists

1000

0

2519

Other Health Diagnostic and Promotion Professionals

1000

0

2521

Chiropractors and Osteopaths

1000

0

2524

Occupational Therapists

1109

4

2525

Physiotherapists

1464

2

2526

Podiatrists

1000

1

2527

Speech Professionals and Audiologists

1000

1

2531

General Practitioners and Resident Medical officers

3495

9

2533

Internal Medicine Specialists

1000

0

2534

Psychiatrists

1000

0

2535

Surgeons

1000

0

2539

Other Medical Practitioners

1000

14

2541

Midwives

1090

0

2544

Registered Nurses

16741

49

2611

ICT Business and Systems Analysts*

1574

156

2613

Software and Applications Programmers*

6202

620

2621

Database and Systems Administrators and ICT Security Specialists

2391

1

2631

Computer Network Professionals*

1318

130

2633

Telecommunications Engineering Professionals

1000

30

2711

Barristers

1000

0

2713

Solicitors

4161

6

2723

Psychologists

1750

2

2725

Social Workers

1562

17

3122

Civil Engineering Draftspersons and Technicians

1000

3

3123

Electrical Engineering Draftspersons and Technicians

1000

4

3132

Telecommunications Technical Specialists

1000

3

3211

Automotive Electricians

1000

0

3212

Motor Mechanics

5980

5

3222

Sheetmetal Trades Workers

1000

0

3223

Structural Steel and Welding Trades Workers

4426

2

3232

Metal Fitters and Machinists

5330

0

3233

Precision Metal Trades Workers

1000

0

3241

Panelbeaters

1344

0

3311

Bricklayers and Stonemasons

1271

0

3312

Carpenters and Joiners

6968

3

3322

Painting Trades Workers

2780

2

3331

Glaziers

1000

1

3332

Plasterers

2103

0

3334

Wall and Floor Tilers

1407

0

3341

Plumbers

5507

0

3411

Electricians

9354

2

3421

Airconditioning and Refrigeration Mechanics

1427

0

3422

Electrical Distribution Trades Workers

1000

0

3423

Electronics Trades Workers

1878

3

3513

Chefs

2675

3

3941

Cabinetmakers

1905

0

3991

Boat Builders and Shipwrights

1000

0

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 8 August 2017 12:42am
Updated 11 August 2017 3:58pm
By Madhura Seneviratne


Share this with family and friends