අඩු වියදම් ගුවන් ගමනක් යාමට සුදුසුම කාලය කුමක්ද? (SBS සිංහල/වාර්තා)

පාසල් නිවාඩු සමය ආරම්භයේ සහ අවසානයේදී මෙන්ම නත්තල, පාස්කු වැනි නිවාඩු කාල වලදී ජාත්‍යන්තර ගුවන් ගමන් වල ආසන ඉහළ පිරිවැයක් ගනී.

Almost 27,000 Australian citizens and residents are currently unable to get back home.

Almost 27,000 Australian citizens and residents are currently unable to get back home. Source: AFP

ඔබ ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට යාමට ගුවන් ගමනක් සැලසුම් කිරීමේදී ගුවන් ටිකට් පතෙහි මිල පිළිබඳ අනිවාර්යෙන්ම සැළකිලිමත් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

අද වන විට ගුවන් මගීන් තමාට සරිලන ගුවන් සේවයක් තෝරාගැනීමේදී පෙරදාට වඩා විකල්ප රාශියක් තිබේ.

නමුත් සාමන්‍යයෙන් ගුවන් ගමනක් යොදා ගැනීමේදී ඔබට ටිකට් පතෙහි මිල අඩු කරගත හැකි තවත් ක්‍රමයක් පිළිබඳ ඔබ අසා තිබෙනවාද?

මෙම ලිපිය හරහා ඔබට ඒ තොරතුරු දැනගත හැකිවේ.

අඩු වියදම් ගුවන් ගමනක යෙදීමට සුදුසු කාලය කුමක්ද?

දේශීය හෙවත් ගෘහස්ත (domestic) ගුවන් ගමන් වලදී සතියේ දින වල අළුයම් කාලය සහ සවස් කාලය සාමාන්‍ය ගුවන් ගමන් වලට යොදා නොගන්නා මෙන් ප්‍රසිද්ධ කියමනක් ඇත.

මන්ද එම කාලයන් තුළ ව්‍යාපාරිකයින් බහුල වශයෙන් තම ව්‍යාපාරික කටයුතු උදෙසා දේශීය ගුවන් ගමන් වල යෙදෙන බැවිනි.

එනිසාම එම ගුවන් ගමන් වල ආසන සාපේක්ෂව ඉහළ පිරිවැයක් ගනියි.

මීට අමතරව සංචාරකයින් හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ සහ ඉරිදා රාත්‍රියේද දේශීය ගුවන් ගමන් වල ආසන සාපේක්ෂව ඉහළ පිරිවැයක් ගනියි.

“ඔබේ කාලය නම්‍යශීලීනම් ඔබට සතියේ ඕනෑම දිනෙක මැද භාගයේ ගමන් කිරීමෙන් වියදම අඩු කරගත හැකිවේ. නමුත් සැමවිටම සති අන්තයේ පටන් ගැනීම සහ අවසානය මග හැරීමට මතක තබා ගන්න.” Flight Centre විවේක සංචාරයන්හි සාමාන්‍යධිකාරී Tom Walley පවසයි.

පාසල් නිවාඩු සමය ආරම්භයේ සහ අවසානයේදී මෙන්ම නත්තල, පාස්කු වැනි නිවාඩු කාල වලදී ජාත්‍යන්තර ගුවන් ගමන් වල ආසන ඉහළ පිරිවැයක් ගනී.

උතුරු අර්ධ ගෝලයේ නිවාඩු සමයන්හි දීද ජාත්‍යන්තර ගුවන් සේවා වල ආසන ඉහළ පිරිවැයක් ගනී.

එනිසාම සැම විටම නම්‍යශීලී වී තමන්ගේ ගුවන් ගමන පෙරාතුව වෙන් කරවාගන්න.

අවසානය වන තුරු බලා සිටීමෙන් ඔබට ඉහළ මුදලක් ගෙවා ආසන වෙන්කරවා ගැනීමට සිදු වන බව Tom Walley පෙන්වා දෙයි.
Travelling
Airline passengers make their way through Melbourne Airport in Melbourne, Wednesday, Aug. 2014. Source: AAP

Budget ගුවන් සේවාවන් සැමවිටම හොඳම විසඳුම් නොදෙයි.

Budget ගුවන් සේවා හෙවත් අඩු වියදම් ගුවන් සේවා පසුගිය දශක දෙක ඇතුළත ලෝකයේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

මෙනිසාම ලොව බොහෝ පුද්ගලයින් හට විදෙස් සංචාරයන්හි නිරත වීමට ඉඩ සැලසුණි.

Budget ගුවන් සේවා වල බොහෝ විට මිල ප්‍රකාශ කරනුයේ ආසනයට පමණක් වීම නිසා එය සෑමවිටම ආකර්ෂණීය වේ.

ඒ අනුව ගුවන් මගියා අනෙක් සාමාන්‍ය ගුවන් සේවාවන් හි මිල ගණන් සමග මෙහි මිල සංසන්දනය කර Budget ගුවන් සේවාවන්හි මිල ඉතා අඩු බව සිතයි.

නමුත් ආසන වෙන් කිරීම, ආහාර පාන, ගමන් මළු පහසුකම් වැනි විවිධාකාරයේ අංග පසුව එකිනෙක එකතු වන විට ඉහත සිතූ විශාල ලාභය කෙමෙන් කෙමෙන් පහත බසියි.

මීට අමතරව බොහෝ විට ඔබට සිදු වන්නේ ආසන පේළි අතර පරතරය අඩු ආසන වල ගමන් කිරීමටය.



Share
Published 14 June 2017 12:13am
Updated 14 June 2017 12:17am
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends