ද්‍රවකාරක ස්වභාවික ගෑස් අපනයන වෙළෙඳ පොළ නිසා ඉදිරියේදී බලශක්ති බිල් වැඩි වෙන ලකුණු. (SBS සිංහල/වාර්තා)

මහා පරිමාණ බහු ජාතික LNG සමාගම් සැලකිය යුතු ඉහළ වියදම් වලට මුහුණ දෙමින් සිටින අතර එම වියදම් දේශීය සැපයුම්කරුවන්ට හරවා යැවීමට අපේක්ෂිතය. අවසානයේ එම වැඩිවන සියලු වියදම් ඔස්ට්‍රේලියානු සාමාන්‍ය ජනතාව වෙත හිමිවේ.

Energy bills may be set to jump due to changing LNG export market

Source: Woodside

ඉදිරි වසර කිහිපය තුළ බලශක්ති බිල් කැපී පෙනෙන ලෙස ඉහළ යාමට හැකි බව නවතම පර්යේෂණයක් පෙන්වා දෙයි.

ගෘහස්ථ බලශක්ති නිෂ්පාදකයින් තොග ගෑස් අපනයනකරුවන් සමග සමබන්ධ වී සිටින අතර එමගින් LNG (Liquefied natural gas) හෙවත් ද්‍රවකාරක ස්වභාවික ගෑස් ක්ෂේත්‍රයේ විශාලතම අපනයනකරුවන්ගෙන් එක් අයෙකු බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබේ.

කෙසේවෙතත්, මහා පරිමාණ බහු ජාතික LNG සමාගම් සැලකිය යුතු ඉහළ වියදම් වලට මුහුණ දෙමින් සිටින අතර එම වියදම් දේශීය සැපයුම්කරුවන්ට හරවා යැවීමට අපේක්ෂිතය. අවසානයේ එම වැඩිවන සියලු වියදම් ඔස්ට්‍රේලියානු සාමාන්‍ය ජනතාව වෙත හිමිවේ.

National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥ Phin Ziebell, මේ සම්බන්ධ සැකසු වාර්තාවකට අනුව මෙය සොයාගෙන තිබේ.

“අප මේ කතා කරන ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කරන LNG ගෑස් ඔස්ට්‍රේලියානු අපනයන ලයිස්තුවේ දැන් පැමිණෙන්නේ යකඩ ලෝපස් වලට පසුව දෙවන තැන ලෙසයි.” Ziebell පවසයි.

Ziebell ගේ එම වාර්තාව මගින් ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකයට LNG අපනයනය කෙතරම් වැදගත්ද යන්න මනාව පෙන්වා දී ඇත.

“අපට විදේශයට අපනයනය කිරීමට තරම් විශාල ධාරිතාවක ගෑස් තිබෙනවා.” Ziebell වැඩි දුරටත් පැවසීය.

LNG විශාල මුදලකට

දේශීය තෙල් පර්යන්ත සහ ඒවායින් පැමිණෙන ගෑස් පිළිබඳ ඔස්ට්‍රේලියාව විශ්වාසය තබා ඇති නමුත් ගෑස් ලබාගන්නා දේශීය ප්‍රභවයන් සැළකිය යුතු ලෙස වෙනස් වී ඇත.

දැන්, දැවැන්ත බහු ජාතික සමාගම් ගෑස් අපනයනය සඳහා කැණීම් කරන අතර ඔවුන්ට විශාල ජාත්‍යන්තර වෙළෙඳ පොළවල් නිරාවරණය කර දී ඇති අතර මිල ගණන්ද ඒ අනුව පැමිණෙනු ඇත.

“ඔබේ මතකය 1960 වසරට ආපසු ගෙන යන්නට හැකිනම් Bass Strait සමාගමේ ආරම්භය සහ ඔස්ට්‍රේලියාව තුළ විශාලතම ගෘහස්ථ ගෑස් පරිභෝජනය කළ ස්ථානය මෙල්බන් බව ඔබට් පෙනේවි.” National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥ Phin Ziebell පැවසීය.

එම ගෑස් මූලිකවම පැතිරී ගිය අතර ඊට පෙර එය තෙල් මත පාලනය වුණු බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව වසර ගණනාවක් ගිනිකොණ දිග ඔස්ට්‍රේලියාව තුළ වඩ වඩාත් අඩු මුදලට ගෑස් අපට තිබු බව Ziebell පැවසීය.

“ඔබ එය LNG අපනයන කර්මාන්තයත් සමග සංසන්දනය කරන විට මිල ගණන් විශාල ලෙස ඉහළ බව පෙනී යන අතර වෙළෙඳ පොළ තුළ මිල පීඩනයකට හසුව තිබෙනවා.”  Ziebell අනාවරණය කළේය.

තොග වෙළෙඳ පොළ තුළ පවතින ඉහළ ගෑස් මිල ගණන් ගෙදරදොරේ උපයෝගිතා බිල් ඉහළ යාමට පරිවර්තනය වනු ඇති බව Phin Ziebell පැහැදිලි කළේය.

මෙම දශකය අග වන විට ගෑස් මිල ගණන් 50% කින් පමණ ඉහළ යා හැකි බවක් පෙන්වන බවද ඔහු පවසයි.

National Australia බැංකුවේ මෙම කරුණු Australian Industry Group (AIG) හෙවත් ඔස්ට්‍රේලියානු කර්මාන්ත කණ්ඩායම මෑතකදී සිදු කළ සමීක්ෂණයේ දත්ත සමගද ගැලපේ.

තම බලශක්ති වියදම් මෙම වසර මුලදී සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී Innes Willox පැවසීය.

අප ඔස්ට්‍රේලියාව තුළදී බලශක්ති වියදම් සහ බලශක්ති ධාරිතාව පිළිබඳ සැලකීමේදී අපට විශාල ගැටළුවක් ඇති බව එමගින් පෙන්වා දෙන බවද ඔහු විස්තර කළේය.

ඔස්ට්‍රේලියාවේ බලශක්ති මිල ගණන් ඉහළ යාමට එරෙහිව හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඔහු ඉල්ලා සිටියි.

“මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් යන ද්විත්වයම ඉක්මනින් අවධානය යොමු කළ යුතු අර්බුදයක් ලෙස බලශක්ති අර්බුදය දැක්විය හැකියි.” Innes Willox පැවසීය.

නමුත් එම කතාබහ සාර්ථක නොවුනහොත් ගෙදරදොරේ බලශක්ති භාවිතයේදී සූර්ය කෝෂ සහ reverse cycle air-conditioning භාවිතා කිරීම මගින් ගෑස් බිල අඩු කරගත හැකි බව  විශේෂඥයින් පෙන්වා දෙයි.

Share
Published 20 January 2017 12:14am
Updated 20 January 2017 12:17am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends