ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී ශිෂ්‍ය වීසා සඳහා පිරිනමන ලකුණු වල වෙනසක්: (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු අධ්‍යාපනික ආයතන වලින් ආචාර්ය උපාධි (doctorate-level) හෝ දර්ශනපති උපාධි (masters) පර්යේෂණ මට්ටමේ සුදුසුකම් සහිතව සම්පූර්ණ කළ සිසුන් හට අමතර ලකුණු 5ක් පිරිනැමීමට ඔස්ට්‍රේලියානු සංක්‍රමණික සහ දේශ සීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. please click on the Elglish tab at the top of this page to read this information in English

Australian student visa

Australian student visa Source: SBS

2016 වසරේ සැප්තැම්බර් මස 10 වන දින සිට සංක්‍රමණික නිපුණතා ලැයිස්තුව යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා පිරිනමන ලකුණු ලබා දීමේ ක්‍රම වේදයේ වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු සංක්‍රමණික සහ දේශ සීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු අධ්‍යාපනික ආයතන වලින් ආචාර්ය උපාධි (doctorate-level) හෝ දර්ශනපති උපාධි (masters) පර්යේෂණ මට්ටමේ සුදුසුකම් සහිතව සම්පූර්ණ කළ සිසුන් හට ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී අමතර ලකුණු 5ක් පිරිනැමීමට  ඔස්ට්‍රේලියානු සංක්‍රමණික සහ දේශ සීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම පටිපාටිය ඔස්ට්‍රේලියාවේ විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු හෝ ගණිත හෝ විශේෂයෙන් සඳහන් කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන අංශ වලට අදාළ සුදුසුකම් මත පදනම් වේ.

ජාතික නවෝත්පාදන සහ විද්‍යා න්‍යායපත්‍රය යටතේ ඔස්ට්‍රේලියාව තුළ “විශිෂ්ට සහ දීප්තිමත්” නිපුණතා වලින් සපිරි පුද්ගලයන් බිහි කිරීමේ අරමුණින් මෙම වෙනස්කම සිදු කර ඇති බව වාර්තා වේ.

නව ක්‍රමවේදය යටතේ පහත දැක්වෙන අංශ වල අධ්‍යාපන සුදුසුකම් අනුමත කිරීම සඳහා යෝජනා කර ඇති අතර ඒවායේ සීමාවන් Commonwealth Register of Institutions and Courses for Overseas Students හෙවත් (CRICOS) යටතේ පැහැදිලි කර ඇත.

  • Biological Sciences
  • Chemical Sciences
  • Earth Sciences
  • Mathematical Sciences
  • Natural and Physical Sciences
  • Other Natural and Physical Sciences
  • Physics and Astronomy
  • Computer Science
  • Information Systems
  • Information Technology
  • Other Information Technology
  • Aerospace Engineering and Technology
  • Civil Engineering
  • Electrical and Electronic Engineering and Technology
  • Engineering and Related Technologies
  • Geomatic Engineering
  • Manufacturing Engineering and Technology
  • Maritime Engineering and Technology
  • Mechanical and Industrial Engineering and Technology
  • Other Engineering and Related Technologies
  • Process and Resources Engineering.
උපාධිධාරීන් හට වෙබ් අඩවිය වෙත පිවිසීමෙන්  තම සුදුසුකම් මෙම පටිපාටිය සඳහා සුදුසුදැයි පරීක්ෂා කිරීමට හැකියාව තිබේ. ඔබට පර්යේෂණ මට්ටමේ ආචාර්ය හෝ දර්ශනපති උපාධියක් හිමි නම් සහ එම සුදුසකම් ලැබූ අංශය ඉහත ලයිස්තුවේ තිබේ නම් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරගැනීම උදෙසා ලකුණු 5ක් හිමි කරගත හැකිය.

වැඩි විස්තර වෙබ් අඩවියෙන් ද ලබාගත හැකිය. 

 

please click on the Elglish tab at the top of this page to read this information in English

 originally published - 13.9.2016

republished - 2.11.2016

 ******************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

 

Share
Published 2 November 2016 10:58pm
Updated 19 December 2016 2:26pm
By Madhura Seneviratne


Share this with family and friends