ඔස්ට්‍රේලියානු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් ගුවන් මගීන්ව සූරා කන බවට ප්‍රසිද්ධ අනාවරණයක්. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක කරන ප්‍රධාන ගුවන් සේවා 4න් 3කම මුදල් ආපසු දීමේ (refund policy) ප්‍රතිපත්තියක් නොමැති බව සඳහන්. මෙය පාරිභෝගික නීතියට පටහැනි බව Consumer group Choice ආයතනය පවසයි.

Australia's domestic airlines ripping consumers off, Choice says

Source: Flickr

ඔස්ට්‍රේලියානු අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන ගුවන් සේවාවන් තම ගුවන් මගීන්ව සූරා කන ආකාර 6ක් පිළිබඳ Consumer group Choice ආයතනය පෙන්වා දී ඇති අතර මෙම තත්ත්වය සඳහා මැදිහත් වන ලෙස එම ආයතනය consumer watchdog සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ගුවන් සේවා වලින් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය උල්ලංඝනය වන බව පෙන්වා දෙන Consumer group Choice ආයතනය, ඊට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා ලෙස Australian Competition and Consumer Commission හෙවත් ACCC ආයතනයට ද දන්වා ඇත.

අභ්‍යන්තර ගුවන් සේවා සපයන සමාගම් සහ පාරිභෝගිකයන් අතර කැපී පෙනෙන බල අසමබරතාවක් දක්නට ලැබෙන බව Consumer group Choice ව්‍යාපෘති අධ්‍යක්ෂ Matt Levey පැවසීය.

එම ගුවන් සමාගම් පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ කෙසේද?

1. මුදල් ආපසු දීමේ ප්‍රතිපත්තියක් (refund policy) නොමැත.

ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක කරන ප්‍රධාන ගුවන් සේවා 4න් 3කම මුදල් ආපසු දීමේ (refund policy) ප්‍රතිපත්තියක් නොමැති බව සඳහන්. මෙය පාරිභෝගික නීතියට පටහැනි බව Consumer group Choice ආයතනය පවසයි.

මෙම කරුණ කිසි කලෙක පරීක්ෂා නොකර ඇති බවත් එනිසාම එය පුරුද්දකට ගොස් ඇති බවත් බව Consumer group Choice ව්‍යාපෘති අධ්‍යක්ෂ Matt Levey පැවසීය.

පාරිභෝගිකයාට මුදල් ආපසු ලබා දීමේ ප්‍රතිපත්ති (refund policy) නොමැති නිසා රට පුරා ඇතැම් ව්‍යාපාර තහනමට ලක් වූ නමුත් මෙවැනි අභ්‍යන්තර ගුවන් සේවාවන් කිසිදු බාධාවකින් තොරව තවමත් තම ගුවන් ටිකට් පත් අලෙවි කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

මුදල් ආපසු ලබා නොදෙන බව ඔබේ  ගුවන් සමාගම කොතරම් පැවසුවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට අනුව ඔබට ඔබගේ මුදල් ආපසු ලබා ගැනීමට පූර්ණ අයිතියක් ඇති බවද ඔහු පවසයි.

2. අසාධාරණ අහෝසි කිරීමේ ගාස්තු

මෙම අභ්‍යන්තර ගුවන් සේවාවන්, ගුවන් ටිකට් පත් අහෝසි කිරීමේ ගාස්තු ලෙස ටිකට් පත් ගාස්තුවෙන් 100% ක් දක්වා හෝ ඇතැම් විට $550ක් දක්වා අහෝසි කිරීමේ ගාස්තු අය කරන බව සඳහන්.

කෙසේවෙතත්, අහෝසි කිරීමේ ගාස්තුව සාධාරණ විය යුතු බවත් එය සාමන්‍යයෙන් මුළු මුදලෙන් 10%ක් පමණ බවත් ACCC ආයතනය පෙන්වා දෙයි.

පාරිභෝගිකයෙකුට ගමන් කිරීමට නොහැකි වූ කළ අදාළ ගුවන් සමාගමට දැන්වීමෙන් අනතුරුව එම ටිකට් පත නැවත අලෙවි කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් තිබුණ නමුත් පාරිභෝගිකයාට තමන් ගෙවූ මුදලෙන් 100%ක් දක්වාම අහිමි වීමට ඉඩ තිබෙන බව ද Matt Levey පැවසීය.

මෙම නීතිය දැඩි ලෙස අසාධාරණ බවත් මෙවැනි කොන්දේසි ජර්මනිය වැනි රටවල තහනම් කර ති බවද ඔහු පෙන්වා දෙයි.

3. වගකිවයුතු භාවයක් නොමැත.

ඇතැම් ගුවන් ගමන් අහෝසි කිරීමේදී හෝ ප්‍රමාද වීමේදී අදාළ සමාගම් විසින් ගුවන් මගීන් හට ප්‍රමාණවත් තරමේ පිළියම් ලබා නොදෙන බවද Choice ආයතනය හෙළිදරවු කරයි.

ගුවන් සමාගමේ අනුදැනුම මත අදාළ ගුවන් ගමන අහෝසි වුවහොත් හෝ ප්‍රමාද වුවහොත් ගුවන් මගීන් හට “ස්ථිර වන්දියක්” ලබා නොදෙන බවද ඔවුන්ගේ පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.

4. වගකීම බින්දුවයි.

ගුවන් ගමන් වුවද ප්‍රමාද වූ විට අභ්‍යන්තර ගුවන් සේවා සමාගම් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බව ද හෙළිවී තිබේ.

යම් කිසි වැරද්දක් සිදු වූ විට පාරිභෝගිකයන් හට සාධාරණ පිළියමක් ලබා නොදෙන තත්ත්වයක් ඇති බවද ඔවුන් පවසයි.

යුරෝපය වැනි කලාපයකදී ඔබේ ගුවන් සේවාව පැය දෙකකට වඩා වැඩියෙන් ප්‍රමාද වූ විට ඔබට සිදුවූ අලාභය ලබාගැනීමට පූර්ණ අයිතියක් ඇත.

හෝටල් පහසුකම් සහ කෑම බීම ගාස්තු ඇතුළත් සියලු මුදල් ඊට අඩංගු බව Matt Levey පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියාවේ එවැනි තත්ත්වයක දක්නට නොමැති බවද ඔහු පවසයි.

5. ණය (credit) සඳහා කිසිදු ප්‍රවේශයක් නොමැත.

ගුවන් සමාගම් විසින් පාරිභෝගිකයන් සඳහා අනාගත ගුවන් ගමන් සඳහා පිරිනමන ණය (credit) සඳහා ප්‍රවේශ වන්නේ කෙස්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදෙන බවද අනාවරණය වී තිබේ.

ගුවන් ගමන් අහෝසි කිරීමේදී ඇතැම් ගුවන් සමාගම් පාරිභෝගිකයන් හට අත්පිට මුදල් ලබා නොදෙන බවත් ඔවුන් හට අනාගතයේදී ගමන් කළ හැකි ලෙස ගුවන් ටිකට් පත් සඳහා වවුචර ලබා දෙන බවත් පවසන Matt Levey පෙන්වා දෙන්නේ තත්ත්වය එසේ වුවත් අදාළ කාලය තුළ පාරිභෝගිකයා ගමන් නොකළ විට එම වවුචරය අහෝසි වන බවයි.

6. ටිකට් අවලංගු කිරීම

තම ගුවන් ගමන් මග හැරුණු ගුවන් මගීන්ගේ ටිකට් පත් මෙරට අභ්‍යන්තර ගුවන් සමාගම් අවලංගු කරන බවත් ලොව අනෙක් රටවල මෙම අවලංගු කිරීම් තහනම් කර ඇති බවටත්  Consumer group Choice ව්‍යාපෘති අධ්‍යක්ෂ Matt Levey පවසයි.

අභ්‍යන්තර ගුවන් සේවා සමාගම් Consumer group Choice වාර්තාව ප්‍රතික්ෂේප කරයි.

Jetstar, Qantas, Tiger සහ Virgin ගුවන් සේවා සමාගම් Consumer group Choice වාර්තාව ප්‍රතික්ෂේප කරන අතර තමන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට අනුකූලව ක්‍රියා කරන බව ප්‍රකාශ කර තිබේ.


Share
Published 7 December 2016 10:15pm
Updated 7 December 2016 10:18pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends