ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීමේ පරීක්ෂණය අසීරු කිරීමට රජයේ උත්සාහයක්. (SBS සිංහල /වාර්තා)

මෙහිදී ඔස්ට්‍රේලියානු වටිනාකම්, ඔස්ට්‍රේලියානු සමාජයත් සමග සම්බන්ධ වීමට ඇති හැකියාව, ස්වාධීන පුද්ගලයන්ගේ ඉංග්‍රීසි ඉගෙනීමට ඇති කැමැත්ත, ළමුන්ගේ අධ්‍යාපනය, රැකියා අපේක්ෂාවන් සහ සුබ සාධන යැපීම් පිළිබඳ අවධානය යොමු කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

Cheti cha uraia na pasi ya Australia

Cheti cha uraia na pasi ya Australia Source: SBS

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීමේ පරීක්ෂණය වෙනස් කිරීමට සූදානමක් පවතින බව සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ඊයේ (03/01) ප්‍රකාශ කළේය.

සංක්‍රමණිකයින් මුවාවෙන් ත්‍රස්තවාදීන් ඔස්ට්‍රේලියාව තුළට පැමිණීම වළක්වාලීමට මෙම පියවර  අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

මෙහිදී ඔස්ට්‍රේලියානු වටිනාකම්, ඔස්ට්‍රේලියානු සමාජයත් සමග සම්බන්ධ වීමට ඇති හැකියාව, ස්වාධීන පුද්ගලයන්ගේ ඉංග්‍රීසි ඉගෙනීමට ඇති කැමැත්ත, ළමුන්ගේ අධ්‍යාපනය, රැකියා අපේක්ෂාවන් සහ සුබ සාධන යැපීම් පිළිබඳ අවධානය යොමු කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

සුළු පිරිසක් ඔස්ට්‍රේලියානු පුරවසිභාවයෙන් ත්‍රස්තවාදයට අනුබල සැපයීම වැනි නොමනා ක්‍රියා සිදු කිරීම හේතුවෙන් බහුතරයකට  මෙවැනි අසීරුතාවලට මුහුණ දීමට සිදුවීම පිළිබඳ කණගාටුවන බවද සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වූ පරීක්ෂණය වසර හතරකින් නොව හතකින් පැවැත්වීම යහපත් බව One Nation පක්ෂයේ නායිකා Pauline Hanson, SBS සේවයට පැවසුවාය.

“මෙරට පුරවැසිභාවය ලබාගන්නා පුද්ගලයන් ඔස්ට්‍රේලියාව පිළිබඳ මනා වැටහීමක් තිබියය් යුතුයි. මම හිතන්නේ පුරවැසිභාවය ලබා දෙන්න අප ඉක්මනින් සැදී පැහැදී බලාගෙන ඉන්න රටක්.” Pauline Hanson වැඩි දුරටත් පැවසුවාය.

“මෙරට සමාජයට පක්ෂපාති පුරවැසියන් අවශ්‍යනම් ඔවුන්ට හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුයි. රජයෙන්, භාෂා පරිවර්තකයින් ලබා දීම නැවැත්විය යුතුයි. අප දිගින් දිගටම භාෂා පරිවර්තකයින් සැපයීම හේතුවෙන් ඔවුන් කිසි දිනෙක ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උනන්දුවන්නේ නැහැ.” Pauline Hanson තවත් පැහැදිලි කළාය.

රජයේ මෙම තීරණයට ලිබරල් ඩිමොක්‍රටික් සෙනට් සභික David Leyonhjelm තම සහය පළ කර තිබේ. ඔස්ට්‍රේලියාව පුරවැසිභාවය පිරි නැමීමේදී ස්විට්සර්ලන්තයේ ආකෘතිය අනුගමනය කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ. පුරවැසිභාවය ලබා ගැනීමේදී එරට පුරවැසියෙකු අනුග්‍රහය සැපයිය යුතු හෝ සහතික කිරීමක් සිදු කිරීම ස්විට්සර්ලන්ත සම්ප්‍රදාය වේ.

මීට අමතරව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂනයේදී අදාළ පුද්ගලයන් සමාජයත් සමග ඇති සම්බන්ධතාව ද සොයා බැලිය යුතු බව ඔහු පවසයි. සේවා ඉතිහාසය, කතා කිරීමේ නිදහස, සමානාත්මතාවය, කාන්තා ගරුත්වය සහ සමාජ විවිධත්වය යන කරුණු මෙන්ම ඒ හා සම්බන්ධ නීති පිළිබඳවද දන සිටීම ඉතා වැදගත් බව ඔහු පවසයි.

මේ වන විට පවත්වන පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය සඳහා ප්‍රශ්න 20ක් ඇතුළත් අතර එක් එක් අයදුම්කරුවාට එම ප්‍රශ්න 20 අහඹු ලෙස පරිගණකය සකසා දෙයි.මෙය 2007 වසරේ ජෝන් හොවාඩ් අගමැති සමයේ සිට ක්‍රියාත්මක වන්නකි.

ඉන් අනතුරුව කෙවින් රඩ් ගේ සමයේදී මෙම පරීක්ෂණයට සිවිල් කාර්යයන් සහ වගකීම් යන මාතෘකාද ඇතුළත් කළේය.

මෙම පරීක්ෂණයේ අසමත්වීමේ ප්‍රතිශතය මේ වන විට 2%ක් වැනි ඉතා පහළ මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සංක්‍රමණ නීති වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Linda Kirk පවසයි.

“මෙහි එන ප්‍රශ්න වල අන්තර්ගත වන්නේ ඔස්ට්‍රේලියානු ඉතිහාසය, රජයේ සැකැස්ම, එහි ආයතන වැනි දෑ පිළිබඳවයි.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

2009 වසරේ මෙම පරීක්ෂණය සමත්වීමේ කඩඉම් ලකුණු ප්‍රමාණය 60 සිට 75 දක්වා ඉහළ දැමුණේය. ඒ අනුව ප්‍රශ්න 20න් අවම 15කට හෝ නිවැරදිව පිළිතුරු සැපයිය යුතු වෙයි.

මෙවැනි පුරවැසිභාවය ලබාදීමේ පරීක්ෂණ පවත්වන අනෙකුත් රටවල් නම් ප්‍රංශය, නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, දකුණු කොරියාව, කැනඩාව, ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තයයි.

----------------------------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය -  සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------------------------------------------------------------------------------


Share
Published 4 January 2017 12:44am
Updated 4 January 2017 12:49am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends