ඕස්ට්‍රේලියාවේ පළාත්බද නගරවල අන්තර්ජාල පහසුකම් දුර්වල තත්වයක (SBS සිංහල / වාර්තා )

පළාත්බද නගරවල අන්තර්ජාල පහසුකම් දුර්වල තත්වයක පැවතීම සංවර්ධන වේගය අදාල වීමටද හේතුවක් බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ

Ethernet data cables are seen in a server room  in Canberra

Australia's internet downloads have more than doubled over the past two years. (AAP) Source: AAP

Networked Economy එසේත්  නැත්නම් අන්තර් සම්බන්දතාවයක් ඇති ආර්ථිකයක් පිලිබදව වර්තමානයේ ආර්ථික විශ්ලේෂකයින් කතා බහ කරන අතර Broadband අන්තර්ජාල  පහසුකම් මෙම කාරණයේදී සුවිශේෂී කාර්ය  භාරයක් ඉටු කරුණු ලබයි. නුතන ආර්ථික ක්‍රමවේදයන්හි ප්‍රතිපල ජනතාවට සමාන අයුරින් බෙදාහැරීමේදී අන්තර්ජාල පහසුකම් ඉතා වැදගත් වන අතර,  අන්තර් ජාල පහසුකම් ජනතාවට ලබාදීම සහ නව නිපැයුම් දිරිමත් කිරීම මෙහිදී රජයේ ප්‍රධාන කාර්ය භාරයක් බවට පත් වෙයි.

 

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් වන සිඩ්නි සහ මෙල්බර්න් වල වෙසෙන ආර්ථිකයට  දායකත්වය ලබාදෙන පාර්ශවයන්   සහ ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශ වල ආර්ථිකයට  දායකත්වය ලබාදෙන පාර්ශවයන්  අතර පරතරය වැඩි වෙමින් පවතින බව SGS ආර්ථික සැලසුම් වාර්තාව මගින් පෙන්වා දී තිබේ.  මිනිසුන්, ව්‍යාපාර, භවිත කරන උපකරණ සහ ක්‍රමවේදයන් එකිනෙකට සම්බන්ද වීමේදී, එම සබදතාවයේ වේගය මත (real-time connectivity) වර්තමාන සංවර්ධන වේගය රදා පවතින බව සදහන්.

 

ඕස්ට්‍රේලියාව  තුල දුරකථන පහසුකම් ව්‍යාප්ත කිරීමේදී USO (Universal Service Obligation) නම් ක්‍රමවේදය යටතේ සැම ප්‍රදේශයකම, සෑම  තරාතිරමකම ජනතාවට සහ ව්‍යාපාරයකටම අදාල පහසුකම ලැබෙන අයුරින් අදාල සේවාව ව්‍යාප්ත කිරීම සිදු වූ බව සදහන්. නමුත් අන්තර්ජාල  පහසුකම් පිලිබදව සලකා බැලීමේදී සැමට සමාන අයුරින් එම පහසුකම ඕස්ට්‍රේලියාව  පුරාම ව්‍යාප්තව ඇත්දැයි යන්න ගැටලු සහගත බව සදහන් කල යුතුය.

 

අන්තර්ජාල පහසුකම් ඕස්ට්‍රේලියාවේ සෑම  ප්‍රදේශයකටම සමාන අයුරින් ලැබී නොමැති නිසා Digital සාක්ෂරතාවය අතින් ඕස්ට්‍රේලියානු ජන සමාජය තුල බෙදීමක් දක්නට ඇති බව නවතම වාර්තා පෙන්වා දී තිබේ.  ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සේම ප්‍රාදේශීය  සංවර්ධනය වේගවත් කිරීමට මෙම ගැටලුව සදහා අවධානය යොමුකිරිම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ. NBN Co මගින් එළිදක්වා ඇති Brodband දර්ශකයට අනුව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සහ පළාත්බද ප්‍රදේශ අතර අන්තර්ජාල පහසුකම් සම්බන්දයෙන් පවතින පරතරය පෙන්නුම් කරයි.

 

Regional, Rural Remote Communications Coalition, Australian Customer action network, National farmers federation, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ  Country women’s Association, Isolated children’s Parent’s association සහ  Agforce Queensland යන ආයතන ඕස්ට්‍රේලියාවේ දුෂ්කර, පළාත්බද නගර වල Broadband අන්තර්ජාල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම රජයට පෙන්වා දී ඇති බව සදහන්.

 

ඕස්ට්‍රේලියාව  තුල දුරකථන පහසුකම් ව්‍යාප්ත කිරීමේදී අනුගමනය කල USO (Universal Service Obligation ) ප්‍රතිපත්තිය වැනි ක්‍රමවේදයක් අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමේදීද අවශ්‍ය බව මෙම කණ්ඩායම් වල මතය වී තිබේ. එමගින් සැමට සමාන ලෙස අන්තර්ජාල පහසුකම් ලබාදීමෙන් වර්තමාන ආර්ථික රටාවේ (Networked Economy) කොටස් කරුවන්  වෙමින් ඕස්ට්‍රේලියාවේ පළාත්බද ජනතාවටද සංවර්ධනයට සමාන ලෙස දායක විය හැකි බව මේ පිළිදව හඩ  නගන ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබේ.  තවද ඕස්ට්‍රේලියාවේ පළාත්බද නගරවල ජංගම දුරකථන ආවරණයද තවත් වැඩි දියුණු විය යුතු බවද මෙම ක්‍රියාකාරී කණ්ඩායම් පවසයි. ඕස්ට්‍රේලියාවේ පළාත්බද ප්‍රදේශ වල පවතින අන්තර්ජාල පහසුකම් අඩුව පුරවන්නට NBN Co මගින් SkyMuster චන්ද්‍රිකා තාක්ෂණ වැඩසටහන 2017 වසරේ සිට දියත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි. නමුත් මේ පිලිබදව අදහස් දක්වන පර්යේෂකයින් පවසන්නේ එය දැනට පවතින පරතරය පුරවන්නට ප්‍රමණවත් නොවන බවයි.

 

වත්මන් රජයේ digital තාක්ෂණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ (digital transformation agenda) සාර්ථකත්වය සදහාද ඕස්ට්‍රේලියාවේ පළාත්බද, දුෂ්කර ප්‍රදේශ සදහා අන්තර්ජාල පහසුකම් සමාන අයුරින් ලබාදීම වැදගත් බව පර්යේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙන කරුණක්.


Share
Published 8 December 2016 12:11pm
Updated 8 December 2016 1:22pm
By Sanjaya Dissanayake


Share this with family and friends