ඔස්ට්‍රේලියාවේ නිහඬ මරුවා Hypertension හෙවත් අධ්‍යාතතිය බව හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සිදු වන මරණ වලින් වැඩි ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ අධි රුධිර පීඩනය බව ජාතික හදවත් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී, මහචාර්ය John Kelly පවසන අතර මේ සඳහා නිසි පරීක්ෂණ නොකිරීමෙන් බොහෝ ඔස්ට්‍රේලියනුවන් තමන්ගේ ජීවිත අනතුරේ හෙළා ගන්නා බවද පැවසීය.

Hypertension

Source: Press Association

අධික රුධිර පීඩනය හේතුවෙන් මිලියන ගණනක ඔස්ට්‍රේලියනුවන් හට ආඝාතය සහ හෘදයාබාධ ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇති බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියානු වැඩිහියන්ගෙන් හතරෙන් එකකටම අධික රුධිර පීඩනය ඇති බව විමර්ශනය කෙරුණු අතර ඔවුන් ඒ සඳහා ප්‍රතිකාර නොකරන බව හා ප්‍රමාණවත් තරමේ ප්‍රතිකාර නොකරන බව ද හෙළිවී ඇත.

ඒ අනුව මිලියන හතරකට පමණ සංඛ්‍යාත්මකව ආඝාතය හෝ හෘදයාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇතිවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ සිදු වන මරණ වලින් වැඩි ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ අධි රුධිර පීඩනය බව ජාතික හදවත් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී, මහචාර්ය John Kelly පවසන අතර මේ සඳහා නිසි පරීක්ෂණ නොකිරීමෙන් බොහෝ ඔස්ට්‍රේලියනුවන් තමන්ගේ ජීවිත අනතුරේ හෙළා ගන්නා බවද පැවසීය.

“අනෙකුත් අවදානම් සාධක වලට වඩා අධි රුධිර පීඩනය පාලනය කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ සිදු වන මරණ සංඛ්‍යාව පහත හෙළීමට පුළුවන්.” මහචාර්ය John Kelly වැඩි දුරටත් පැවසීය.

දිමෙන්ශියාව සහ වකුගඩු රෝග යනාදිය වැනි බරපතල රෝග සඳහා අධ්‍යාතතිය බලපාන බව පෙන්වා දෙන මහචාර්ය John Kelly පවසන්නේ සියලු දෙනාම අඩුම තරමේ වසර දෙකකට වරක් හෝ තමන්ගේ රුධිර පීඩනය පරීක්ෂා කරගත යුතු බවයි.

ඔබගේ රුධිර පීඩනය නිවැරදි දැයි ඔබ නොදන්නේ නම් ඔබ ඔබගේ වෛද්‍යවරයාව හමුවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
මේ වන විටත් ප්‍රතිකාර ලබන මිලයන 1.4 කට තවමත් බරපතල ලෙස අධි රුධිර පීඩනය පවතින බව හදවත් පදනමේ විමර්ශනය අනාවරණය කරයි.

එම දත්ත වලට අනුව රුධිර පීඩනය පරීක්ෂා නොකරන පිරිස අතරින් නාගරික පුද්ගලයින් ඉහළ තැනක් ගන්නා බව හෙළිවී ඇත.

මේ අතර ගම්බද පළාත්වල සිටින පුද්ගලයින්ගෙන් 39% කට අධ්‍යාතතිය වැළඳීමේ වැඩි අවදානමක් තිබෙන බවත් 31% ක පිරිසක් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමට කැමැත්තක් දක්වන බවත් හෙළිවී තිබේ.

පෝෂ්‍යදායී ආහාර ගැනීම, දුම්පානයෙන් මිදීම සහ ශාරීරිකව ක්‍රියාශීලී වීමෙන් අධි රුධිර පීඩනය අවම කරගත හැකිවේ.

Share
Published 1 May 2017 10:55am
Updated 1 May 2017 10:57am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends