ඔස්ට්‍රේලියානු වීසා පද්ධතිය රැඩිකල් ලෙස සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය රහසේ දැරූ උත්සාහයක් හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

එහි සඳහන් සංශෝධන වලට අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමට පෙර අදාළ අයදුම් කරුවන් හට නව තාවකාලික වීසාවක් (provisional visa) ලබා දීමට නීත්‍යානුකූලව අනිවාර්ය කෙරේ. ඒ අනුව එම පුද්ගලයන් ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණිකයන් ලෙස නොව 'provisional migrant' හෙවත් තාවකාලික සංක්‍රමණිකයන් ලෙස සැලකේ.

Leaked cabinet papers warn secret  Australian Visa overhaul.

Source: www.arlaw.com.au

ඔස්ට්‍රේලියානු වීසා පද්ධතිය රැඩිකල් ලෙස සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය දැරූ උත්සාහයක් ඒ සම්බන්ධ රහස්‍ය කැබිනට් ලිපි ලේඛන කිහිපයක් පිටවීමෙන් හෙළිදරවු වී තිබේ.

එම රහස්‍ය කැබිනට් ලිපි ලේඛන වල "Protected: Sensitive - Cabinet" යනුවෙන් සටහන් කර තිබුණු බව සඳහන්.

එහි සඳහන්ව තිබූ ආකාරයට ඔස්ට්‍රේලියානු වීසා පද්ධතිය සංශෝධනය කළහොත් ඔස්ට්‍රේලියානු සමාජය දෙකට බෙදී සාහසික බවෙහි අන්තගාමීත්වයට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව වාර්තා වේ.

Fairfax Media මාධ්‍ය ආයතනය මෙම රහස්‍ය ලිපි ලේඛන ප්‍රසිද්ධියට පත් කර ඇති අතර මෙම තොරතුරු පිටවුයේ කෙසේදැයි සොයා බැලීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම යෝජිත සංශෝධන ජාතික ආරක්ෂක කමිටුව විසින් මසකට පෙරාතුව අධ්‍යනය කර ඇති අතර 2017 වසරේ මුල භාගයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් ව තිබූ බව වාර්තා වේ.

එහි සඳහන් සංශෝධන වලට අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමට පෙර අදාළ අයදුම් කරුවන් හට නව තාවකාලික වීසාවක් (provisional visa) ලබා දීමට නීත්‍යානුකූලව අනිවාර්ය කෙරේ. ඒ අනුව එම පුද්ගලයන් ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණිකයන් ලෙස නොව 'provisional migrant' හෙවත් තාවකාලික සංක්‍රමණිකයන් ලෙස සැලකේ.

මෙය මෙරට ඇති temporary, provisional සහ permanent migration මෙන්ම citizenship යන සියලු ඛාණ්ඩ වලට බලපාන බවද පැවසේ.  මෙමගින් සාමාජ ආරක්ෂණ ගෙවීම් අඩු කරගනිමින් ඔස්ට්‍රේලියානු රජය තම වියදම් අඩු කරගැනීමට උත්සහයක් ගෙන ඇති බව අනාවරණය වී ඇත.

මෙම රහස්‍ය ලිපි ලේඛන පිළිබඳ කම්කරු පක්ෂයේ නීති කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත Mark Dreyfus, අගමැති මැල්කම් ටර්න්බුල්ගෙන් අද (30/11) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

මෙම ලිපි ලේඛන කැබිනට් ලිපි ලේඛන නොවන බවත් එය “protected” යනුවෙන් නම කර තිබුනේ ගැටළු සම්බන්ධ දේවල් එහි අඩංගුව තිබුණු නිසා බවත් ඒවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තිබු නමුත් තවමත් නොකළ බවත් අගමැතිවරයා පැවසුවේය.

එම ලිපි ලේඛන වලට අනුව ජාතික ආරක්ෂණ කමිටුව සහ කැබිනට් මණ්ඩල විචාර පිළිබඳ හෙළිදරව් වී ඇති අතර සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම් Finn Pratt සහ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයා වන  Michael Pezzullo අතර මෙම මස මුලදී මෙම වීසා වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක් තිබී ඇත.

මේ අතර මෙම නව වීසා ඛාණ්ඩ 8 සඳහා ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton කැබිනට් අනුමැතිය සොයන බවද සඳහන්.

මෙම යෝජිත නව වීසා සංශෝධනය මගින් ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට එක අයුරකින්ද සංක්‍රමණික පිරිස් හට තවත් අයුරකින්ද සැලකීමට පටන් ගැනීම නිසා ඔස්ට්‍රේලියානු සමාජය දෙකඩ වනු ඇති බව පැවසේ.

මෙම නව ක්‍රමයට අනුව තාවකාලික වීසා දිගු කාලයක් ලබාගෙන සිටීමට සංක්‍රමණිකයන් හට සිදු වන අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය වීමට වැඩි අවදානමක් ඇති බවද පැවසේ.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා සෘජු මාර්ගය අවහිර කිරීම සමාජයේ අප්‍රසාදයට ලක්වන බවත් අනාවරණය වී තිබේ. ඔස්ට්‍රේලියාවේ වෙසෙන සෑම දෙදෙනෙකුගෙන් එක් අයකු ඔස්ට්‍රේලියාවෙන් පිටත ඉපදීම හෝ ඔහුගේ දෙමාපියන් පිටත ඉපදීම නිසා මෙසේ මෙම නව ක්‍රමය ජනතා අප්‍රසාදයට පත්වීමට මූලිකවම හේතු වන බව පෙන්වා දෙයි.

-------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 30 November 2016 7:11pm
Updated 16 December 2016 3:00pm
By Madhura Seneviratne


Share this with family and friends