ඔස්ට්‍රේලියාවේ 457 වීසා වෙනුවට පැමිණෙන නැවතම වීසා ඛාණ්ඩ දෙකේ තොරතුරු සහ අවශ්‍යතා මෙන්න. (SBS සිංහල/වාර්තා)

පළමු ගනයේ වීසා ඛාණ්ඩය සඳහා වසර 2 ක කාලයක් වීසා හිමි වන අතර ඒ සඳහා සේවා පළපුරුද්ද තිබීම අත්‍යවශය වේ. දෙවන වීසා ඛාණ්ඩය සඳහා වසර 4 ක් හිමි වන අතර ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මෙන්ම නියමාකරයේ අපරාධ පරීක්ෂාවක් අවශ්‍ය වේ.

Departure stamp on the inside page of a passport.

Departure stamp on the inside page of a passport. Source: SBS

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කෙරෙන 457 වීසා ඉදිරියේදී අහෝසි කරන බවට ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඊයේ (18/04) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඔස්ට්‍රේලියාව ලොව සාර්ථකම බහු සංස්කෘතික ආගමන ජාතියක් නමුත් ඔස්ට්‍රේලියානුවන් පළමු තැන තැබීමට කාලය එළඹ ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

"ලොව වඩාත්ම සාර්ථක බහු සංස්කෘතික ජාතිය ඔස්ට්‍රේලියාවයි. අප සංක්‍රමණිකයින්ගෙන් සැදුම් ලත් ජාතියක්. නමුත් ඔස්ට්‍රේලියානු රැකියා සඳහා ඔස්ට්‍රේලියානුවන් හට ප්‍රමුඛතාව ලබා දිය යුතු කාලය එළඹිලා." ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඊයේ  (18/04) සිය නිල Facebook පිටුවේ වීඩියෝවක් මගින් ප්‍රකාශ කළේය.

"රැකියා කිරීම සඳහා ඔස්ට්‍රේලියාව තුළට පැමිණීමට 457 වීසා සඳහා අප තවත් ඉඩ දෙන්නේ නැහැ." යනුවෙන්ද ඔහු පැවසීය.

"ජාතික වශයෙන් වැදගත්වූ අවශ්‍යතා මත පදනම්ව විශේෂිතවූ නවතම තාවකාලික වීසා වර්ග දෙකකින්  457 වීසා ආදේශ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ ඇතුළත්ව නියම නිපුණතා හිඟය ඉලක්ක කරගනිමින් මෙම නව වීසා ඛාණ්ඩය හඳුන්වා දීමට නියමිතයි." අගමැති ටර්න්බුල් වැඩි දුරටත් පැවසීය.



සේවා පළපුරුද්ද, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය සහ ශ්‍රම වෙළෙඳ පොළේ තත්ත්වය යන අවශ්‍යතා නව වීසා වැඩසටහන සඳහා ඇතුළත් බව සඳහන්.

රජයේ සැලසුමට අනුව මේ වන විට තාවකාලික වීසා සඳහා අදාළ වන රැකියා ලැයිස්තුවේ රැකියා 650, 200 කින් අඩු කරනු ඇත.

පළමු ගනයේ වීසා ඛාණ්ඩය සඳහා වසර 2 ක කාලයක් වීසා හිමි වන අතර ඒ සඳහා සේවා පළපුරුද්ද තිබීම අත්‍යවශය වේ.

දෙවන වීසා ඛාණ්ඩය සඳහා වසර 4 ක් හිමි වන අතර ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මෙන්ම නියමාකරයේ අපරාධ පරීක්ෂාවක් අවශ්‍ය වේ.

ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අනුව 2016 වසරේ සැප්තැම්බර් මස වන විට 457 වීසා යටතේ ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන විදේශ ශ්‍රමිකයින් සංඛ්‍යාව 95,758 කි.

ඉන් බහුතරය ඉන්දියානුවන් (26.6%) වන අතර දෙවනුව එක්සත් රාජධානියද (16.9%) තෙවනුව චීනයද (6.1%) සිටිති.

වර්තමාන 457 වීසා මත සිටින ශ්‍රමිකයින් හට මෙය බල නොපාන බව පැවසේ.

වසර දෙකේ නව වීසා මගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ නොහැකි අතර මේ වන විට 457 වීසා මත සිටින ශ්‍රමිකයින් හට මෙම නව තීරණ බල නොපාන බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

මෙම නව වැඩසටහන දියත් කිරීම අද (19/04) සිට ක්‍රියාත්මක කෙරෙන බවත් සම්පූර්ණ මෙහෙයුම් කටයුතු 2018 මාර්තු වන විට සිදු වන බවත් ඔහු SBS පුවත් වෙත පැවසීය.

නව සැලසුමට විපක්ෂ නායකගෙන් Twitter ප්‍රහාරයක්.

මෙම නව සැලසුම වෙත ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Bill Shorten තම දැඩි අප්‍රසාදය සිය Twitter ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ.

"Make no mistake, the only job Malcolm Turnbull cares about saving is his own," යනුවෙන් ඔහු තම Twitter  ගිණුමේ සඳහන් කර තිබුණේය.
457 visa change
Source: Twitter

නව සැලසුමට Pauline Hanson ගේ ප්‍රසාදය.

රජය සිදු කළ මෙම වෙනස්කම පිළිබඳ ගෞරවය තම පක්ෂයට හිමි විය යුතු බව සෙනට් සභික Pauline Hanson සිය Twitter  ගිණුමේ සඳහන් කර තිබුණාය.
457 visa changes
Source: Twitter

457 වීසා වැඩසටහන ආදේශ කරනුයේ කුමකින්ද?

  • මේ වන විට පවතින 457 වීසා, නව තාවකාලික වීසා ඛාණ්ඩ දෙකකින් ආදේශ කරනු ඇත.
  • දැනට ඔස්ට්‍රේලියාවේ 457 වීසා යටතේ සිටින 95,000 ක් පමණ වූ පිරිසට මෙම වෙනස්කම බල නොපායි.
  • හඳුන්වාදෙන නව වීසා ඛාණ්ඩ දෙකින් එකක් වසර දෙකක් සඳහා වන අතර අනෙක වසර හතරක් සඳහා වෙයි.
  • ඒ අනුව ඒවා කෙටි කාලීන සහ මාධ්‍ය කාලීන ලෙස හඳුන්වා දෙනු ලබයි.
  • කෙටි කාලීන වසර දෙකේ වීසා අවසන් වූ විට වීසා ලාභියා රටින් පිටවීමට පෙර තවත් වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට විකල්පයක් හිමි වේ.
  • කෙටි කාලීන වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට නොහැකි වෙයි.
  • දැනට 457 වීසා වැඩසටහන යටතේ ඇති රැකියා වර්ග 650 ක ලැයිස්තුවෙන් නව සැලසුම නිසා රැකියා වර්ග 200 ක් පමණ ඉවත් වේ.
  • මාධ්‍ය කාලීන සිව් වසරක වීසා යටතේ ඉහළ නිපුණත්වයක් හිමි ශ්‍රමිකයින් අපේක්ෂා කෙරේ.
  • එම ශ්‍රමිකයින් හට මෙරට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකිය.
  • සිව් වසරක වීසා ඛාණ්ඩය සඳහා ඉහළ මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයක් අවශ්‍ය වේ.
  • සෑම අයදුම්පතක්ම අපරාධ පරීක්ෂණය සමත් විය යුතුය.
  • වසර දෙකක සේවා පළ පුරුද්ද ඉහත වීසා ඛාණ්ඩ ද්විත්වය සඳහාම අවශ්‍ය වේ.
  • වසර දෙකේ වීසා ඛාණ්ඩය සඳහා වීසා අයදුම්පත් ගාස්තුව ඩොලර් 1150 ක් වන අතර සිව් වසරේ ඛාණ්ඩය සඳහා වීසා අයදුම් ගාස්තුව ඩොලර් 2400 ක් වේ.
 *********************************************************************************************

SBS සිංහල සේවය -  සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************

Share
Published 19 April 2017 1:21am
Updated 19 April 2017 1:26am
By Madhura Senviratne
Source: SBS News


Share this with family and friends