ඕස්ට්‍රේලියාවේ විවිධ රැකියා කේෂ්ත්‍රවල ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල Penalty rates කප්පාදු වන්නේ කෙසේද ? (SBS සිංහල/වාර්තා)

Penalty rates

Call for Sunday Penalty rates to be reduced. (File) Source: The Feed

ඕස්ට්‍රේලියානු Fair Work කොමිසම  ලබාදුන් තීන්දුවකට අනුව ඉරිදා දිනයේ සහ රජයේ නිවාඩු දිනවල, කේෂ්ත්‍ර කීපයක රැකියාවල නිරත වීමේදී හිමි වූ අමතර දීමනා (Penalty Rates) අඩු කිරීමට නියම වී ඇති බව සදහන්.  ආපනශාලා සහ හෝටල් කර්මාන්තය (hospitality), සිල්ලර වෙළද  (retail) සහ  fast-food කර්මාන්ත වල, පුර්ණකාලිනව (Full Time), අර්ධ කාලින (Part Time ) සහ අනියම් (Casual ) පදනම මත සේවයේ නියුතු අයගේ Penalty Rates මේ ආකාරයෙන් කප්පාදු කිරීමකට ලක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

 

ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසම ලබාදුන් වාර්තාවකින් පසුව ඕස්ට්‍රේලියානු Fair Work කොමිසම මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ. ඵලදායිතා  කොමිසමේ වාර්තාවට අනුව සදහන් වන්නේ ඉරිදා දිනයේ Penalty Rates සෙනසුරාදා දිනයේ ගෙවන අමතර දීමනා  හා සමාන විය යුතු බවත් එමගින් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිකළ හැකි බවත්ය. මෙම තීරණයත් සමගින් ඉරිදා සහ රජයේ නිවාඩු  දිනවලදී, වැඩි වේලාවක්  වෙළද කටයුතු සිදුකරන ආයතන සහ , නව සේවාවන් දක්නට ලැබෙනු ඇති බව තම අපේක්ෂාව බව ඕස්ට්‍රේලියානු Fair Work කොමිසම  පවසයි.

 

ඕස්ට්‍රේලියානු කර්මාන්ත වෘත්තීය සමිති එකමුතුව (Australian Council of Trade Unions) සදහන් කරන ආකාරයට ඕස්ට්‍රේලියාව  තුල ලක්ෂ පහකට ආසන්න  සේවක පිරිසකට  වසරකට ඩොලර් 6000ක  පමණ මුදලක් මෙමගින් අහිමිවනු ඇති බව සදහන්.

  

Penalty Rates වෙනස් වන ප්‍රතිශතයන්

 

ඉරිදා දිනයේ hospitality කේෂ්ත්‍රයේ රැකියවල නියුතු පුර්ණකාලින  සහ අර්ධ කාලීන  සේවකයින්ගේ  Penalty Rates 175% ක ප්‍රතිශතයේ සිට 150% ක ප්‍රතිෂතයක් දක්වා කප්පාදු කිරීමට යෝජනා වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. එම කේෂ්ත්‍රයේ සේවයේ නියුතු අනියම් සේවකයින්ගේ Penalty Rates සදහා කිසිදු වෙනසක් සිදු නොවන බව සදහන්.

 

සිල්ලර වෙළද (Retail ) කේෂ්ත්‍රයේ රැකියවල නියුතු පුර්ණකාලින  සහ අර්ධ කාලීන  සේවකයින්ගේ  Penalty Rates 200% ක ප්‍රතිශතයේ සිට 150% ක ප්‍රතිෂතයක් දක්වා කප්පාදු කිරීමට යෝජනා වී ඇති අතර එම කේෂ්ත්‍රයේ සේවයේ නියුතු අනියම් සේවකයින්ගේ Penalty Rates 175 % ක් දක්වා අඩු කිරීමට තීන්දු වී තිබේ.

 

මීට අමතරව fast-food කේෂ්ත්‍රයේ රැකියවල නියුතු පුර්ණකාලින  සහ අර්ධ කාලීන  සේවකයින්ගේ  Penalty Rates 150% ක ප්‍රතිශතයේ සිට 125% ක ප්‍රතිෂතයක් දක්වා කප්පාදු කිරීමට යෝජනා වී ඇති අතර එම කේෂ්ත්‍රයේ සේවයේ නියුතු අනියම් සේවකයින්ගේ Penalty Rates 175 %  සිට 150%  දක්වා අඩු කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි. 

 

තවද Pharmacy හෙවත් ඖෂධ වෙළදසැල් වල සේවයේ නියුතු පුර්ණකාලින  සහ අර්ධ කාලීන  සේවකයින්ගේ  Penalty Rates 200% ක ප්‍රතිශතයේ සිට 150% ක ප්‍රතිෂතයක් දක්වා කප්පාදු කිරීමට යෝජනා වී ඇති අතර එම කේෂ්ත්‍රයේ සේවයේ නියුතු අනියම් සේවකයින්ගේ Penalty Rates 200 %  සිට 175%  දක්වා අඩු කිරීමට යෝජනා වී ඇති බව සදහන්.

 

රජයේ නිවාඩු දිනවල Penalty Rates කප්පාදු කිරීම 2017 ජුලි 1දා  සිට ක්‍රියාත්මක බව වැඩි දුරටත් වාර්තා වෙයි. නමුත් ඉරිදා දිනයේ Penalty Rates කප්පාදු කිරීමේ දින වකවානු මෙතෙක් Fair Work කොමිසම ප්‍රකාශයට පත් කර නොමැති අතර එය වසරක කාලයක් තුල ක්‍රියාත්මක කරන බව එම කොමිසම පවසයි.

කම්කරු පක්ෂයේ විරෝධය

මෙම තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස ඕස්ට්‍රේලියානු Fair Work කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට තමන් සුදානම් වන බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසයි. එය අසාර්ථක වුවහොත්  Fair Work කොමිසමට අදාල නීති වෙනස් කිරීමට තම පක්ෂය පාර්ලිමේන්තුව තුල කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

වැඩියෙන් රැකියා අවස්ථා උදා වන බව රජය පවසයි

රැකියා කටයුතු පිළිබද ඇමතිනි Michaelia Cash පවසන්නේ මෙමගින් රැකියා නොමැති අයට  රැකියා අවස්ථා උදා වන බවයි.

**************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*****************************************************************************************************

 




Share
Published 24 February 2017 9:43am
Updated 24 February 2017 1:04pm
By Sanjaya Dissanayake
Source: SBS News, ABC News


Share this with family and friends