ඔස්ට්‍රේලියාවේ නිවාස සැපයීමේ අර්බුදය විසදීම සඳහා පරස්පර විරෝධී සැලසුම් දෙකක්. (SBS සිංහල/වාර්තා)

Negative gearing ක්‍රම වේදය තිබිය යුතුය හෝ ඉවත් කළ යුතුය යන්න බව මෙම යෝජනා ද්විත්වයේ පරස්පරය විදහා දක්වන ප්‍රධාන කරුණකි.

Australia Housing Market

Source: SBS

ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මට්ටමේ නිවාස සැපයීමේ අර්බුදය විසදීම සඳහා නිවාස විමර්ශකයින් විසින් පරස්පර විරෝධී සැලසුම් දෙකක් ඊයේ (26/04) ඉදිරිපත් කළේය.

ඒ අනුව 'Fixing Housing Affordability' නමින් 1කරුණු 10 ක් ඇතුළත් සැලැස්මක් ඔස්ට්‍රේලියාවේ දේපළ කවුන්සිලය විසින් නිකුත් කෙරුණු අතර නිවාස සැපයුම ඉහළ දැමීම, නිවාස නිෂ්පාදන වියදම් පහත හෙළීම සහ  මුද්දර ගාස්තු අහෝසි කිරීම එහි ඇතුළත් ප්‍රධාන කරුණු වේ.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන ‘Keystart’ වැඩසටහන වැනි වූ වැඩසටහනක් යටතේ ප්‍රථම නිවාසය ගන්නා පුද්ගලයින් හට අවම මූලික ගෙවීමක් මත නිවාස ණය ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටද ඔස්ට්‍රේලියාවේ දේපළ කවුන්සිලය යෝජනා කර ඇති බව එහි ප්‍රධාන විධායක Ken Morrison පැවසීය.

"ඔස්ට්‍රේලියාවේ විශාල නගර වල නිවාස වෙළෙඳ පොළවලට ප්‍රථමයෙන් ඇතුළු වීමට නූතන වැටුප් හිමි පුද්ගලයින් හට ඉතා අපහසුයි. එය ඇත්තෙන්ම සූක්ෂමයි. ප්‍රාන්ත මට්ටමින්, නගර සභා මට්ටමින් සහ මධ්‍යම රජය මට්ටමින් සිදු විය යුතු විස්තරාත්මක ප්‍රතිපත්ති රාශියක් මෙහිදී තිබෙනවා. " Morrison , SBS පුවත් වෙත පැවසීය.

මේ අතර ප්‍රධාන කරුණු 6 ක් ඇතුළත් දෙවන සැලැස්ම සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු කවුන්සිලය විසින් ඉදිරිපත් කර තිබෙන අතර අඩු ආදායම් ලාභීන්ගේ සිට මධ්‍යම ආදායම් ලාභීන් දක්වා එය ඉලක්ක කර ඇත.

"සාමාජ හා දැරිය හැකි මට්ටමේ නිවාස වල වැඩි වර්ධනයක් අපට අවශ්‍යයි. අඩු ආදායම් ලාභී පුද්ගලයින් හට සමාජ නිවාසද (social housing) ඉතා නූතන ආදායම් සහිත වුවන් හට දැරිය හැකි මට්ටමේ නිවාස ද (affordable housing ) අප යෝජනා  කරනවා. මුල්‍ය සැකසීම් සඳහා ආදායම් මට්ටම්  සාධකයක් බව අප විශ්වාස කරනවා." සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය Cassandra Goldie පැවසුවාය.

Negative gearing හි අනාගතය

ඉහත කණ්ඩායම් දෙකේ පරස්පරය විදහා දක්වන්නේ Negative gearing ක්‍රම වේදය තිබිය යුතුය හෝ ඉවත් කළ යුතුය යන්න බව පැහැදිලි වන ප්‍රධාන කරුණකි.

Negative gearing ක්‍රමවේදය ඉවත් කළ යුතු බව ආචර්ය Goldie විශ්වාස කරයි.

ඔස්ට්‍රේලියාවේ දේපළ කවුන්සිලය  එම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කරයි.

මේ අතර negative gearing ක්‍රමවේදය වෙනස්  නොකළ යුතු බව නිවාස කර්මාන්ත සංගමයේ Graham Wolfe පවසයි.

"නිවාස වෙළඳ පොළට පැමිණීමට  negative gearing ක්‍රමවේදය ආයෝජකයින් හට අවස්තාව සලසනවා. ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් කර්මාන්තය ක්‍රියාත්මක කිරීමට සහ වෙළෙඳ පොළට වැඩි සැපයුමක් ගෙන දීමට  negative gearing ක්‍රමවේදය සහය වෙනවා." Graham Wolfe, SBS පුවත් වෙත පැවසීය.

"මධ්‍යම රජය, ප්‍රාන්ත රජයන් සහ නගර සභා යන කණ්ඩායම් සියල්ලම එකට හිඳගෙන ඔවුන්ගේ වගකීම් මැනවින් අවබෝධ කරගෙන මේ සඳහා ප්‍රයෝගික විසඳුමක් සැපයිය යුතුයි. " ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස සැපයීම විශාල ගැටළුවක් බව නිවාස හා  සම්බන්ධ සියලුම කණ්ඩායම් එකඟ වන බව ඔස්ට්‍රේලියාවේ දේපළ කවුන්සිලයේ  ප්‍රධාන විධායක Ken Morrison පැවසීය.

තරගකාරිත්වය ඉහළ නිසා අනාගත ගැනුම්කරුවන් සඳහා එම නගරවල සැලකිය යුතු තරමේ නිවාස නොමැති බවත් එනිසා නිවාස මිළ පහත හෙළිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

නිවාස  සැපයුම, නව නිවාස ඉදිකිරීම්දී වියදම අඩු කිරීම වැනි දෑ පිළිබඳ අපට නව ප්‍රතිපත්ති අවශ්‍ය බව ඔහු පැහැදිලි කරන අතර ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීමේ චක්‍රය නොනැවතී  දිගින් දිගටම ඉදිරියට යා යුතු බව ද ඔහු පෙන්වා දෙයි.



Share
Published 27 April 2017 11:48am
Updated 27 April 2017 12:02pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends