ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දිරිය දියණියක් සාම්ප්‍රදාය වෙනස් කරයි. (SBS සිංහල/වාර්තා)

22 හැවිරිදි නිලූ මේ වන විට තම Forklift තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇත්තේ Down syndrome රෝගයෙන් පෙළෙන අතරතුරේදීය.

Forklift licence an opportunity for Sri Lankan migrant with Down syndrome

Source: SBS

Forklift ධාවනය කිරීමේ සාම්ප්‍රදායිකත්වය බිඳ හෙළමින් ශ්‍රී ලාංකික දියණියක් වන බ්‍රිස්බන් නුවර වෙසෙන නිලූ පලිපාන මේ දිනවල ඔස්ට්‍රේලියාව තුළ වඩාත් කතා බහට ලක්වී ඇත.

22 හැවිරිදි නිලූ මේ වන විට තම Forklift තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇත්තේ Down syndrome රෝගයෙන් පෙළෙන අතරතුරේදීය.

ඇගේ රියදුරු බලපත්‍රය ඇය හට ස්වාධීන භාවයක් ලබා දී ඇති අතර forklift මෙන්ම මෝටර් රථද පැදවීමට ඇය කැමති බව SBS මාධ්‍ය ආයතනයට ඇය පැවසුවාය.

බ්‍රිස්බන් නුවර Makeables නමැති භාණ්ඩ ගබඩාවේ සේවය කරන ඇය එහි forklift රියදුරකු ලෙස කටයුතු කරමින් සිටියි.

ඇගේ මෙම ක්‍රියාව පිළිබඳ තමන් හට පළමුව විශ්වාසයක් නොතිබූ බව ඇගේ පියා පැවසීය.

රියදුරු බලපත්‍රය ගත් පසු සේවා ස්ථානයේ forklift ධාවනය කරන අයුරු දැක “මටත් forklift රියදුරෙක් වීමට අවශ්‍යයයි.” යනුවෙන් ඇය ඔහුට පැවසු බව ඇගේ පියා වන නිහාල් පලිපාන මහතා SBS සේවයට පැවසීය.

එම කතාව තමන්ව පුදුම කරවූ බවත් එවෙලෙහි එය අනුමත කිරීමට තමන් කිසිසේත්ම සූදානමක් නොතිබූ බවත් ඔහු වැඩ දුරටත් පැවසීය.

ඇය හට disability support pension හෙවත් ආබධිත වූවන් සඳහාවූ විශ්‍රාම වැටුප ලබා ගත නොහැකි බවද දැනගන්නට ලැබිණි. ඊට හේතුව වී ඇත්තේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පෙර සිටම ඇය Down syndrome රෝගී තත්ත්වයෙන් පෙළීමය.

Makeables ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ Multicap නැමැති ආබාධිත වූවන් සඳහා සේවා සපයන ආයතනය විසිනි. ඒ අනුව ඔවුන් නිලුගේ සිහිනය සැබෑ කරගැනීමට උපකාර කළේය.

“ආබාධිත පුද්ගලයෙකුට forklift බලපත්‍රයක් ලබාගැනීමට සහය වීම ඇත්තෙන්ම අසාමාන්‍ය කටයුත්තක්. ඊටත් වඩා කාන්තාවකට. ඒවගේම ඔවුන් වෙනත් පසුබිමකින් පැමිණ සිටීම තවත් බැරෑරුම් කාර්යයක්.” Multicap ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Joanne Jessop පැවසුවාය.

Forklift රියදුරෙකු බවට පත්වීම යනු ස්වාධීනව ජීවත්වීමට මග සැලසීමක් වන අතර බොහෝ සේවකයන් forklift පැදවීම සඳහා බලපත්‍ර ලබාගැනීමට මේ නිසා උනන්දුවෙන් සිටින බවත් ඇය පැවසුවාය.

මෙය නිලූ ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බවත් මේ හේතුවෙන් ඇයට අවශ්‍යනම් තම සේවා පරිසරය වෙනස් කරගැනීමට හැකි බවත් Joanne Jessop පැවසුවාය.

නිලූ මේ වන විට න්‍යායාත්මක පුහුණුව අවසන් කර නියත අවශ්‍යතාවක් වන නිරීක්ෂකයකු යටතේ පැය 100 ක forklift ධාවනය ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණ කරමින් සිටියි.

මෙය ඇගේ දෛනික වැඩකටයුතු වල විශාල වෙනසක් සිදු කළ අතර ඇය ස්ථාවර ප්‍රගතියක් අත් කරගනිමින් සිටියි.

ඇය ඉතා වේගයෙන් ඉගෙන ගන්නා බවත් තවත් මාස 6කින් ඇය හොඳ මට්ටමකට පැමිණෙනු ඇති බවත් Makeables  ආයතනයේ ඇගේ සේවා සහයක Deepak Raniga පැවසීය.

ඇයට විශ්වාසය තිබෙනවා නම් ඇයට අවශ්‍ය ඕනෑම තැනක යා හැකි බවද Deepak පැවසීය.

ඇගේ පියා ඇය පිළිබඳ මහත් ආඩම්බරයෙන් යුතුව සිටියි.

“ඇය අපේ දියණියයි. අපි ඇය පිළිබඳ හුඟාක් ආඩම්බර වෙනවා. අපි කිසිම දිනෙක බලාපොරොත්තු නොවූ දේවල් ඇය කරලා තියෙනවා.” ඇගේ පියා වන නිහාල් පලිපාන මහතා SBS සේවයට පැවසීය.

ශ්‍රී ලංකාවේ සිට නිලූගේ පවුල ප්‍රථමයෙන් නවසීලන්තයටත් පසුව 2005 වසරේදී නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවටත් සංක්‍රමණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටියානම් නිලූගේ ජීවිතය මේ ලෙස වෙනස් වේයැයි තමන්ට සිතීමට අපහසු බවත් මෙහිදී නිලුගේ ජීවිතය වෙනස් වූ බවත් පලිපාන මහතා වැඩි දුරටත් පැවසීය.

තමන් සහ තම භාර්යාව නොමැති දිනෙක නිලූගේ අනාගතය පිළිබඳ දැන් පලිපාන මහතා දුක් වන්නේ නොමැති බවද පවසයි.

නිලූ මේ වන විට මුදල් ඉතිරි කිරීම ආරම්භ කර ඇති බවත් ඇය පූර්ණ කාලීනව රියදුරු අසුනේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් දැනගන්නට ලැබිණි.

“මම දැන් ස්වාධීනයි කියල මට හිතෙනවා. මම ඉන්නේ සතුටින්. මගේ ජීවතේ ඒ තීරණේ වෙනස් කළා. මට අලුත්ම මෝටර් රථයක් ගන්න අවශ්‍යයි වැඩට යන්න.” නිලූ අවසානයේ පැවසුවාය.

------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------------------------------------------------------


 


Share
Published 28 December 2016 5:34pm
Updated 12 August 2022 4:04pm
By Stefan Armbruster, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends