2017 ඔස්ට්‍රේලියානු අය - වැය, ඔබට බලපාන අයුරු. (SBS සිංහල/වාර්තා)

2019 වසරේ සිට Medicare බද්ද 0.5% කින් ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

Money is taken out of a wallet Canberra, April 8, 2014. Aged pensions are expected to be hit in the upcoming 2014 budget. (AAP Image/Alan Porritt) NO ARCHIVING

Source: AAP

එළඹෙන නව මුදල් වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය ඊයේ (09/05) රාත්‍රියේදී භාණ්ඩාගාරික අමාත්‍ය ස්කොට් මොරිසන් විසින් කැන්බරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙවර අය වැය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට බලාපාන අයුරු මෙම ලිපියෙන් විමසා බලමු.

සෞඛ්‍ය අංශය

  • 2019 වසරේ සිට Medicare බද්ද 0.5% කින් ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
  • එලෙස ලැබෙන මුදලින් ඩොලර් බිලියන 22 ක් ජාතික ආබධිත රක්ෂණ වැඩපිළිවෙළ හෙවත් National Disability Insurance Scheme (NDIS) සඳහා සැපයීමට රජය අපේක්ෂා කරයි.
  • ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන Medicare Benefits Schedule සහ Pharmaceutical Benefits Scheme යන වැඩසටහන් හි සුරක්ෂිත භාවය උදෙසා එළඹෙන ජූලි 01 වන දින සිට Medicare Guarantee අරමුදලක් පිහිටුවනු ඇත.
  • තනි පුද්ගලයන්ට, පවුල් හට සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට මෙන්ම විශ්‍රාමිකයින්ට අදාළ Medicare බද්දේ අඩු ආදායම් සීමාව ද ඉහළ නැංවෙන අතර අඩු ආදායම් ලාභීන් Medicare බද්ද ගෙවීමෙන් ඉවත් කෙරේ.
  • ඇතැම් ඖෂධ වල මිල පහත හෙළීමට Medicines Australia, Pharmacy Guild සහ Generic and Biosimilar Medicines Australia යන ආයතන ත්‍රිත්වය සමග රජය ගිවිසුම් අත්සන් තබා ඇත.
Medicare signs in Melbourne, Saturday, June, 25, 2016.  (AAP Image/Tracey Nearmy) NO ARCHIVING
Source: AAP

පාරිභෝගිකයින් සඳහා

  • ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික ආරක්ෂණ නීති කඩ කරන සමාගම් වලට සහ පුද්ගලයින්ට පනවන දඩ මුදල් ඉහළ නංවයි.
  • ඒ අනුව වරදකාරී සමාගම් සඳහා ඩොලර් මිලියන 10 ක් දක්වා දඩ නිකුත් කෙරෙන අතර වරදකාරී පුද්ගලයින් සඳහා ඩොලර් ලක්ෂ 5 ක් දක්වා දඩ නිකුත් කෙරේ.

සරණාගතයින්

  • ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් භාරගැනීමේ ක්‍රියාවලිය තවත් පුළුල් කිරීමට් රජය සැලසුම් කර ඇති අතර ඒ සඳහාවූ නව ප්‍රජා සහයෝගී වැඩසටහන ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරයි.
  • ඇස්තමේන්තු ගත කාලය තුළ මෙයින් ඩොලර් මිලියන 26.9 ක ආදායමක් ගැනීමට  ගණන් බලා ඇත.
  • මෙම වැඩසටහන යටතේ මෙවර මුදල් වර්ෂය තුළ ස්ථාන 16,250 ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගැනෙන අතර 2018 – 19 කාලය වන විට එම ප්‍රමාණය 18,750 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතය.

Image

දෙමාපිය වීසා

  • ඉදිරි ඇස්තමේන්තුගත කාලය තුළ රජය ඉදිරිපත් කරන ලද සංශෝධිත නව තාවකාලික දෙමාපිය වීසා ක්‍රමය යටතේ අය වැයට ඩොලර් මිලියන 99 ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂිතය.
  • ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබුවන්ට, ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම නවසීලන්ත පුරවැසියන්ට තම දෙමාපියන්ව වසර 3 ක් හෝ 5ක් ඔස්ට්‍රේලියාව තුළ රඳවා තබා ගැනීමට මෙම නව දෙමාපිය වීසා ක්‍රමය යටතේ හැකිවනු ඇත.
  • එළඹෙන නොවැම්බර් මාසයේ සිට මෙම නව වීසා ක්‍රමය බලපැවැත්වෙන අතර වසරකට මෙවැනි වීසා 15,000 ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂිතය.

විදේශ ආධාර

  • අය වැය හිඟය අවම කිරීමට වසර 4 ක් සඳහා වූ ඩොලර් මිලියන 300 ක ප්‍රතිපාදන කප්පාදුවක් විදේශ ආධාර සඳහා සිදු කර ඇත.
Australia Budget 2017
Source: SBS

නිවාස වෙළෙඳ පොළ

  • ඔස්ට්‍රේලියාව තුළ ප්‍රථම නිවස මිලදී ගැනීමට අපේක්ෂිත පුද්ගලයින් හට ඔවුන්ගේ Superannuation ගිණුම හරහා ඒ සඳහා මුදල් ඉතිරි කිරීමට ඉඩ සැලසේ.
  • බදු ගෙවීමට පෙර ආදායම අඩු  බදු අගයක් යටතේ නිවසක් සඳහා ඉතුරු කිරීමට මෙමගින් හැකියාව පවතින අතර salary sacrifice ක්‍රමයක් ලෙස ඩොලර් 30,000ක් දක්වා මෙයින් වෙනම ඉතරි කල හැකි වේ.
  • වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයනට ඔවුන්ගේ නිවසේ සිටම කුඩා නිවසකට downsize කිරීමට අවශ්‍ය නම් එම ආදායමෙන් කොටසක් සිය superannuation ගිණුමට ඔවුන්ට එක් කළ හැකි වේ. 
  • එසේම නව  නිවාස ඉදිකිරීම් වලින් 50%කට වඩා විදේශීය ගැනුම් කරුවන්ට මිලදී ගත නොහැකි වීමේ නව නීතියක් ද හඳුන්වා දී ඇත.
  • විදේශීය දේපල හිමිකරුවන්ට ඔවුන්ගේ නිවාස වල පදිංචියක් නැත්නම් හෝ අදාළ නිවාස මාස 6ක් හෝ කුලී වෙළඳ පොලේ නොමැතිනම් ඔවුන්ට ඩොලර් 5000ක ගාස්තුවක් ගෙවීමට සිදුවේ.

Image

ළමා සුරැකුම් අංශය

  • පාසල් කාලයට පෙර හා ඉන් පසුවත් ළමා සුරැකුම් දීමනා වෙනුවෙන් රජය ඩොලර් බිලියන 37.5ක් මෙවර අය වැයෙන් වෙන් කොට තිබේ.
  • ලබන වසරේ ජුලි සිට ළමා සුරැකුම් ගාස්තු සඳහා පැයට උපරිම අගයක් හඳුන්වා දීමට නියමිත අතර නම්‍යශීලී ළමා සුරැකුම් සේවා කාල ලබා දීමටද  තීරණය කර තිබේ.
  • වසර 2018 සිට National Partnership Agreement on Universal Access to Early Childhood Education වෙනුවෙන් ඩොලර් මිලියන 428ක් ලබා දීමට ද  තීරණය කර තිබේ.

විදේශ ශ්‍රමිකයින්

  • තාවකාලික සේවක වීසා යටතේ විදෙස් ශ්‍රමිකයින් සේවයේ යොදාගන්නා සමාගම් සඳහා එක් ශ්‍රමිකයෙකු හට වසරකට ඩොලර් 1200 ත් 1800 ත් අතර ප්‍රමාණයක බද්ද්දක් අය කෙරේ.
  • ස්ථිර නිපුණතා වීසා යටතේ සේවයේ නියුතු එක් ශ්‍රමිකයෙකු හට ඩොලර් 3000 ක් හෝ 5000 ක බද්දක් ආදාල සමාගම් වලින් අය කරගැනීමට අපේක්ෂිතය.
  • වීසා අයදුම්පත් ගාස්තුද ඉහළ ලෙස වෙනස් වේ.
Australia Budget 2017
Source: www.urbancircus.com.au

යටිතල පහසුකම්.

  • ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ඩොලර් බිලියන 75 ක වියදමක් දැරීමට සූදානම් වේ.
  • Bruce Highway සංවර්ධනයට ඩොලර් මිලියන 844 ක් ද බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ග සංවර්ධනයට ඩොලර් බිලියන 1.6 ක්ද වෙන් කෙරේ.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ යා කරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඩොලර් බිලියන 10 ක් වෙන් කර තිබේ.

Share
Published 10 May 2017 2:25am
Updated 10 May 2017 2:33am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends