ඔස්ට්‍රේලියාවේ 457 වීසා ඛාණ්ඩය යටතේ සකස් කර ඇති රැකියා ලැයිස්තුවේ කප්පාදුවක්. (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වීසා හෙවත් skilled migrant visa සඳහා ඉඩ සලසා ඇති රැකියා 457 රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රජය පියවර ගනු ඇතැයි, ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ඉඟි පළ කර තිබේ.

Government to cut 457 visa occupations list for skilled migrants

Government abolishes 457 visa Source: SBS

ඔස්ට්‍රේලියාවේ 457 වීසා ඛාණ්ඩය යටතේ සකස් කර ඇති රැකියා ලැයිස්තුවේ කප්පාදුවක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානමක් පවතින බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වීසා හෙවත් skilled migrant visa සඳහා ඉඩ සලසා ඇති රැකියා 457 රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රජය පියවර ගනු ඇතැයි, ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය  Peter Dutton ඉඟි පළ කර තිබේ. විපක්ෂයේ දැඩි පීඩනයෙන් පසුව මෙම තීරණය ගැනීමට සිදුවී තිබෙන බවද වාර්තා වේ.

457 වීසා ඛාණ්ඩය යටතේ ක්‍රියාත්මක රැකියා ලැයිස්තුවේ මේ වන විට රැකියා 650 කට අධික ප්‍රමාණයක් ඇති බවත් මේ වන විට ඒවා විමර්ශනය කරමින් පවතින බවද අමාත්‍ය Peter Dutton Sky ප්‍රවෘත්ති වලට පවසා තිබේ.

457 වීසා ඛාණ්ඩය යටතේ ක්‍රියාත්මක රැකියා ලැයිස්තුව ඉතා පුළුල් පරාසයක විහිදී තිබෙන බවත් එය සංක්ෂිප්ත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩි දුර පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් එහා ඇති ප්‍රාදේශීය ප්‍රදේශ සඳහා ඇති රැකියා සඳහා පුද්ගලයන් පිටත් කර යැවීම ඉතා දුෂ්කර බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම 457 වීසා ඛාණ්ඩය ඔස්ට්‍රේලියානු සේවකයන් හට අයහපත්ව බලපාන බව රැකියා කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිත Brendan O'Connor ABC මාධ්‍ය ජාලයට පවසා තිබේ.

ශ්‍රමය සූරා කෑම, විවිධ අපයෝජන, අඩු වැටුප් ගෙවීම වැනි අකටයුතුකම් මෙම වීසා ලාභීන් හට නිරතුරුවම අත් දැකීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

මෙරට තුළ සම්පූර්ණයෙන් පාහේ වැටුප් වල පසු බෑමක් ඇතිවීමට හේතුව එය බවද ඔහු පවසයි. ගුරුවරුන් සහ මාධ්‍යවේදීන් වැනි වෘත්තීන් ඉල්ලුමට වඩා සැපයුම ලැබී ඇති බව පෙනී ගොස් තිබේ.

නමුත් 457 වීසා ඛාණ්ඩය යටතේ ඇති ඉහළ සේවක සංඛ්‍යාවක් සිටින වෘත්තීන්  අතර එම වෘත්තීන් නොමැති බව ද සඳහන්.
Most Popular 457 Visa Occupations
Source: ABC Australia
ඔස්ට්‍රේලියාවේ 457 වීසා සඳහා ඍජුව අයදුම් කරන මූලික අයදුම් කරුවන්ගේ ඉතා ජනප්‍රියම වෘත්තිය "කෝකි" හෙවත් "cook" තනතුර බව ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. දෙවනුව අවන්හල් කළමණාකරු හෙවත්  cafe/restaurant manager තනතුරු ජනප්‍රිය බව ඔවුන් පවසයි.

 

---------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා  සජීවීව සහ පසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 20 November 2016 9:14pm
Updated 19 December 2016 2:32pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends