ඔස්ට්‍රේලියාවේ වාර්ගික වෙනස්කම් සම්බන්ධ නීති කෙටුම්පතේ 18C වගන්තිය වෙනස් කිරීම පිළිබඳ මත ගැටුම් උත්සන්න වේ. (SBS සිංහල/වාර්තා)

18C වගන්තියෙහි බලය අඩු කිරීම නිසා මෑතකදී පැමිණුනු සංක්‍රමණිකයින් වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බව The Ethnic Communities Council of Victoria හි සභාපති Eddie Micallef පැවසීය.

Pedestrians cross a busy intersection in

Pedestrians cross a busy intersection in central Sydney on September 18, 2009. Source: AFP

ඔස්ට්‍රේලියාවේ කතා කිරීමේ නිදහස පිළිබඳ සිදු කෙරුණු විමර්ශනයට එක් එක් පුද්ගලයන්ගෙන් සහ සංවිධාන වලින් ලැබුණු අදහස් 135ක් මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

Racial Discrimination Act හෙවත් වාර්ගික වෙනස්කම් පිළිබඳ නීති කෙටුම්පතේ 18C වගන්තිය වෙනස් කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව එම අදහස් වලින් පෙනී යන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක ආගමික සහ ප්‍රජා කණ්ඩායම් 83ක් සහභාගී කරවාගනිමින් The Ethnic Communities Council of Victoria ආයතනය ද ඒකාබද්ධ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කර තිබේ. මේ සඳහා මුස්ලිම්, ක්‍රිස්තියානි, අප්‍රිකානු, සික් සහ යුදෙව් යන ආගමික සහ ප්‍රජා කණ්ඩායම්ද ඇතුළත් බව පැවසේ.

18C වගන්තියෙහි බලය අඩු කිරීම නිසා මෑතකදී පැමිණුනු සංක්‍රමණිකයින් වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බව The Ethnic Communities Council of Victoria හි සභාපති Eddie Micallef පැවසීය.

වර්ගවාදයට අත් වැල් සපයන පිරිසට මෙමගින් ධෛර්ය දීමක් සිදු කරන බවද ඔහු SBS සේවයට පැවසීය.

එමෙන්ම මෙතෙක් කලක් අප විසින් ඔස්ට්‍රේලියාව තුළ නිර්මාණය කරමින් පැමිණුනු සමාජ සංහිඳියාව හා බැඳීම මෙමගින් නැති වන බවද ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ පැමිණිලි හැසිරවීමේ පටිපාටිය සංශෝධනය විය යුතුදැයි ද මෙම අදහස් විමසීමේදී විමර්ශනය කර තිබේ.

Executive Council of Australian Jewry විසින් සැපයූ අදහසට අනුව එහි යම් යම් සංශෝධන සිදු කළ යුතු බව පැවසේ.

නමුත් 18C හි ප්‍රධාන කොටස් එලෙසින්ම පැවතිය යුතු බව එහි සභාපති Peter Wertheim පැවසීය.

18C මගින් ඔස්ට්‍රේලියාවේ වර්ගවාදයට ඉඩකඩ අහුරමින් සමතුලිත සමාජයක් ගොඩ නැගීමට වේදිකාවක් සපයන බව ද Wertheim ප්‍රකාශ කළේය.

නමුත් 18C දැන් යල් පැන ගොස් ඇති බව අනෙක් පිරිස් පවසයි.

සාමන්‍ය නීතියේ නිදහස මෙමගින් උල්ලංඝනය වන බවට මුස්ලිම් විරෝධී සුළු දේශපාලන පක්ෂ සහ Australian Liberty Alliance තර්ක කරයි.

එමෙන්ම මානව හිම්කම් වල විශ්වීය අයිතියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු “විරුද්ධ වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය” මෙමගින් උල්ලංඝනය වන බවද ඔවුන් පෙන්වා දෙයි.

වර්ග වාදයට සම්බන්ධ වෙනස්කම් සිදු කිරීමට එරෙහිව රැකවරණ සැලසීම සඳහා තවත් නීති රාමු තිබෙන බවද Australian Liberty Alliance හි Ralf Schumann, SBS සේවයට පැවසීය.

මේ අතර වර්තමානයේ පවතින නාමකරණය ව්‍යාකූල බව වර්ධනය කරන බව Media Entertainment සහ  කලා එකමුතුවන් පවසයි.

"insult" සහ "offend" යන වචන, "vilify" යන වදනින් ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ සිතා බලන ලෙස ද ඔවුන් පවසා සිටියි.

මේ සඳහා පාර්ලිමේන්තු විමර්ශනයකද පැවැත්විය යුතු බව අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කර තිබේ.

මීට සමානම ක්‍රියාවක් මීට වසර දෙකකට පෙර හිටපු අගමැති Tony Abbott විසින්ද සිදු කරන්නට යෙදුනි.

මේ අතර විවිධවූ ප්‍රජා කණ්ඩායම් වල සහයෝගය මේ හේතුවෙන් ලිබරල් සන්ධාන රජයට අහිමිව යන බවක් දක්නට ඇතැයි ඇතැම් සංක්‍රමණික කණ්ඩායම් පවසයි.

මේ හේතුවෙන් ලිබරල් සන්ධාන රජයට ඇතැම් ආසන අහිමිවීමක් සිදුවිය හැකි බව Chinese Australian Forum හි සභාපති Kenrick Cheah පැවසීය.

විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ  Reid, Bennelong, Banks යන බල ප්‍රදේශවල විවිධ වර්ග වල ජන කොටස් වාසය කරන බවත් ඔවුන් වර්ග වාදයට අකැමැති බවත් Cheah පෙන්වා දෙයි.

------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------------------------------------------------------

Share
Published 29 December 2016 10:54pm
Updated 12 August 2022 4:04pm
By Madhura Seneviratne, Sacha Payne
Source: SBS News


Share this with family and friends