ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 20 අතරට ඔස්ට්‍රේලියාවේ Qantas සිව්වන වරටත්. (SBS සිංහල/වාර්තා)

AirlineRatings.com වෙබ් අඩවිය විසින් වාර්ෂිකව තෝරනු ලබන ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් සඳහා 2017 වසර සඳහා ප්‍රථම 20 තෝරාගෙන ඇත්තේ ගුවන් සේවාවන් 425 ක් නිරීක්ෂණය කිරීමෙන් බව ද වාර්තා වේ.

World's safest airlines for 2017 revealed

Source: www.flyfirst.com

මාරක විපත් නොමැති වාර්තා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය නොකඩවා සිව්වන වරටත් ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 20 අතරින් එකක් ලෙසට සම්මාන ලබා ඇත.

AirlineRatings.com වෙබ් අඩවිය විසින් වාර්ෂිකව තෝරනු ලබන ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් සඳහා 2017 වසර සඳහා ප්‍රථම 20 තෝරාගෙන ඇත්තේ ගුවන් සේවාවන් 425 ක් නිරීක්ෂණය කිරීමෙන් බව ද වාර්තා වේ.

AirlineRatings.com වෙබ් අඩවිය විසින් 2017 වසර සඳහා නම් කළ ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 20, ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.

  1. Air New Zealand
  2. Alaska Airlines
  3. All Nippon Airways
  4. British Airways
  5. Cathay Pacific Airways
  6. Delta Air Lines
  7. Etihad Airways
  8. EVA Air
  9. Finnair
  10. Hawaiian Airlines
  11. Japan Airlines
  12. KLM
  13. Lufthansa
  14. Qantas
  15. Scandinavian Airline System
  16. Singapore Airlines
  17. Swiss
  18. United Airlines
  19. Virgin Atlantic
  20. Virgin Australia.
මීට අමතරව AirlineRatings.com වෙබ් අඩවිය විසින් low-cost airlines හෙවත් අඩු වියදම් ගුවන් සේවාවන් අතරින්ද ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 10 නම් කර තිබේ.

ලොව ආරක්ෂිතම අඩු වියදම් ගුවන් සේවාවන් 10, ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.

  1. Aer Lingus
  2. Flybe
  3. HK Express
  4. Jetblue
  5. Jetstar Australia
  6. Jetstar Asia
  7. Thomas Cook
  8. Virgin America
  9. Vueling
  10. Westjet
මෙලෙස ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් නම් කිරීමේදී AirlineRatings.com වෙබ් අඩවිය ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳවම සැළකිලිමත් වේ.

අදාළ ගුවන් සේවය වගකියන ප්‍රධාන ආයතනයේ සහ අනෙකුත් ප්‍රමුඛ පෙළේ සම්බන්ධිත ආයතනවල  විගණන වාර්තා, රජයේ විගණන වාර්තා, ගුවන් යානා අනතුරු සහ බරපතල සිද්ධි පිළිබඳ වාර්තා, ලාභාංශ සහ ගුවන් ගතවූ කාලය එම ප්‍රධාන කරුණු අතර වේ.

AirlineRatings.com මගින් නම් කරනු ලබන ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 20 ආරක්‍ෂිත නව්‍යකරණයෙන්, මෙහෙයුම් විශිෂ්ඨත්වයෙන් මෙන්ම A350, 787 සහ 777X වැනි බොහෝ උසස් ගුවන් යානා එළි දැක්වීම අතින් ඉදිරියෙන්ම සිටින බව AirlineRatings.com වෙබ් අඩවියේ සංස්කාරක Geoffrey Thomas පවසයි.

මීට අමතරව මාරක විපත් නොමැති ඔස්ට්‍රේලියාවේ නිළ ගුවන් සේවය වන Qantas ගුවන් සේවය ඒ අතරින් නොකඩවා සිව් වන වරටත් පළමු 20 ට තේරීම පුදුමයක් නොවන බවද ඔහු පැවසීය.

වසර 96 ක Qantas ගුවන් සේවා ඉතිහාසයේ ආරක්ෂාව සහ මෙහෙයුම් විශිෂ්ඨත්වය අතරින් ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවක් බවට Qantas පත්වී ඇත්තේ ලොව වඩාත් අත්දැකීම් බහුල ගුවන් සේවාවක් ලෙසිනි.

*****************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************

Share
Published 8 January 2017 9:29pm
Updated 8 January 2017 10:08pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends