ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය තුළ තමන් නූගත් විෂයයන් උගන්වන ගුරුවරුන් පිළිබඳ අලුත්ම වාර්තාවක්. (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියාවේ 7 වසරේ සිට 10 වසර දක්වා පන්ති සඳහා උගන්වනු ලබන ගුරුවරුන්ගෙන් හතරෙන් එකක් සහ 11 වසරේ සිට 12 වසර දක්වා උගන්වනු ලබන ගුරුවරුන්ගෙන් 15% ක් පාසල් වල උගන්වනු ලබන්නේ තමන් විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසරේ ඉගෙනුම ලැබූ විෂයයන් නොවන අතර ගුරු පුහුණුව පවා නොලැබූ විෂයයන් බව අධ්‍යාපනික පර්යේෂණ සඳහා වූ ඔස්ට්‍රේලියානු කවුන්සිලයේ (ACER) නවතම දත්ත පෙන්වා දෙයි.

Teaching

Source: www.smh.com.au

විශ්ව විද්‍යාලයෙන් භාෂා ගුරුවරියක් ලෙස උපාධිය ලබා මාස 5 කට පසුව Anna Du Plessis හට භූගෝල විද්‍යාව ඉගැන්වීමට සිදු විය.

එතැන් පටන් තම වසර 26 ක ගුරු ජීවිතයේ වසර 15 ක්ම උසස් පෙළ ගණිතයේ සිට ප්‍රාථමික පන්ති සඳහා සංගීතය දක්වා වන ඇය සුදුසුකම් නොලැබූ විෂයයන්  ඉගැන්වීමට ඇය හට සිදු විය.

"මම භූගෝල විද්‍යාව ගැන මුකුත්ම දන්නේ නැහැ. මට සංගීතයේ ස්වරයක්වත් කියවගන්න බැහැ. මට මුලින්ම ඒවා දන්නා උදවියගෙන් අහගන්න සිද්ධ වුණා. ඇත්තටම ඒක හරිම අමාරු කාලයක්." Anna පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ 7 වසරේ සිට 10 වසර දක්වා පන්ති සඳහා උගන්වනු ලබන ගුරුවරුන්ගෙන් හතරෙන් එකක් සහ 11 වසරේ සිට 12 වසර දක්වා උගන්වනු ලබන ගුරුවරුන්ගෙන් 15% ක් පාසල් වල උගන්වනු ලබන්නේ තමන් විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසරේ ඉගෙනුම ලැබූ විෂයයන් නොවන අතර  ගුරු පුහුණුව පවා නොලැබූ විෂයයන් බව අධ්‍යාපනික පර්යේෂණ සඳහා වූ ඔස්ට්‍රේලියානු කවුන්සිලයේ (ACER) නවතම දත්ත පෙන්වා දෙයි.

මේ තත්ත්වය සහ ගුරුවරුන්ගේ මානසිකත්වය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කර ඇති බව පවසන Australian Catholic විශ්ව විද්‍යාලයේ පර්යේෂක වෛද්‍ය Du Plessis ගුරුවරුන්ගේ මෙම ගැටලුව පිළිබඳ රචිත ග්‍රන්ථයක්ද එළඹෙන ජුනි මාසයේදී එළි දැක්වීමට අපේක්ෂිතය.
"ඔබ උගන්වන විෂයයන් පිළිබඳ ඔබට කිසිම අවබෝධයක් නොමැති විට ඔබට ඔබ වරදකරුවෙකු ලෙස හැගී යයි. විශේෂයෙන්ම 11 සහ 12 වසර සිසුන් සඳහා උගන්වන විට. ඔබ මෙම ක්‍රියාව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරගෙන යනවා නම් ඔබ ක්ෂීණ වෙනවා. ඔබගේ අරමුණ කරා ඔබ නොගිය බවක් හැඟෙනවා. මෙය ඔබව කායිකව සහ මානසිකව විඩාවට පත් කිරීමට මග පාදනවා." ඇය පැවසුවාය.
මේ තත්ත්වය මත ඇතැම් ගුරුවරුන් හට මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති අතර නිසි පුහුණුවක් නොලැබීම හේතුවෙන් ඔවුන් හට මානසික උපදේශණ සේවාද සැපයීමට සිදුවූ අවස්ථා ඇති බව වෛද්‍ය Du Plessis පෙන්වා දෙයි.

තම ගුරු ජීවිතයේ ප්‍රථම හා දෙවැනි වසර වලදී 37% ක් පමණ ගුරුවරු තමන්ගේ ක්ෂේත්‍රයෙන් පිටත විෂයයන් උගන්වන අතර අත්දැකීම් ඇති පරිණත ගුරුවරු හා සසදා බැලීමේදී තරුණ ගුරුවරු හට මේ තත්ත්වය දැඩි ලෙස බලපාන බවද පෙනී යයි.

වෛද්‍ය Du Plessis පවසන පරිදි දෙවන වසරේ සිටින එක් විද්‍යා ගුරුවරියක් හට ශාරීරික සුවතා ඉගැන්වීමට සිදුවී ඇති අතර එළිමහනේදී එම කටයුතු කිරීමට ඇය මැලි කමක් දක්වයි.

මෙම කටයුතු වෙනස් නොවන්නේ නම් ඇය තම ගුරු වෘත්තියෙන් ඉවත් වන බවද ඇය පැවසූ බව වෛද්‍ය Du Plessi ප්‍රකාශ කළාය.

ගුරුවරුන් මෙසේ කායිකව සහ මානසිකව විඩාවට පත්වීම ක්ෂේත්‍රයේ බහුලව දක්නට ලැබෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද්විතීක පාසල් වල විදුහල්පති වරුන්ගේ සංගමයේ සභාපති Chris Presland පැවසීය.

ඔවුන් මෙම තත්ත්වය හේතුවෙන් හෙම්බත් වී ඇති බවද එනිසාම ඔවුන් වෙනත් රැකියාවන් සොයා ගුරු  වෘත්තියෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා ඔස්ට්‍රේලියානු ගුරුවරුන්ගේ විශාල හිඟයක් පවතින බව ද පැවසේ.
2016 ACER වාර්තාවට අනුව 7 සිට 10 වසර දක්වා තොරතුරු තාක්ෂනය උගන්වන ගුරුවරුන් 41% ක්ද භෞතික විද්‍යාව උගන්වන ගුරුවරු 23% ක්ද ගණිතය උගන්වන ගුරුවරු 21% ක්ද එම විෂයයන් සඳහා ප්‍රවීණයින් නොවන බව වාර්තා වේ.
මෙම ගැටලුව විසදීම අතිශය දුෂ්කර බවද Chris Presland පෙන්වා දෙයි.

පළමුවෙන්ම, පාසල් තාක්ෂණික විෂයයන් උගන්වන බවට ප්‍රකාශ කළද ඔවුන් ට ඒ සඳහා සුදුසුකම් ලත් ගුරුවරු නොසිටීම එක් හේතුවකි.

පාසල් අදාළ විෂයයන් ලබා දීම මුලුමනින්ම නතර කිරීම දෙවන්න  වේ.

අවම සමාජ-ආර්ථික මට්ටමේ දී විෂයය ක්ෂේත්‍රයෙන් පිටත ඉගැන්වීම් කටයුතු සිදු කිරීම බහුලව ව්‍යාප්තව ඇති අතර සමස්තයක් ලෙස ගත කළ 7 වසරේ සිට 10 වසර දක්වා උගන්වනු ලබන ගුරුවරුන්ගෙන් 31% ක් එලෙස තම විෂයය ක්ෂේත්‍රයෙන් පිටත ඉගැන්වීම් කටයුතු සිදු කරන බවද හෙළිවී ඇත.

දුර බැහැර ප්‍රදේශ වල මෙම ප්‍රතිශතය 41% ක් වන අතර නාගරික ප්‍රදේශ වල මෙය 24% ක ප්‍රතිශතයක් ගනී.

Share
Published 24 April 2017 10:00am
Updated 24 April 2017 10:04am
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends