ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම අපහසු නොකර තවත් පහසු කළ යුතුයි : FECCA සංවිධානය කියයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී ඇති බහුවරණ ප්‍රශ්න පත්‍රයේ "Is it permissible to force children to marry?" සහ "Under what circumstances can you strike your spouse in the privacy of your own home?" යනාදී ප්‍රශ්න ද ඇතුළත් බව සඳහන්.

Australian citizenship Changes

Citizenship Test is one of many changes ushered in by the Australian government over the past few years Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේ නවතම වෙනස්කම් කිහිපයක් පිළිබඳ ඊයේ (20/04) දිනයේදී ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් හට පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ පරීක්ෂණයට මුහුණ දීමට වසර 4 ක කාලයක් බලා සිටිය යුතු වේ.

එමෙන්ම එම බහුවරණ ප්‍රශ්න පත්‍රයේ  "Is it permissible to force children to marry?" සහ  "Under what circumstances can you strike your spouse in the privacy of your own home?" යනාදී ප්‍රශ්න ද ඇතුළත් බව සඳහන්.

මීට අමතරව ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය ද ඉහළින් මැන බැලීමට නියමිතය.



නමුත් ආගමන කටයුතු වලදී ඔස්ට්‍රේලියානු රජය, සංක්‍රමණිකයින් හට මීට වඩා සහය දැක්විය යුතු බව Federation of Ethnic Communities Councils of Australia (FECCA) හෙවත් ඔස්ට්‍රේලියාවේ ජන ප්‍රජා කවුන්සිල් එක්සත් ව්‍යාපාරය විශ්වාස කරයි.

"ඔස්ට්‍රේලියානු සමාජයේ කොටසක් වීම සඳහාමෙම ක්‍රියාවලිය තව තවත් දැඩි කරනවාට වඩා  මිනිසුන් හට මෙම ක්‍රියාවලිය පහසු කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම්ද ලබා දිය යුතුයි." FECCA සංවිධානයේ සභාපති Joe Caputo පැවසීය.

"මිනිසුන් හට සහභාගී වීමට අවශ්‍යයි. සමාජ කටයුතු වලට සම්බන්ධ වීමට අවශ්‍යයි. පුරවැසිභාවය ලබා ගැනීම මෙලෙස දැඩි කිරීමෙන් මේ රට හොඳ තත්ත්වයක තබා ගන්න පුළුවන් වන්නේ නැහැ. මින්සුන්ට අවස්තාව ලබාදීලා ඔවුන්ගේ දායකත්වය ලබා ගතහොත් ඉදිරියට යන්න පුළුවන්. එයයි මේ රටේ ඉතිහාසය. ඒ හින්ද තමයි ඔස්ට්‍රේලියාව ලෝකයේ වඩා සාර්ථකම බහු සංස්කෘතික රට බවට පත්ව ඇත්තේ." FECCA සංවිධානයේ සභාපති Joe Caputo වැඩි දුරටත් පැවසීය.

මෙම වෙනස්කම් සිදු කරනු ලැබ ඇත්තේ මුස්ලිම් වරුන් ඉලක්ක කරගනිමින් බව ද FECCA සංවිධානය චෝදනා කරයි.

නමුත් ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

"ගෘහස්ත හිංසනය ගැන කතා බහ කරනවිට අපට එක් ජාතියකට ලඝු කිරීමට බැහැ. එම අර්බුද සෑම ජාතියක්ම සහ ප්‍රජා කණ්ඩායමක්ම අත් විඳිනවා. අපි කිසිම ජන කණ්ඩායමක් මෙහිදී තනි කරලා නැහැ." අමාත්‍ය Peter Dutton පැවසීය.

"සමාජයට නුසුදුසු දේවල් නුසුදුසු බව පෙන්වා දිය යුතුයි. ඒවා අනුමත කරන්නට බැහැ. ඔබ තුන්වන පරම්පරාවේ ඔස්ට්‍රේලියානුවෙක් හෝ ඔස්ට්‍රේලියාවට මෑතදී ආගමනය වූ අයෙක් හෝ වේවා ඔස්ට්‍රේලියානු වටිනාකම් සහ නීතියට ගරු කළ යුතුයි. " ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Share
Published 21 April 2017 11:26am
Updated 12 August 2022 3:59pm
By Madhura Seneviratne, Matt Connellan
Source: SBS News


Share this with family and friends