ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට ඩොලර් මිලියන 321 ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

Australian Federal Police

An Australian Federal Police badge Source: AAP

හෙට (09/05) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට ඩොලර් මිලියන 321 ක ප්‍රතිපාදන වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට ලැබුණු ඉහළම ප්‍රතිපාදන මෙය බවද සඳහන්.

ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ රට තුළට ගෙන්වීමේ ක්‍රියා නැවත්වීමට කටයුතු කිරීම සහ මිනිස් ජාවාරම් නතර කිරීමට කටයුතු කිරීම යනාදියට සහය දැක්වීමට මෙම ප්‍රතිපාදන යොදා ගනු ඇත.

“මෙවැනි අපරාධ අද ලෝකයේ බහුලව දක්නට ලැබෙන අතර ඔස්ට්‍රේලියාව තුළ ඒවා මර්දනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට අවශ්‍ය සියලු නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම ලබා දීම අරමුණු කරගනිමින් අපි විසින් මෙම දැවැන්ත ආයෝජනය කරනු ලබනවා.” යනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අද (08/05) කැන්බරා නුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.




Share
Published 8 May 2017 9:18pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends