2017 ඔස්ට්‍රේලියානු අය - වැය : නව බැංකු බද්ද ක්‍රියාත්මක වන්නේ කෙසේද? (SBS සිංහල/වාර්තා)

සමස්ත බැරකම් ඩොලර් බිලියන 100 ක අවමයක් පවතින ඔස්ට්‍රේලියානු බැංකු සහ ණය ලබා දෙන මුල්‍ය ආයතන මෙම බද්දට හසුවෙයි.

Australia Budget 2017

Source: SBS

මෙවර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් බැංකු සඳහා පැනවීමට සූදානම් වන බද්ද පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු මෙන්ම එහි හිමිකරුවන් සහ කොටස්කරුවන් විමතිය පළ කර සිටියි.

මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ සමස්ත බැංකු පද්ධතියම පීඩාවට පත් කෙරෙන සාහසික ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රයේ බලධාරීන් පවසයි.

නමුත් ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ මෙම තීරණය සමස්ත ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආර්ථික සහයෝගය සඳහා ගත් තීරණයක් බවය.

කුමන බැංකු සඳහා මෙම නව බදු බලපානු ඇතිද?

  • සමස්ත බැරකම් ඩොලර් බිලියන 100 ක අවමයක් පවතින ඔස්ට්‍රේලියානු බැංකු සහ ණය ලබා දෙන මුල්‍ය ආයතන මෙම බද්දට හසුවෙයි.
  • ඒ අනුව Commonwealth බැංකුව, National Australia බැංකුව, Westpac  බැංකුව සහ ANZ  බැංකුව මෙන්ම ඔස්ට්‍රේලියාවේ 5 වන විශාලතම ණය ලබා දෙන මුල්‍ය ආයතනය වන Macquarie ආයතනය මෙයට හසුවෙයි.

මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  • මෙම නව බද්ද ගණනය කරනු ලැබෙන්නේ අදාළ බැංකු සහ මුල්‍යායතන වල ඇති බැරකම් සඳහා කාර්තුවකට 0.015% ක ප්‍රතිශතයකින් වන අතර වසරකට එය 0.06% ක් වෙයි.
  • මෙම බදු අයකරනු ලබන්නේ corporate bonds, commercial paper, certificates of deposit සහ Tier 2 capital යනුවෙන් හඳුන්වනු ලබන ගනුදෙනු සඳහා පමණි.
  • ඩොලර් $250,000 කට වඩා අඩු, පුද්ගල  තැන්පතු සහ  Tier 1 capital යන ඒවාට මෙම බද්ද අදාළ නොවේ.

මේ නිසා කොපමන බදු ප්‍රමාණයක් ඉහළ නගිනු ඇතිද?

  • මේ හේතුවෙන් ඩොලර් බිලියන 1.5 ත් 1.6ත් අතර ප්‍රමාණයක බදු සෑම වසරකම ඉහළ නැංවෙනු ඇත.
  • ඇස්තමේන්තුගත ආකාරයට සිව් වසරක් ඇතුළත ඩොලර් බිලියන 6.2 ක බදු මෙයින් අය කරගැනෙයි.

මෙම බදු කවුරුන් විසින් ගෙවනු ලබයිද?

  • මෙම නව බදු සඳහා පිරිවැය දැරීමට පාරිභෝගිකයින්ට හෝ කොටස්කරුවන් හට සිදු වන බව ඔස්ට්‍රේලියානු බැංකුකරුවන්ගේ සංගමය පවසයි.
  • පාරිභෝගිකයින් හට තම තැන්පතු සඳහා අඩු පොළී අනුපාතිකයක් ගෙවීම හෝ ලබා ගන්නා ණය මත වැඩි පොළී අනුපාතිකයක් ක්‍රියත්මක කිරීමෙන් මෙම පිරිවැය පිරිමසා ගන්නා බව ඔවුන් පවසයි.
  • නමුත්, ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන සුළු පරිමාන බැංකු පාරිභෝගික ජනතාව වෙත තරගකාරී පොලී අනුපාතික ලබා දෙමින් මේ තත්ත්වය සමතුලිත කරනු ඇතැයි රජය විශ්වාස කරයි.

අවසනයේ ජයග්‍රාහකයා කවුරුන්ද?

  • මෙම නව බද්ද ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර සඳහා බලපාන බැවින් මෙහි අවසන් ජයග්‍රහාකයන් වනුයේ ඔවුන් සමග කරට කර තරග කිරීමට අවස්ථාවක් ලැබෙන ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන සුළු පරිමාන බැංකුය.

Share
Published 11 May 2017 11:49am
Updated 11 May 2017 11:52am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends