ඕස්ට්‍රේලියාව තුල දියවැඩියාව සහ හදවත් රෝග වැඩි වීමට සීනි අඩංගු බීම වර්ග ප්‍රධාන හේතුවක් බව වාර්තාවක් පෙන්වා දෙයි (SBS සිංහල / වාර්තා )

Soft drinks on supermarket shelving in London

A sugar tax on soft drinks risks fuelling illegal trade into the UK, suppliers claim. (AAP) Source: Press Association

ලොව අනෙක් රටවලට සාපේක්ෂව ඕස්ට්‍රේලියානු වෙළද පොලේ ඇති  බීම වර්ග වල අඩංගු ග්ලුකෝස් ප්‍රමාණය වැඩි නිසා එය හදවත් රෝග වලට  සහ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සදහා අහිතකර ලෙස බලපානු ඇති බව වාර්තාවක් පෙන්වා දී තිබේ. මෙම තත්වය හේතුවෙන් හදවත් රෝග වලට ගොදුරු වන සංඛ්‍යාවේ සහ දෙවැනි කාණ්ඩයේ  දියවැඩිය රෝගයට ගොදුරු වන සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බව මෙම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දීට ඇති කරුණක්.

ඕස්ට්‍රේලියානු Medical ජර්නලය මගින් පෙන්වා දී ඇති ආකාරයට, ඕස්ට්‍රේලියානු වෙළද පොලේ ඇති සමහරක් ජනප්‍රිය බීම  වර්ග වල අඩංගු ග්ලුකෝස් ප්‍රමාණය , ඇමරිකානු වෙළද පොලේ ඇති එම බීම  වර්ග වලට වඩා සියයට 22කින් වැඩි බව සදහන්.

ඉතා අධික වශයෙන් බීම  වර්ග පානය කරන ඕස්ට්‍රේලියානුවන්ට මෙම වාර්තාවේ තොරතුරු අදාල වන බවත්, නිරන්තරයෙන් මෙම බිම වර්ග පානය කිරීමෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වීමේ දැඩි අවධානමක් ඇති බවත් Baker Heart and Diabetes ආයතනයේ මහාචාර්ය Bronwyn Kingwell පවසනවා.

ඕස්ට්‍රේලියාව  තුල වර්ධනය වන ස්ථුල භාවය පාලනය සදහා සීනි  අඩංගු බීම  වර්ග සදහා අමතර බද්දක් පනවන ලෙස සෞඛ්‍ය සංවිධාන කීපයක් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීම් කර තිබේ. Australian Medical Association, the Royal Australian College of General Practitioners සහ  Consumers Health Forum යන සංවිධාන මේ අවධානම් තත්වය රජයට පෙන්වා දී ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියාව  තුල බීම  වර්ග වලට පැණි රස එක්  කිරීමේදී sucrose යොදාගන්නා  අතර ඇමරිකා එක්සත් ජනපදයේ , high-fructose corn syrup  යොදාගෙන බීම  වර්ග වලට පැණි රස එක්  කරනු ලබයි. high-fructose corn syrup  මගින්ද අක්මාවේ මේද තැන්පත්වීම වැනි අහිතකර ප්‍රතිවිපාක ගෙන දුන්නද, ග්ලුකෝස් මගින් පැණි රස එක් කල බීම  මගින් ඊට වැඩ වැඩි අහිතකර ප්‍රතිවිපාක අත් කර දිය හැකි බව, මහාචාර්ය Bronwyn Kingwell පවසනවා. මහාචාර්ය Bronwyn Kingwell පවසන ආකාරයට ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් පිරිමින්ගෙන් සියයට 39ක්ද කාන්තාවන්ගෙන් සියයට 29ක්ද සීනි  අඩංගු බීම  වර්ග නිරන්තරයෙන් පරිභෝජනය කරන බව සදහන්. හදවත් රෝග සහ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව  ඕස්ට්‍රේලියාව  තුල සැලකිය යුතු ලෙස වැඩි වෙමින් පවතින නිසා මේ පිළිබද හැකි ඉක්මනින් අවධානය යොමු කල යුතු බව වැදගත් බව මහාචාර්ය Bronwyn Kingwell පෙන්වා දෙනවා.

තවද  Obesity Policy Coalition පෙන්වා දෙන ආකාරයට සීනි  අඩංගු බීම වර්ග මත සියයට 20ක් බදු පැනවීමෙන්, වසරකට ජිවිත 1600 පමණ ආරක්ෂා කරගත හැකි වනු ඇති බවත් ස්ථුල භාවය මැඩලීම සදහා වූ වැඩසටහන් සදහා ඩොලර් මිලියන 400ක් පමණ උපයා ගත හැකි වනු ඇති බවත් සදහන්.

කෙසේ වෙතත් සීනි  අඩංගු බීම  වර්ග සදහා බද්දක් පැනවීමට ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක බීම  නිෂ්පාදන සමාගම් විරෝධය පළකර තිබේ.


Share
Published 6 June 2017 4:28am
Updated 6 June 2017 4:31am
By Sanjaya Dissanayake


Share this with family and friends