ලොව ප්‍රබලතම සහ දුබලතම ගුවන් ගමන් බලපත්‍ර සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයට හිමි තැන.(SBS සිංහල/වාර්තා)

ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත්තේ ප්‍රබලත්වය අවම ලැයිස්තුවේ 9 වන ස්ථානයට වන අතර ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට වීසා රහිතව යා හැකි රටවල් සංඛ්‍යාව 39 කි.

The world's most powerful passports

Source: Shutterstock

ගුවන් ගමන් බලපත්‍රයක වටිනාකම සහ ප්‍රබලත්වය මනින්නේ කෙසේද? ගුවන් ගමන් බලපත්‍රයක වටිනාකම සහ ප්‍රබලත්වය තීරණය වන්නේ එම ගුවන් ගමන් බලපත්‍රය මගින් රටවල් කොපමණ සංඛ්‍යාවකට වීසා රහිතව ගමන් කළ හැකිද යන්න මතය.

මෙම නිර්ණායක අනුව ලොව ප්‍රබලම ගුවන් ගමන් බලපත්‍ර සහ ලොව ප්‍රබලත්වයෙන් අවම ගුවන් ගමන් බලපත්‍ර හිමි රටවල් පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.

ලොව ප්‍රබලම ගුවන් ගමන් බලපත්‍රය හිමි රට ලෙස 2016 වසර වන විට හඳුනාගෙන ඇත්තේ ජර්මනිය බව සඳහන්. මෙම දර්ශකය සකස් කර ඇත්තේ සමාගම විසිනි.

ලොව රටවල් 218 න්, ජර්මනියේ ගුවන් ගමන් බලපත්‍රයට රටවල් 177 කට වීසා රහිතව ගමන් කළ හැකි අතර ස්වීඩනය දෙවන ස්ථානයේ පසුවන්නේ රටවල් 176 කට වීසා රහිතව යාමට වරම් හිමි කරගනිමිනි.

පින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය රටවල් 175 කට වීසා රහිතව ගමන් කිරීමට හැකියාව ලබාගනිමින් මෙම දර්ශකයේ තෙවන ස්ථානයට පත්ව ඇත.

ලොව ප්‍රබලත්වය අතින් අවම ගුවන් ගමන් බලපත්‍රය හිමි රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානය බව සඳහන්. එම ගුවන් ගමන් බලපත්‍රය මගින් වීසා රහිතව යා හැක්කේ රටවල් 25 කට පමණි.

ඔස්ට්‍රේලියාවට මෙම දර්ශකයේ හිමිව ඇත්තේ ප්‍රබලත්ව ලැයිස්තුවේ අටවන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි රටවල් සංඛ්‍යාව 169 කි.

ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත්තේ ප්‍රබලත්වය අවම ලැයිස්තුවේ 9 වන ස්ථානයට වන අතර ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට වීසා රහිතව යා හැකි රටවල් සංඛ්‍යාව 39 කි.

පහත දැක්වෙන්නේ එම ලැයිස්තුවල සාරාංශයකි.

ලොව ප්‍රබලම ගුවන් ගමන් බලපත්‍ර හිමි රටවල් ලැයිස්තුව.

1. ජර්මනිය - වීසා රහිතව යා හැකි රටවල් ගණන 177

2. ස්වීඩනය - 176

3. පින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය - 175

4. බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය - 174

5. ඔස්ට්‍රියාව, ජපානය සහ සිංගප්පූරුව - 173

6. කැනඩාව, අයර්ලන්තය, දකුණු කොරියාව, ලක්ෂම්බර්ග්, නෝර්වේ, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය - 172

7. ග්‍රීසිය සහ නවසීලන්තය - 171

8. ඔස්ට්‍රේලියාව - 169

9. මෝල්ටාව - 168

10. හංගේරියාව, චෙක් ජනරජය සහ අයිස්ලන්තය - 167

ලොව ප්‍රබලත්වය අවම ගුවන් ගමන් බලපත්‍ර හිමි රටවල් ලැයිස්තුව.

1. ඇෆ්ගනිස්ථානය  - වීසා රහිතව යා හැකි රටවල් ගණන 25

2. පාකිස්තානය - 29

3. ඉරාකය - 30

4. සෝමාලියාව - 31

5. සිරියාව - 32

6. ලිබියාව - 36

7. එරිත්‍රියාව, ඉතියෝපියාව, ඉරානය, නේපාලය, පලස්තීනය සහ සුඩානය - 37

8. කොසොවෝ, දකුණු සුඩානය සහ යේමනය - 38

9. බංගලාදේශය, කොන්ගෝ ජන රජය,ලෙබනනය සහ ශ්‍රී ලංකාව - 39

10. බුරුන්ඩි, උතුරු කොරියාව සහ මියන්මාරය - 42

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි රටවල්.

  • බහමාස් - වීසා අනවශ්‍යයි - මාස 3
  • බාර්බඩෝස් - වීසා අනවශ්‍යයි - මාස 6
  • බොලීවියාව - Visa on arrival - දින 90
  • බුරුන්ඩි - Visa on arrival - දින 30
  • කාම්බෝජියාව - Visa on arrival
  • කේප් වර්ඩ් - Visa on arrival
  • චීනය - VISA on arrival for Official Passport holders - දින 30
  • කොමොරෝස් - Visa on arrival
  • ජිබෝටි - Visa on arrival
  • ඩොමිනිකා - Visa on arrival - මාස 6
  • ඉක්වදෝරය - වීසා අනවශ්‍යයි - දින 90
  • ගැම්බියාව - වීසා අනවශ්‍යයි
  • ග්‍රෙනාඩා - වීසා අනවශ්‍යයි - මාස 3
  • ගිනී බිසවු  - Visa on arrival - දින 90
  • හයිටි - වීසා අනවශ්‍යයි - දින 90
  • ඉන්දුනීසියාව - වීසා අනවශ්‍යයි - දින 30
  • ඉරානය - වීසා අනවශ්‍යයි - මාස 01
  • ලෙසෝතෝ - වීසා අනවශ්‍යයි - දින 90
  • මැඩගස්කර් - Visa on arrival - දින 90
  • මලාවි - වීසා අනවශ්‍යයි - දින 30
  • මාල දිවයින - Visa on arrival - දින 30
  • මොරිටේනියාව - Visa on arrival
  • මයික්‍රෝනීසියව - වීසා අනවශ්‍යයි - දින 30
  • මොසැම්බික් - Visa on arrival - දින 30
  • නේපාලය - Visa on arrival - දින 90
  • පලවූ - Visa on arrival - දින 30
  • ශාන්ත කිට්ස් සහ නේවිස් - වීසා අනවශ්‍යයි
  • ශාන්ත වින්සේන්ට් - වීසා අනවශ්‍යයි - දින 30
  • සෙනිගල් - Visa on arrival
  • සී ෂෙල්ස් - Visa on arrival - දින 90
  • සිංගප්පූරුව - වීසා අනවශ්‍යයි - දින 30
  • ටිමෝර් ලෙස්තේ - Visa on arrival - දින 30
  • ටෝගෝ - Visa on arrival - දින 7
  • ටුවාලු - Visa on arrival - දින 30
  • උගන්ඩා - Visa on arrival - දින 90
  • වනුවාටු - වීසා අනවශ්‍යයි - දින 30
***************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 *******************************************************************************


Share
Published 12 January 2017 12:02am
Updated 12 August 2022 4:04pm
By Madhura Seneviratne, Virginia Padovese
Source: SBS News


Share this with family and friends