වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග වල වැඩිපුරම දඩ නියමවූ ප්‍රදේශ මෙන්න. (SBS සිංහල/වාර්තා)

2015-16 කාලයේදී එම ප්‍රදේශ වල රියදුරන් සඳහා CityLink දඩ 697,773 ක්ද EastLink දඩ 519,369 ක්ද නිකුත් කර තිබේ.

Road Tolls to increase

Source: SBS

වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග (මුදල් ගෙවා ධාවනය කළ යුතු මාර්ග) සම්බන්ධ නිකුත් කෙරුණු දඩ වලින් 10 න් 7 කටත් වඩා අපරාධ යුක්ති පද්ධතිය තෙක් දිව යන බව The Age පුවත් පත සිදු කළ විමර්ශනයකින් හෙළිවී ඇත.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග වලින් නිකුත් කෙරුණු දඩ නොගෙවූ නීති කඩ කළ ගැටළු වලින් වික්ටෝරියානු අධිකරණ පිරී යමින් පවතින බවද වාර්තා වේ.
The Age පුවත් පත සිදු කළ විමර්ශනයට අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉහළතම සංඛ්‍යාවක මාර්ග නීති කඩ කිරීම් සිදු වන්නේ Frankston සහ Cranbourne ප්‍රදේශ වල රියදුරන් අතිනි.
2015-16 කාලයේදී එම ප්‍රදේශ වල රියදුරන් සඳහා CityLink දඩ 697,773 ක්ද EastLink දඩ 519,369 ක්ද නිකුත් කර තිබේ.

2015-16 වසරේ EastLink දඩ ප්‍රමාණය ඊට පෙර වසරට සාපේක්ෂව 16% ක ඉහළ යාමක් වන අතර ඊට පෙර වසරේ එම අගය පැවතියේ 447,600 ලෙසය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ජනගහනය සමග සසඳන කල Frankston සහ Cranbourne ප්‍රදේශ වල වාසය කරන ජනගහනය 4% කටත් වඩා අඩු වුවත් ප්‍රාන්තයේ CityLink සහ EastLink දඩ වලින් 10% ක් පමණ නිකුත් කර ඇත්තේ එම ප්‍රදේශ වලට වීම විශේෂත්වයකි.

2014-15 වසරේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ toll ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 687 ක් වූ අතර එය ඊට පෙර වසරට වඩා 15% ක වැඩි වීමකි.
2015-16 වසරේදී toll මාර්ග වල වලංගු බලපත්‍රයක් නොමැතිව Seaford, Frankston, Frankston North, Carrum Downs, Langwarrin, Baxter, Mount Eliza, Skye සහ Cranbourne යන ප්‍රදේශ වල වෙසෙන රියදුරන් රථ වාහන ධාවනය කිරීමෙන් 114,022 ක දඩ සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව හෙළිවී ඇත.
එම දඩ වලින් තුනෙන් දෙකක්ම නිකුත් කර ඇත්තේ EastLink මාර්ගය හරහා ධාවනය කළ රථ වාහන සඳහාය.

පසුගිය වසරේ CityLink මාර්ගයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම නිසා වැඩි පුරම දඩ මුදල් නිකුත් කර ඇත්තේ Craigieburn, Cranbourne, Hoppers Crossing, Point Cook සහ St Albans යන ප්‍රදේශ වලටය.

එමෙන්ම පසුගිය වසරේ EastLink මාර්ගයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම නිසා වැඩි පුරම දඩ මුදල් නිකුත් කර ඇත්තේ Cranbourne, Frankston, Dandenong, Croydon සහ Pakenham යන ප්‍රදේශ වලටය.

Share
Published 25 July 2017 12:28am
By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends