වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇප ලබාදීමේ ක්‍රියාවලිය වෙනස් කිරීමට පියවර. (SBS සිංහල /වාර්තා)

රාජකාරී වේලාවලින් පසුව සිදු කරනු ලබන බරපතල අපරාධ සම්බන්ධ සිදුවීම් සඳහා වන ඇප ලබා දීමේ කටයුතු මෙතෙක් කලක් ස්වේච්ඡා ඇප විනිසුරුවරුන් විසින් සිදු කරනු ලැබීය. නමුත් මින් පසුව එවැනි සිදුවීම් සම්බන්ධ ඇප ලබාදීම් වෙනුවෙන් රාජකාරී වේලාවලින් පසුව වුවද අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු කැඳවීමට කටයුතු යෙදේ.

Victorian Parliament

Source: SBS

මෙල්බන් නුවර පසුගිය සිකුරාදා (20/01) සිදුවූ මාරක රිය අනතුර හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ බරපතල අපරාධ සම්බන්ධ සිදුවීම් සඳහා වන ඇප ලබා දීමේ කටයුතු මින් ඉදිරියට මහේස්ත්‍රාත්වරුන් විසින් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙල්බන් නුවර පසුගිය සිකුරාදා සිදුකළ මාරක රිය අනතුරට වගකිව යුතු පුද්ගලයා ඇප මත නිදහස් වී දින 5ක් ගතවූ තැන මෙම අපරාධය සිදු කළ බව පැවසේ.

රාජකාරී වේලාවලින් පසුව සිදු කරනු ලබන බරපතල අපරාධ සම්බන්ධ සිදුවීම් සඳහා වන ඇප ලබා දීමේ කටයුතු මෙතෙක් කලක් ස්වේච්ඡා ඇප විනිසුරුවරුන් විසින් සිදු කරනු ලැබීය.

නමුත් මින් පසුව එවැනි සිදුවීම් සම්බන්ධ ඇප ලබාදීම් වෙනුවෙන් රාජකාරී වේලාවලින් පසුව වුවද අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු කැඳවීමට කටයුතු යෙදේ.

කිසිදු දෙයක් සීමාවෙන් පිටත නොයන බව මේ සම්බන්ධයෙන් අද (23/01) පැවති මාධ්‍ය හමුවකදී වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

මෙසේ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු කැඳවීම සම්බන්ධව කිසිදු අමතර වියදමක් නොයන බවත් මේ සෑම වෙනස්කමක්ම සිදු කරනු ලබන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ආරක්ෂාව උදෙසා බවත් එහිදී ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩි දුරටත් පැවසුවේය.

හිටපු මහජන අභිචෝදනා අධ්‍යක්ෂ Paul Coghlan විසින් වික්ටෝරියානු ප්‍රාන්තයේ සමස්ත ඇප ක්‍රමයම විමර්ශනයට ලක් කිරීමට නියමිතය.

ඒ අනුව ප්‍රාන්ත රජයේ හදිසි උපදෙස් මත මෙම විමර්ශන කටයුතු වල වාර්තාව එළඹෙන අප්‍රේල් 3 වන දිනට පෙර ලබා දෙන ලෙස අධ්‍යක්ෂ Paul Coghlan හට උපදෙස් ලබා දී තිබේ.

සමාජ ආරක්ෂාව හා නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය අතර සමතුලිතතාව පිළිබඳ එහිදී හිටපු මහජන අභිචෝදනා අධ්‍යක්ෂ Paul Coghlan සළකා බලනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත නීතිපති Martin Pakula පවසයි.

“විශේෂිතවූ තත්ත්වයන් පිළිබඳව ඔහුගේ අවධානය යොමු කිරීමට අපට අවශ්‍ය වන අතර ඒවාට හේතු සහ අවදානම් තත්ත්ව පිළිබඳ අපට වාර්තා කරන ලෙසත් වත්මන් තත්ත්ව යටතේ ඒවා කොතෙක් දුරට සුදුසුද යන්න පිළිබඳ අපට උපදෙස් සපයන ලෙසත් අප ඔහුට උපදෙස් ලබා දී තිබෙනවා.” නීතිපති Martin Pakula පැවසීය.

ප්‍රාන්ත ආරක්ෂාව තර කිරීමට අනෙකුත් ආරක්ෂක බලධාරීන්ගේද සහය

මෙම වෙනස්කම් සිදු කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් Peter Lauritesen ද ප්‍රාන්ත රජය සමග එක්ව කටයතු කරමින් සිටියි.

මෙම ක්ෂේත්‍රයේ වෙනස් විය යුත්තේ මොනවාද යන්න ඔහු හඳුනන බව නීතිපති Martin Pakula පැවසීය.

රාත්‍රී උසාවිය මදක් දීර්ඝ කාලයක් ගන්නා බවක් හැගුනහොත් දිනය පුරාවට අතිරේක මහේස්ත්‍රාත්වරු දෙදෙනක් හෝ තිදෙනෙක් සූදානමින් තබාගැනීමට අපේක්ෂිත බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

මීට අමතරව Police Association of Victoria හි ප්‍රධානී Ron Iddles ද මෙම වෙනස්කම් සඳහා සහය පළ කර තිබේ.

“දැන් කාලය වෙනස් වෙලා. මෙවැනි ඇප අයදුම්පත්‍ර සළකා බැලීමට අපට පැය 24 පුරාවටම මහේස්ත්‍රාත්වරුන් අවශ්‍යයි.” Ron Iddles පැවසුවේය.

මෙම අවස්ථාවේදී මහජනතාව පොලීසිය වෙත චෝදනා නොකළ යුතු බව  Victims of Crime Commissioner, Greg Davies පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇප ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රාන්ත අගමැතිවරයා ගේ සලසුමටත් එහා ගිය සැලස්මක හදසි අවශ්‍යතාවක් මතුව ඇති බව ප්‍රාන්ත විරුද්ධ පක්ෂ නායක Matthew Guy පවසයි.

අපරාධ ක්‍රියා සඳහා දඬුවම් ලද පුද්ගලයින් රිමාන්ඩ් බාරයේ සිටින විට ඔවුන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳ, ඇප කඩ කළ පුද්ගලයින් සඳහාවූ "one strike and you're out" නීතිය පිළිබඳ සහ බාලවයස් කරුවන් සඳහා වූ ඇප ක්‍රමයේ පසුගිය වසරේදී හඳුන්වා දුන් වෙනස්කම් පිළිබඳ වෙනස්කම් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

“පුද්ගලයින් බහුතරයක් රිමාන්ඩ් කිරීමට අවශ්‍යයි. නමුත් සමාජයේ ආරක්ෂාව පිළිබඳ අපට ඇති සහතිකය කුමක්ද?” අද (23/01) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත විරුද්ධ පක්ෂ නායක Matthew Guy පැවසීය.

Ravenhall සිර කඳවුරට තවත් අලුත් ඇඳන් 1000 ක්  පැමිණෙනවා යන්නෙහි අර්ථය නම් වික්ටෝරියානු ප්‍රාන්තයට තවත් අපරාධ කරුවන් රිමාන්ඩ් කිරීමට ධාරිතාව ඇති බව හැඟවීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Share
Published 23 January 2017 9:52pm
Updated 23 January 2017 9:56pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends