Breaking News - ඔස්ට්‍රේලියානු නව දෙමාපිය වීසා : වසර 10 යි. ඩොලර් 20,000 යි. (SBS සිංහල/වාර්තා)

මෙම නව වීසා ක්‍රමය යටතේ අයදුම්කරුවන් හට තම දෙමාපියන් වෙනුවෙන් ඩොලර් 5,000 කට වසර 3 ක වීසා හෝ ඩොලර් 10,000 කට වසර 5 ක වීසා සඳහා අයදුම් කළ හැකි අතර එම මුදලම ගෙවීමෙන් තවත් වසර 5 කට වීසා කාලය දිගු කරගැනීමට හැකියාව තිබේ.

Australian Visa

Indian international students are now the largest group applying for student visas to Australia. Source: SBS

ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවන්ට තම දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී දැන් වසර 10 ක් දක්වා කාලයකට වීසා ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති නමුත් ඒ සඳහා ගෙවීමට සිදුවන වීසා ගාස්තුව ඩොලර් 20,000 දක්වා වන බවද වාර්තා වේ.

මේ පිළිබඳ SBS මාධ්‍ය ජාලය සිදු කළ විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූ අතර සෑම වසරකම පුද්ගලයින් 15,000 ක් පමණ මෙසේ තම දෙමාපියන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද හෙළි විය.

මීට අමතරව එසේ පැමිණෙන දෙමාපියන් ගේ පූර්ණ සෞඛ්‍යාවරණය සඳහා ලබා ගන්නා සෞඛ්‍ය රක්ෂණයට අදාළ ගාස්තු සියල්ලක්ම අනුග්‍රහය දක්වන පුද්ගලයා ගෙවිය යුතු අතර ඔස්ට්‍රේලියාව තුළ සිදු කරනු ලබන සෑම ප්‍රතිකාරයකම වියදම සඳහා ඔවුන් වගකිව යුතුය.

"වියපත් දෙමාපියන් ගේ සෞඛ්‍ය රැකවරණය හේතුවෙන් බදු ගෙවන ජනතාවට විශාල වියදමක් දැරීමට සිදුවී තිබෙනවා. මෙය ලොව පුරා ක්‍රියාත්මක රජයන් මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදයක්." ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Alex Hawke, SBS පුවත් වෙත පැවසීය.



මෙම නව වීසා ක්‍රමය යටතේ අයදුම්කරුවන් හට තම දෙමාපියන් වෙනුවෙන් ඩොලර් 5,000 කට වසර 3 ක වීසා හෝ ඩොලර් 10,000 කට වසර 5 ක වීසා සඳහා අයදුම් කළ හැකි අතර එම මුදලම ගෙවීමෙන් තවත් වසර 5 කට වීසා කාලය දිගු කරගැනීමට හැකියාව තිබේ.

සෞඛ්‍යාවරණ පිරිවැය ඉහළ යාම සීමා කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ හේතුවෙන්  හැකියාවක් ලැබෙන අතර වීසා ගාස්තුවලින් ඩොලර් මිලියන ගණනක් අය වැයට දායක කිරීමටද හැකියාව පවතියි.

ඒ අනුව වසරකට දෙමාපිය වීසා 15,000 කෝටාව සම්පූර්ණ වූ කල වීසා ගාස්තු ලෙස භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 150 ක මුදලක් ලැබෙනු ඇත.

මෙම නව දෙමාපිය වීසා යටතේ පැමිණෙන පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාව තුළ සේවය කිරීම තහනම් වන නමුත් පවුලේ දරුවන් සඳහා රැකවරණය සපයමින් "ළමා සුරැකුම්" සේවාවන් මත ඇති පීඩනය අඩු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

නමුත් ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ විශේෂඥ Henry Sherrell, මෙම නව වීසා ක්‍රමයේ අධික ගාස්තු පිළිබඳ විවේචනය කරයි.

"මෙම තාවකාලික වීසා සඳහා වන ගාස්තුව අතිශයින්ම මිළ අධිකයි. රාජ්‍ය සෞඛ්‍යාවරණ සඳහා තාවකලික සංක්‍රමණිකයින් දායක වන ප්‍රථම අවස්ථාව මෙයයි. පුද්ගලික සෞඛ්‍ය රක්ෂනයන්හි මූලික ගාස්තුව ඉතාමත් ඉහළයි."  යනුවෙන්  Henry Sherrell පැවසීය.

දෙමාපිය වීසා හි සෞඛ්‍යාවරණය සීමා කිරීමට ගනු ලැබු මෙම තීරණයට ප්‍රධාන සාධකයක් වුයේ පසුගිය වසරේ එළිදැක්වුණු ඵලදායීතා කොමිසම් වාර්තාව වන අතර එහි සඳහන් අන්දමට එක් දෙමපියෙකු හට ජීවිත කාලයටම ඩොලර් 335,000 - 410,000 ක පිරිවැයක් දැරීමට සිදු වෙයි.

මෙම වීසා ක්‍රමය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අය වැයත් සමග රජය  අපේක්ෂා කරයි.

මෙසේ නව දෙමාපිය වීසා සඳහා අයදුම්කරනු ලබන අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි අය හෝ පුරවැසිභාවය ලැබූ හෝ නවසීලන්ත පුරවැසිභාවයට සුදුසුකම් ලැබූ අය විය යුතු බව සඳහන්.

වසර 10 ක වීසා කාලයකින් පසුව මෙම වීසා ලාභීන් හට නැවත වීසා අයදුම් කිරීමට අවස්ථාවක් නැති අතර ස්ථිර පදිංචිය ලබා ගැනීමටද හැකියාවක් නොපවතින බව වාර්තා වේ.

මේ වන විට ඔස්ට්‍රේලියාව තුළට පැමිණීමට ඉඩ ලබා දෙන දෙමාපිය වීසා,Aged Parent visa, Contributory Parent (Temporary) සහ Permanent Contributory Parent visa යනුවෙන් ඛාණ්ඩ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

Share
Published 5 May 2017 11:30am
Updated 12 August 2022 3:59pm
By David Sharaz, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends