ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අර්බුද අතර මානසික සෞඛ්‍ය ගැටළුව ඉහළින්ම ඇති බව ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව විශ්වාස කරන බව සමීක්ෂණයකින් හෙළිවේ. (SBS සිංහල / වාර්තා)

මීට අමතරව මත්පැන් සහ මත් ද්‍රව්‍ය තවත් ප්‍රධාන අර්බුදයක් ලෙසද සාධාරණත්වය සහ වෙනස්කම් කිරීම අනෙක් ප්‍රධාන ගැටලුව ලෙසද ඔවුන් නම් කර තිබේ.

Young Australians believe mental health is one of the top three issues in the country.

Source: Flickr

මේ වන විට ඔස්ට්‍රේලියාව මුහුණදෙමින් පවතින අර්බුද අතර ඉහළින්ම ඇති අර්බුද ත්‍රිත්වය අතර මානසික සෞඛ්‍ය ගැටලුව පවතින බවට ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව විශ්වාස කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිවේ.

Mission Australia හි තරුණ සමීක්ෂණයෙන් මෙම තොරතුරු හෙළිවී ඇති අතර 2011 වසරේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළ මානසික සෞඛ්‍ය ගැටලුව දෙගුණ වී ඇති බවද එමගින් අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 15ත් 19ත් අතර තරුණ තරුණියන් 22,000ක් පමණ සහභාගී කරවාගනිමින් සිදු කළ මෙම සමීක්ෂණයේදී 20%ක් පමණ පිරිස කියා සිටියේ මානසික සෞඛ්‍ය ගැටලුව ජාතික වශයෙන් ඇති ප්‍රධානතම අර්බුදයක් බවයි.

මීට අමතරව මත්පැන් සහ මත් ද්‍රව්‍ය තවත් ප්‍රධාන අර්බුදයක් ලෙසද සාධාරණත්වය සහ වෙනස්කම් කිරීම අනෙක් ප්‍රධාන ගැටලුව ලෙසද ඔවුන් නම් කර තිබේ.

Mission Australia හි 15 වසරක සමීක්ෂණ ඉතිහාසයේ මානසික සෞඛ්‍ය පිළිබඳ මෙතරම් සැලකීමක් දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය බව එහි ප්‍රධාන විධායක Catherine Yeomans පැවසීය.

රටේ තරුණ පරපුර, මෙරට ඇති ප්‍රධාන අර්බුද ත්‍රිත්වයෙන් එකක් බවට මානසික සෞඛ්‍ය ගැටලුව හඳුන්වනවා නම්, අප ඔවුන් සමග එකට හිඳ ඔවුන්ට අවධානය යොමු කළ යුතු අතර අපට එයට දීමට ඇති සුදුසුම ප්‍රතිචාරයද සිතා බැලිය යුතු බව ඇය පවසයි.

ලැබුණු ප්‍රතිපලය පුදුම කරවන්නක් නොවෙයි.

වයස අවුරුදු 19ක් වූ Savannah van der Veer දශකයකට අධික කාලයක් පුරා මානසික අව පීඩනයෙන් සහ සිතෙහි කැළඹිලි ස්වභාවයෙන් පීඩා විඳිමින් සිටියාය.

“මිනිස්සු මේ තත්ත්වය බරපතල ලෙස සලකන්නේ නැහැ. ඔවුන් සිතන්නේ දරුවන් සියල්ලක්ම ඉක්මනින් තරහ යන සහ තරමක අසාමාන්‍ය තත්ත්වයක සිටින බවයි. ඔවුන් අසාමාන්‍ය දේවල් කරනවා, ඒවායේ කිසිම තේරුමක් නැහැ.” Savannah පැවසීය.

නමුත් තමන් එම තත්ත්වයෙන් බොහෝ පීඩා වින්ද බවත් එම තත්ත්වය පිළිබඳ කතා කිරීමට තමන් හට අවබෝධයක් නොතිබුණු බවත් ඇය පවසයි.

තම මෑණියන්ගෙන් සහ උපදේශකයන්ගෙන් සහය පතන්නට ඇය ඉන් අනතුරුව පෙළඹුණි.

Batyr තරුණ මානසික සෞඛ්‍ය කණ්ඩායම විසින් පසුගිය වසර තුළ උසස් පෙළ පාසල් වල මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩමුළු 150කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇත.

මානසික සෞඛ්‍ය ගැටළුවලින් පෙළෙන තරුණ පිරිස් හට මෙම වැඩමුළුවලින් සහය සලසා දී තිබේ.

මෙම සැසියන් සංගීතය සහ විවිධ ක්‍රියා කාරකම් වලින් එකට  සංයුක්ත වී ඇති බව Batyr තරුණ මානසික සෞඛ්‍ය කණ්ඩායම ප්‍රධාන විධායක Sam Refshauge පැවසීය.

තරුණයින් රහසේම පීඩා විඳියි.

ඔස්ට්‍රේලියාව තුළ තරුණයන්ට වඩා තරුණියන්, මානසික සෞඛ්‍ය ගැටලුව ජාතික අර්බුදයක් බව සිතීම දෙගුණ බව සමීක්ෂණයට අනුව හෙළිව තිබේ.

තරුණයන්ගේ ප්‍රධාන අවධනය යොමුව ඇත්තේ මානසික සෞඛ්‍ය පිළිබඳ නොව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව බව ද හෙළිව ඇත.

බොහෝ තරුණයන් මෙම ගැටලුව පිළිබඳ එතරම් කතා කිරීමට උනන්දුවක් නොදක්වන බව බවද පෙනී ගොස් තිබේ. 


Share
Published 5 December 2016 9:03pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends