IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ මැතිව්ස්ට සහ අසේලට අවස්ථාව (SBS සිංහල / වාර්තා )

Adela Gunaratne of Sri Lanka

Asela Gunaratne belted four sixes in the last two overs in Sri Lanka's T20 win over Australia. (AAP) Source: AAP

2107 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL ) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවති අතර, ඒ සදහා ඉදිරිපත්කර තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කණ්ඩායම් මිලදී ගත්තේ ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් සහ පසුගියදා ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවැනි 20-20 තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අසේල ගුණරත්න පමණි.

Delhi Daredevils කණ්ඩායම මගින් ඇන්ජලෝ මැතිව්ස් මිලදී ගත් අතර ඔහුට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි  දෙකක්. Mumbai Indians  කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 කට බව සදහන්.

මීට  පෙර කීප වතාවක් IPL තරගාවලිය එක්  වූ තිසර පෙරේරා මෙවර කිසිදු කණ්ඩායමකින් මිලදී නොගැනීම කැපී පෙනෙන සිදුවීමක්.
තවද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දිනේෂ් චන්දිමාල් , ලක්ෂාන්  සදකැන්, කුසල් ජනිත් පෙරේරා , නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජය යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද වෙන්දේසියට ඉදිරිපත් කර තිබු අතර එම ක්‍රීඩකයින් කිසිදු කණ්ඩායමකින් මිලදී නොගැනීම කැපී පෙනෙන සිදු වීමක් විය.

විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම මිලක් එංගලන්ත ක්‍රීඩක Ben Stokes හට හිමිවූ අතර Rising Pune Supergiants කණ්ඩායම මගින් ඔහුට ගෙවූ මුදල ඉන්දීය රුපියල් කෝටි  14.5ක් . එය ඇමරිකානු ඩොලර් මිලියන 2.16කට ආසන්න  මුදලක්. විදෙස් ක්‍රීඩකයෙක් හට IPL ඉතිහාසයේ හිමිවූ වැඩිම මුදල මෙය බව සදහන්. එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Tymal Mills දෙවැනි වැඩිම මිලක් හිමිවූ විදෙස් ක්‍රීඩකයා  වන අතර, ඔහුට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි  12ක්. Royal Challengers Bangalore කණ්ඩායම විසින් ඔහු මිලදී ගත් අතර, පන්දු යවන්නෙකු ලෙස ඔහුට මෙතරම් ඉහල මුදලක් හිමිවීම වැදගත් කරුණක්.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Pat Cummins හටද මෙවර IPL වෙන්දේසියේදී ඉතා ඉහල මිලක් හිමිවූ අතර  Delhi Daredevils කණ්ඩායම ඔහු මිලදී ගැනීමට ගෙවූ මුදල, ඉන්දීය රුපියල් කෝටි  4.5ක්.

මෙලෙස වෙන්දේසියේදීට නිකුත් කල ක්‍රීඩකයින් හැරෙන්නට කණ්ඩායම් මගින් රදවාගෙන ඇති ක්‍රීඩකයින් ද සිටින අතර ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ අනුව Mumbai Indians කණ්ඩායමේ එලෙස රදවාගෙන ඇති ක්‍රීඩකයින් අතරට ඇතුලත් වී සිටී.

Nathan Coulter,  Mitchell Johnson, Dan Christian , Billy Stanlake සහ Ben Laughlin යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයිද මෙවර IPL වෙන්දේසියේදී කණ්ඩායම් විසින් මිලදී ගනු ලැබිය.


2017 IPL තරගාවලිය අප්‍රේල් 5දා ආරම්භ වීමට නියමිතයි


Share
Published 21 February 2017 6:53am
Updated 21 February 2017 9:33am


Share this with family and friends